සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලා ආණ්ඩුවත් සමග සිටින රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ට මතුගම සජබ වේදිකාව තහනම් කළ බව මතුගම පැවැති රැලියකදී එහි ආසන සංවිධායක ජතග් විතාන මහතා කීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැලියේදී විතාන මහතා විසින් රාජිතටත් වෙල්ගමටත් ප්‍රබල ප්‍රහාරයක්ද දියත් කළ ආකාරයක් දැකගත හැකි විය.










