මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා කළඹවමින් සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින ව්‍යාජ ජායාරූප කිහිපයක් වේගයෙන් සංසරණය වෙමින් තිබේ.
එම ජායාරූපවල ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ රුවද සහිත සතොස ලාංජනය සහිත කුඩා රථවල බඩු බෙදමින් යන ආකාරයකි.
කෙසේවෙතත් මෙම ජායාරූප මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් පැවතීම නිසා අපද මෙම ජායාරූපවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට පියවර ගත්තෙමු.
එහිදී අපට දැනගන්නට ලැබුණේ මෙම ජායාරූප 2104 වසරේ ඒවා බවත්, එවකට පැවැති රජය ‘රට පෙරට’ වැඩසටහන යටතේ ඩිමෝ රථ 100ක් යොදාගෙන අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ රට පුරා බෙදා හැරි ආකාරය මෙම ජායාරූපවලින් දැක්වෙන බවත්ය.
කිසිවකු විසින් එම පැරණි ජායාරූප මේ අවස්ථාවේ සදාචාර විරෝධී ලෙස භාවිත කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයට සමාජ මාධ්‍ය ජාලාවලට එක් කොට ඇති බවද වාර්තා විය.
ඒ අනුව මෙම ජායාරූප පැරණි ඒවා බවත්, ඒවාට නොරැවටෙන ලෙසත් පාඨකයන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.