ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාව නගා සිටුවීම සදහා අංග සම්පුර්ණ ක්‍රීඩා ඒකකයක් ගාල්ල ප්‍රදේශයේ පිහිටුවීමට ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ADVERTISEMENT
මේ සදහා රුපියල් මිලියන 800කට අධික මුදලක් වැය කර ඇති බව පැවසේ.
වොලිබෝල් නිවස නමින් නම්කොට ඇති මෙම ක්‍රීඩා ඒකකයට ගෘහස්ත ක්‍රීඩාංගණයක්, පිහිනුම් තටාකයක්, කකායවර්ධන මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා පිටියක්ද ඇතුළත්ය.
වොලිබෝල් සංගමයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලීමකට අනුව මෙම අංග සම්පුර්ණ ක්‍රීඩා ඒකකය ඉදිකර ඇත.