එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහමැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගී නොවී ‘සූම්’ තාක්ෂණය ඔස්සේ ජනතාව ඇමතීමට කටයුතු කර ඇත.
ඒ අනුව එහි පළමු පියවර අද (28) සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
රටම යා කරන එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල් ප්‍රචාරක වැඩපිළිවෙළ ලෙස මෙය හදුන්වා දී ඇත.
රැස්වීම් මාලාවේ සමාරම්භය අද පස්වරු 04.00 ට ‘සිරිකොත’ එජාප පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරිණ.
ඊට සමගාමිව දිවයිනේ ආසන සියල්ලක්ම අවරණය වන පරදි රැස්වීම 160ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ප්‍රධාන රැස්විම ඩිජිටල් හා සමාජ ජාල මධ්‍ය ඔස්සේ අනිකුත් රැස්විම් 160 සම්බන්ද වනු ඇත.










