නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 168ක් ඊයේ (29) රාත්‍රියේ වාර්තා වීමත් සමග එදින හදුනාගත් මුලු රෝගීන් ප්‍රමාණය 586 දක්වා ඉහළ ගියේය.
ඉන් 53 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින්ද 115 දෙනෙක් ආශ්‍රීතයින් වේ.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 4142ක් වේ.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6313ක් දක්වා ඉහළ ගොස් ඇත.










