• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස්ක් දාගෙන සියලු පක්ෂ නායකයෝ අරලිය ගහ මැදුරේ: ගත් තීන්දු ‌සියල්ල මෙන්න

March 24, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
මාස්ක් දාගෙන සියලු පක්ෂ නායකයෝ අරලිය ගහ මැදුරේ: ගත් තීන්දු ‌සියල්ල මෙන්න
Share on WhatsAppShare on Facebook

රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක කෝවිඞ් 19 වෛරසය (කොරෝනා) ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙළට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින් ගේ සහය ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළැඹියේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ප්‍රධානතව්යෙන් අද (24) අරලිය ගහ මන්දිරයේ පැවැති හමුවේදීය.

මෙහිදී දැකගන්නට ලැබුණු සුවිශේෂම සිදුවීම වූයේ අගමැතිවරයා ඇතුලු සියලුම ‌ෙදෙනාම පාහේ මුඛ ආවරණ පැළද සාකච්ජාවට සම්බන්ධ වී සිටීමය.

එම හමුවේදී පක්ෂ නායකයින්ගෙන් ඉදිරිපත් වුනු අදහස් සළකා බලා අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළැඹිණි.
ඒ අනුව ඉදිරියේදී පක්ෂ නායකයින් හමුවෙමින්, කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් යෝජනා ලබා ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
කොරෝනා මර්දනයට රජය ගෙන යන ක්‍රියාමාර්ග අගය කළ පක්ෂ නායක‌ෙයෝ ඉදිරියේදී කොවි්ඞ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය දක්වන බව ද පැවසූහ.
පක්ෂ නායක රැස්වීම ආරම්භයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළේය.

වෛරස තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට සිදුවන හානිය සම්බන්ධවත් මෙහදීි සාකච්ඡාවට ලක්වූ අතර ඉදිරියේදී ආර්ථික හානිය අවම කර ගැනීම පිළිබදවත් පක්ෂ නායකයින් සාකච්ඡා කළහ.
අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් දැනට රජය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙසත් තේ කර්මාන්තයට අදාලව තේ දළු නෙලීම, කර්මාන්ත ශාලා පවත්වා ගෙන යාම මෙන්ම තොග වෙළෙඳ සැල් විවෘත කිරීම මගින් ජනතාවට සහන දැක්වීම සම්බන්ධවවත් සාකච්ඡාවට ලක්විය.
එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ සතොස හා සමුපකාරය මඟින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සලසා ඇති අතර ඉදිරියේදී එම යාන්ත්‍රණය තව දුරටත් විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
කොරෝනා ව්‍යසනය පාලනය කිරීමට අදාල ක්‍රියාමාර්ග ගන්නා අතරේ රටේ ආර්ථිකට සිදුවූ හානිය කෙරෙහිත් මේ වන විට සිය අවධානය යොමු කර ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද කොරෝනා වෛරසය මර්ධනය කිරීමට රජය ගෙන යන සෞඛ්‍ය වැඩපිළීවෙල අගය කරමින් සඳහන් කලේ එම වැඩපිීළවෙල තව දුරටත් ඉදිරියට ගෙන යා යුතුව ඇති බවත් ජනතාව ඒකරාශී වීම වැළැක්වීමට ඇදිරි නිතිය තවදුරටත් ක්‍රියාත්මක කරන අතරේ අත්‍යාවශ්‍ය නොවන රජයේ සේවකයින්ගේ නිවාඩු තව දුරටත් දීර්ඝ කරන ලෙස තමන් යෝජනා කරන බවයි.
හිටපු කතානායක කරූ ජයසූරිය මහතාද රජයේ වැඩපිළීවෙල අගයමින් ආර්ථීකයට වන හානිය අවම කරගනිමින් පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුකම් පුලුල් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඇදිරි නීතිය සමයේ ධීවරයින්ගේ මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය හා ප්‍රවාහනය සඳහා අවසර නොදීම හේතුවෙන් පැන නැග ඇති තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී පක්ෂ නායකයින් පෙන්වා දුන් අතර අග්‍රාමාත්‍යවරයා ඒ අවස්ථාවේදීම නියෝජ්‍ය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙමින් සියලු පොලසි් ස්ථාන දැනුම්වත් කරමින් ගැටලු විසදිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මේ අවස්ථාවේදී පක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම නැවත පාර්ලිමේන්තුව රැස්කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ නමුත් බහුතරයේ අදහස වූයේ පාර්ලිමේන්තුව ජනතාවට ආදර්ශය සපයමින් පාර්ලිමේන්තුව රැස්වෙනවා වෙනුවට පක්ෂ නායකයින් සහ නියෝජිතයින් ඇතුළත් වන පරිදි කොරෝනා මර්දනයට ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් දායක වීම වඩාත් සුදුසු බවයි.

මෙම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි, කරු ජයසූරිය, රවුෆ් හකීම්, පී දිගම්බරන්, මහින්ද අමරවීර, මනෝ ගනේෂන්, අතුරලියේ රතන හිමි, ඩග්ලස් දේවානන්ද, සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, සෙන්දිල් තොණ්ඩමන්, එස්. සුමන්දිරන්, රිෂාඞ් බදුර්දින්, විජිත හේරත්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වැඩ බලන පොලිස්පති ඒ. වික්‍රමරත්න, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගි වූහ.

SendShareShare
Previous Post

ලංකාවේ ‌ලෝක වාර්තාවට ‌කොරෝනා කවදා එකතු ‌වෙයිද?

Next Post

නැහැයි කියපු බැසිල් ‌මේ ඉන්නේ… (PHOTOS)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper