ඇමැතිකම් ගෙන ආණ්ඩුවට එකතු වන්නේ නම් ලක්ෂ 2000ක මුදලක් ලබා දිය හැකි බවට ඇතැම් පාර්ශවයන් සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවට සමගි ජන බලවේගයේ නායකයන් මේ වනවිට බරපතළ චෝදනාවක් එල්ල කොට ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද කියා සිටියේ ඇතැම් පාර්ශ්වයන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ලක්ෂ 2000ක් ලබා දිය හැකි බව සදහන් කොට ඇති බවකි.
ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ රට මේ තම් දැවැන්ත ආර්ථික අර්බූදයකට මුහුණ දී සිටියදී ලක්ෂ 2000ක අල්ලස් දෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙසට කතා කළ පාර්ශවයන් රටට හෙළිදරව් කළ යුතු බවය.
ඔවුන්ට මෙපමණ මුදල් කොහෙන්ද, කෙසේ උපයා ගත්තාද යන්න පිළිබදව විමර්ශනයක් කළ යුතු බවද විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම ඔවුන් කතා කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබදවද රටට හෙළිදරව් කළ යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.