මේ වනවිට රට තුළ පැතිර යන කොරෝනා වයිරසය ලංකාව තුළ සම්පූර්ණයෙන්ම මැඩපවත්වන කාලවකවානුව පිළිබදව බොහෝ ක්ෂේත්‍රවල විශාල සංවාදයක් මතුව තිබේ.
ඊට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තරය තුළ බොහෝ වසංගත රෝග තවමත් සක්‍රිය මට්ටමේ පැවතියදී ලංකාව ඉන් බොහොමයක් සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වූ රටක් ලෙස ලොව තුළ විශාල කීර්තියක් දිනා සිටීමය.
උදාහරණයන් ලෙස ලංකාව 2015දී මැලේරියා වසංගතයෙන්ද, 2016දී බරවා රෝගයෙන්ද, 2018දී රුබෙල්ලාවලින්ද, 2019දී සරම්ප සහ මවගෙන් දරුවාට එච්.අයි.වී. රෝගය බෝවීම සම්පූර්ණයෙන්ම වැළැක්වූ රටක් ලෙස ප්‍රකටය.
ඒ අනුව දැන් සියලු දෙනාම බලා සිටින්නේ කොරෝනා වයිරසය ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කොට එම වාර්තාව තමන් සතු කරගන්නේ කෙදිනකද යන්න දෙසය.











