• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමුවේ වළිය ගැන ඇත්ත කියන්නේ ප්‍රසන්නද-දේවානිද?

April 6, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මීගමුවේ වළිය ගැන ඇත්ත කියන්නේ ප්‍රසන්නද-දේවානිද?
Share on WhatsAppShare on Facebook

මීගමුව කලපුවේ රොන්මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් පසුගිය දිනවලදී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

එහිදී දක්නට ලැබුණේ ගම්පහ දිස්ත්‍රික්කකය නියෝජනය කරන ඇමැතිවරුන් කිහිප දෙනෙකු සමඟ ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය උණුසුම් සංවාදයක නිරතවන ආකාරයය.

එම අවස්ථාවට එක්ව සිටි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අප ඇමතුවේ එදින සිදු වූයේ කුමක්දැයි යන්න නියමාකාරයෙන්දැන ගැනීම සඳහාය. එහිදී ප්‍රසන්න රණවීර ඇමැතිවරයා සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන් හේතුවෙන් මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් මතු වී තිබීම එම කතාබහට හේතු වූ බවය.
“මීගමුව කලපුවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියට මිලියන 600ක් පාස් වෙලා තියෙනවා. ඒත් වසර දෙකක් තිස්සේ මේක ඇදෙනවා. කරන්න දෙන්නෙ නෑ. නිලධාරීන්ගේ හිතුවක්කාරී තීරණ තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. අපි එදා ගියේ පුද්ගලයෝ ශුද්ධ කරන්න නෙවෙයි. කලපුව ශුද්ධ කරන්න. මේක අමාත්‍යාංශ දෙකක් අතර ප්‍රශ්නයක්. ඒ හින්දා මේක දිග්ගැස්සෙනවා. මේ නිලධාරීන් හින්දා සංවර්ධනය කරන්න බෑ.” ඇමැතිවරයා අදහස් දැක්වූයේ එසේය.

මේ සම්බන්ධයෙන් අප එදින එම සිදුවීමට මැදි වූ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගෙන්ද කරුණු විමසූ අතර ඇය සඳහන් කළේ ඇතැම් නිලධාරීන් සැබෑ තත්ත්වය පිළිබඳව ඇමැතිවරුන් දැනුවත් නොකිරීම හේතුවෙන් මෙවැනි සිදුවීම් ඇතිවන බවය.

“කලපුවෙන් ඉවත් කරපු පස් කඩොලාන පරිසරයෙන් ඉවත් කරන්න කියලා අධිකරණ නියෝගයක් තියෙනවා. ඒ පස් ඉවත් කළොත් මේ ව්‍යාපෘතියට නිර්දේශ ලබා දෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ඇතැම් නිලධාරීන් සැබෑ තත්ත්වය ගැන ඇමැතිවරුන්ව දැනුවත් කරන්නෙ නෑ. ඒකයි මෙහෙම දේවල් වෙන්නේ. කලපුව ගැන හරි දේ හරියට ඇමැතිවරුන්ට කියනවා නම් මෙහෙම දේවල් වෙන්නෙ නෑ. මෙහෙම වුණාම හරියට වැඩ කරන නිලධාරින්ටත් වැඩ කරන්න බැරි වෙනවා” දේවානි ජයතිලක මහත්මිය අදහස් දැක්වූයේ එසේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා වීමත් සමග පරිසර අමාත්‍යාංශයේ ලේකම් දොස්තර අනිල් ජාසිංහ මහතාද මෙම සිදුවීම සොයා බැලීම සඳහා වගකිවයුතු නිලධාරීන් කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී ජාසිංහ මහතාටද පෙනීගොස් ඇත්තේ එම කළපුවේ පුරවා ඇති පස්වල වැලි ඉවත් කිරීමට හැකි වන්නේ නම් ගැටලුව විසඳාගත හැකි බවකි. එමෙන්ම ධීවර අමාත්‍යාංශය සහ ඊට අදාළ වගකිවයුතු ආයතන මෙම පස් තොගය ඉවත් කිරීමට පියවර නොගැනීම හරහා මෙම අර්බුදය මතුව ඇති බවද ජාසිංහ එහිදී සඳහන් කර සිටියේය.

ඒ අනුව එකක් පැහැදිලිය. ඒ දේවානිලා කරන සටන ඇත්තක් බවය. පරිසරය වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී කරන සටනක් බවය. ඒ නිසා එම සටන වෙනුවෙන් පෙනී සිටීම සියලුම ජනතාවගේ වගකීමය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රටක් වටින ලංකාවේ බුදුපිළිම ලෝකෙට විකුණගෙන කාපු කව්ද මේ සුභාෂ් කපූර්?

Next Post

දවස් 90යි: අලි 85යි: අවුරුදු 10කින් ලංකාවේ අලි ඉවරෙටම ඉවරයි

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.