කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රට පුරා පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් මේ වනවිට ඇනහිට ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයන් වෙත බෙදා හැරීමේ කටයුත්ත බැසිල් රාජපක්ෂ මහතා වෙත බාරදීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
අදාළ කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා කාර් සාධක බළකායක් පිහිටුවා එය බැසිල් රාජපක්ෂ මහතා වෙත බාරදීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ඇදිරි නීති සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව නිවෙස් වෙතටම ලබා දීමේ වැඩපිළිවෙළක් බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ වනවිට සකස් කරමින් තිබෙන බවද දැනගන්නට තිබේ.