ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයකු පවතින නීති කඩකරමින් යාල වනෝද්‍යානය තුළට ඇතුළු වී සිය හිතමිතුරන් සමග විනෝද වී ඇති බව වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට මෙම රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් සති අන්තයේ 36ක පමණ සිය හිතවතුන් පිරිසක් සමග යාල වනෝද්‍යානය තුළය ඇතුලුවීමට උත්සාහ දරා තිබුණද වනජීවී නිලධාරීන් ඊට විරෝධය පළෙකොට ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ පවතින නීතිරීතිවලට අනුව 10 දෙනකුට වඩා වනෝද්‍යානය තුළට ඇතුලු වීමට ඉඩ ලබා දිය නොහැකි බවකි.
එහිදී අමාත්‍යවරයා සිය ඉහළ අමාත්‍යවරයකුට කතා කොට සිය පිරිස සමග වනයට ඇතුලු වීම සදහා අවසර ලබා ගෙන තිබේ.
කෙසේවෙතත් ඊට පසු දිනද බස් රථයකින් පැමිණි අමාත්‍යවරාගේ හිතවතුන් පිරිසක් වනය තුළට ඇතුලු වීමට උත්සාහ දරා ඇතත් වනජීවී නිලධාරීන් ඊටද සිය විරෝධය පළ කොට ඇත.
පසුව අමාත්‍යවරයා මැදිහත් වී එම කණ්ඩායමෙන් සිව් දෙනකු පමණක් වනය තුළට රැගෙන යාමට පියවර ගෙන ඇත.
ඒ අනුව අමාත්‍යවරයා ඇතුලු මෙම කණ්ඩායම වනෝද්‍යානය තුළ රැදී සිටි දින කිහිපය තුළ අලුයම තුන හතර දක්වා බජව් දමමින් සිට ඇති බවද දැනගන්නට තිබේ.