ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ප්‍රමාණයක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව ලෙස වාර්තා පොත් අතරට එක්වෙමින් ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද (10) අධිචෝදනා ගොනු කරනු ලැබීය.
නීතිවිරෝධි අන්දමින් ගිනි අවි සහ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීම ඇතුළු අධි චෝදනා 7573 ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ මෙලෙස අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා ඇත.