දමිළ ජනතාවට සාධාරණය ඉටු කිරීම, සමානාත්මතාව, සාමය සහ සංහිදියාව වෙනුවෙන් එක්සත් ලංකාවක බලය බෙදා හරිමින් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවට දැනුම් දී තිබේ.
ඉන්දීය අගමැතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ (26) පැවැති ද්විපාර්ශ්වික සාකච්ජාවේදී මෝඩි මේ බව අවධාරණය කර ඇත.
කෙසේවෙතත් අගමැති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනයේ ඒ පිළිබද කිසිදු සදහනක් නොවීම විශේෂ සිදුවීමකි.
13 වන සංශෝධනය අහෝසි කළ යුතු බවට ආණ්ඩුව ඇතුළේම සංවාදයක් මතුව පැවතියදී ඉන්දීය අගමැතිවරයා මෙම කරුණ දැඩිව මතුකරලීමද විශේෂ සිදුවීමකි.