• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටක් වටින ලංකාවේ බුදුපිළිම ලෝකෙට විකුණගෙන කාපු කව්ද මේ සුභාෂ් කපූර්?

April 6, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
රටක් වටින ලංකාවේ බුදුපිළිම ලෝකෙට විකුණගෙන කාපු කව්ද මේ සුභාෂ් කපූර්?
Share on WhatsAppShare on Facebook

දෙවැනි විමලධර්මසූරිය රජු, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු, ශ්‍රී විජය රාජසිංහ රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු, ශ්‍රී රාජාධි රාජසිංහ රජු, මොකක්ද මේ දිගහැරෙන රාජකීය කතාන්දරය. අපගේ ශ්‍රී ලංකාව සතු විරාජමාන, ප්‍රෞඪ ඉතිහාසයේ එක් යුගයකදී කියැවෙන්නේ මේ මහා රජවරුන්ගේ නම් ලැයිස්තුවය. එම යුගය නම් මහනුවර යුගයට අයත් 18 වැනි ශත වර්ෂයයි. 1707 වසරෙන් ඇරැඹෙන දින රාජවංශයට අයත් එම රාජ පෙළපත 1778 වසරේදී අවසන් වන්නේ නායක්කර වංශයෙනි. එහෙත් නායක්කාර වංශයකටම අයත් සිංහලේ අන්තිම රජු වන්නේද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වන අතර, ඔහුගේ රාජ්‍ය කාලය අයත් වන්නේ (1798 සිට 1815) 19 වැනි ශත වර්ෂයටය. එනම් 18 වැනි ශත වර්ෂයේදී මෙරට පාලනය කර ඇත්තේ රජවරුන් 05 දෙනකු විසින් වන අතර, මෙම ඉහත සඳහන් කළේ එම රජවරුන්ය. ශ්‍රී ලංකාවේ රජසමය දිවයන්නේ වසර දහස් ගණනක ඉතිහාසයක් දක්වාය. එනම් එය දේවානම් පියතිස්ස රජ සමය කරා දිවෙන්නකි. එතැන් සිට සිංහලේ අවසාන රජු දක්වාම මෙම රජවරුන් අපගේ රට දැයට, ජාතියට සහ ආගමට සිදුකළ මෙහෙවර අනන්තය. එම කතාන්දර බොහොමයක්ම රන් අකුරින් අපගේ උදාර ඉතිහාසයේ ලියැවී තිබෙයි. මා ඉහත ලියා තැබූ නුවර යුගයේ වසර 100ක කාලයක් (සියවසක්) පුරා මහත් මෙහෙවරක් ඉටුකළ රජවරුන් 5 දෙනකු විසින් බුදුදහම තකා ඉටුකළ මෙහෙයද අසීමිතය. වෙහෙර විහාර ඉදිකිරීම මෙන්ම පිළිම නිර්මාණයද සිදුකරමින් ඔවුන් අතිශය ආගමික මෙන්ම කලාත්මක, සංස්කෘතික මෙහෙවරක්ද ඉටු කළේය.

අද ඔබට ලියන්නට යන මෙම වසර 300කට වඩා ඉපැරැණි රාජකීය කතාන්දරයේ වගතුග මෙතැනට වැදගත් වන්නේ කෙසේද? එනම් මෙතැනදී දිගහැරෙන 18 වැනි සියවසේ කතාව කුමක්ද? මෙයට දින කිහිපයකට ඉහතදී මෙම අපූරු කතාන්දරය ඇසුණේ ඇමෙරිකාවෙනි. එනම් මෙයට ටික කලකට පෙරදී ශ්‍රී ලංකාවෙන් සොරකම් කරගෙන ගිය 18 වැනි සියවසට අයත් ඉපැරැණි, අතිශය වටිනා බුද්ධ ප්‍රතිමා දෙකක් නැවැත සොයාගත් ආකාරයක්, එම ප්‍රතිමා නැවැත ශ්‍රී ලංකාවට හිමිකර දීමේ වගතුගක් මෙයින් කියැවිණි. මෙය සත්‍ය ලෙසම ශ්‍රී ලංකාවටත්, ලොවටත් ඉතාමත් සුවිශේෂී පුවතක් විය. 18 වැනි සියවස යැයි හඳුන්වනු ලබන කාලය වන්නේ, 1700 සිට 1800 වසර දක්වා ගතවන කාලවකවානුවයි. මෙම අපූරු කතාන්දරය පසුගියදා ඇසුණේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට අයත් මෑන්හැටන් නගරයෙනි. නිව්යෝර්ක් ප්‍රධාන නගරයට ආසන්නයෙන් මෙම මෑන්හැටන් නගරය පිහිටා තිබෙයි. මෑන්හැටන්හි දිස්ත්‍රික් නීතිපතිවරයාගේ කාර්යාලයට අනුබද්ධිතව මෙම ක්‍රියාවලිය සිදුවිණි. එනම් එම කාර්යාලය මගින් මෑත කාලයක සිට සිදුකෙරෙන සුවිශේෂී විමර්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුකෙරිණි. මෙම පුළුල් විමර්ශනය නම් ආසියාතික රටවල සිට මංකොල්ල කනලද අතිශය වටිනා ඉපැරැණි පුරාවස්තු පසුව ඇමෙරිකාවට රැගෙන ඒම සොයා බැලීමේ මෙහෙයුමයි. මෙය දැනට වසර කිහිපයක සිට සිදුකෙරෙන ඉතාම සංකීර්ණ, පරීක්‍ෂණ ක්‍රියාවලියක් වෙයි.

එම මෙහෙයුම ගැන තිබෙන වගතුග බොහෝ වන අතර, ඊට පෙර පසුගියදා ඇති වූ සිදුවීම ගැන සොයා බලමු. එනම් මෙම විමර්ශනය හරහා පසුගිය කාලයේදී එවැනි වටිනා පුරාවස්තු රැසක් ඇමෙරිකානු අපරාධ සහ නීති විමර්ශන අංශ විසින් සොයාගෙන ඇති අතර, මෙම වටිනා පුරාවස්තු අතර ශ්‍රී ලංකාවට අයත් අතිශය ඉපැරැණි කෞතුක වස්තූන් දෙකක්ද විය. එලෙස සොයාගෙන ඇත්තේ 18 වැනි සියවසට අයත් මිලකළ නොහැකි වටිනාකමකින් යුක්ත බුදුන් වහන්සේගේ අභය මුද්‍රාව සහිත බ්‍රහ්ම ප්‍රතිමා දෙකකි. එක් බුද්ධ ප්‍රතිමාවක් ලෝහමය රන් ආලේපිත ප්‍රතිමාවක් වන අතර, අනෙක් ප්‍රතිමාව ලෝහමය ප්‍රතිමාවකි. මෙම අතිශය වටිනා ශ්‍රී ලාංකික කෞතුක වස්තූන් දෙක පසුගිය සතියේ ඇමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට බාරදෙන ලදී. මෑන්හැටන් නගරයේ දිස්ත්‍රික් නීතිපති සයිරස් වෑන්ස් මහතා විසින් මෙම බුද්ධ ප්‍රතිමා දෙක ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මොහාන් පීරිස් මහතා වෙත උත්සවයක් පවත්වමින් නිල වශයෙන් බාර දුන්නේය. ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී මෙම උත්සවය පවත්වන ලද අතර, එම අවස්ථාවට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ ඇමෙරිකානු ස්වදේශ ආරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙක්ද සහභාගි වූහ.

මෙම අවස්ථාවේදී මෑන්හැටන් දිස්ත්‍රික්කයේ නීතිපති සයිරස් වෑන්ස් මහතා ප්‍රකාශ කළේ, මෙම අතිශය වටිනා, එමෙන්ම අතිශය අලංකාර බුද්ධ ප්‍රතිමා දෙක ශ්‍රී ලාංකික ජනතාව සතු වටිනා කෞතුක භාණ්ඩ හෙයින්, එය ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන බැව්ය. තමන් යටතේ ඇති නීති දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව තිබෙන පුරාවස්තු ජාවාරම් විමර්ශන සහ මෙහෙයුම් අංශය මගින් මෙම වටිනා පුරාවස්තු සොයාගත් බවත්, ඉදිරියේදීත් දිගටම මෙවැනි මෙහෙයුම් සිදුකරන බවත් දිස්ත්‍රික් නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත. ආසියානු රටවල්වලින් සොරාගනු ලබන මෙම වටිනා පුරාවස්තු විවිධ රහසිගත ක්‍රම හරහා ඇමෙරිකාවට ගෙන එනු ලැබුවේ එක්තරා ප්‍රබල, සංවිධානාත්මක කල්ලියක් මගින් බවත්, එහි ප්‍රධානියා වන්නේ සුභාෂ් කපූර් නමැති පුද්ගලයකු බවත්, නීතිපති සයිරස් වෑන්ස් මහතා අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාවට පමණක් නොව මෙලෙස සොයාගන්නා අනෙකුත් විවිධ රටවලට අයත් පුරාවස්තුද එම අදාළ රටවලට නැවැත ලබා දීමටද මේ වන විට කටයුතු කර ඇතැයි, නීතිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. මෙවැනි වටිනා ශ්‍රී ලාංකික පුරාවස්තු සොයාගෙන නැවැත ශ්‍රී ලංකාවට බාර දීම ගැන ශ්‍රී ලංකා තානාපති මොහාන් පීරිස් මහතා නීතිපති දෙපාර්තමේන්තුවට ස්තුති කළේය.

අප දැන් මොහොතක් නැවතී බලමු. මෙම පුරාවස්තු කතාන්දරය නිකම්ම කියවා අල්ලා ඉවත දැමිය හැකි එකක් නොවේ. මෙය ඉතාමත්ම බැරෑරුම්, සංකීර්ණ වගතුගකි. එනම් ඉහත උත්සව අවස්ථාවේදී ප්‍රකාශයට පත්වුණු සුභාෂ් කපූර් නමැති පුද්ගලයා කවුද? අපගේ රටේ පවා අතිශය වටිනා පුරාවස්තු සොරකම් කරගෙන ගොස් විදේශයන්ට විකිණූ ඔහු කවුද? මෙම කතාව සැබෑ ලෙසම චිත්‍රපට කතාවක්ද පරයන එකකි. ඉන්දියානු ජාතිකයකු සහ ඇමෙරිකානු ජාතිකයකුද වන සුභාෂ් කපූර් යනු අන්තර්ජාතික පුරාවස්තු කොල්ලකරුවකු සහ ජාවාරම්කරුවකු වෙයි. ඔහු උපත ලද්දේ ඉන්දියාවේ වන අතර, පසුකාලයකදී ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වූයේය. ඔහු කාලයක් පුරා තම රැකියාව ලෙස සිදුකරන්නේ කලාගාරයක් පවත්වාගෙන යෑමය. ඉන්දියාවේදීත් එම කටයුතු සිදුකළ ඔහු පසුකාලයකදී ඇමෙරිකාවේ මෑන්හැටන් නගරයේදී කලාගාරයක් පවත්වාගෙන ගියේය. අති සුවිශාල කාර්යබහුල නිව්යෝර්ක් නගරය ආසන්න ප්‍රදේශයක මෑන්හැටන් නගරයද පිහිටීම නිසා එම නගරයද ඉතාමත් කාර්යබහුල ස්ථානයක් විය. මොහුගේ මෙම කලාගාරය සාමාන්‍ය මට්ටමකින් බොහෝ ඔබ්බට ගිය එකක් විය.

එනම් මෙම කලාගාරයෙහි ප්‍රදර්ශනයට තබා තිබුණු සහ විකිණීමට තබා තිබුණු කලා කෘතීන් ඉතාමත්ම සුවිශේෂී මට්ටමේ ඒවා විය. ඒවා අතර බහුතරයක් වූයේ ඉපැරැණි පුරාවස්තු නොහොත් කෞතුක භාණ්ඩය. එසේත් නැතිනම් ඉපැරැණි චිත්‍ර කළ කෘතීන්ය. වසර ගණනාවක් පුරා පවත්වාගෙන ගිය මෙම කලාගාරයේ ඇති බොහෝ ඉපැරැණි පුරාවස්තු, කෙලෙස එම ස්ථානයට ලැබුණේ දැයි කිසිවකුගේ අවධානයට යොමු නොවීය. මේ ගැන යම් පාර්ශ්වයක් විමසූ විට සුභාෂ් කපූර් පවසා සිටින්නේ තමන් මෙම ඉපැරැණි කලා කෘතීන් නීතිමය ක්‍රමවේදයක් හරහා විවිධ රටවල්වලින් ලබාගන්නා බැව්ය. මේ තත්ත්වය කාලයක් පුරා ගතවූ අතර, මෙයට වසර 15කට පමණ පෙරදී සුභාෂ් කපූර්ගේ මෙම අපූරු රැකියාව කෙරෙහි උකුසු ඇස් එල්ලවන්නට විය. මුලින්ම තමන්ගේ උපන් රට වන ඉන්දියාවෙන් සහ ජීවත්ව සිටින රට වන ඇමෙරිකාවෙන්ද මෙම සෝදිසි කිරීම් සිදුවන්නට ගත්තේය. සුභාෂ් කපූර්ගේ සැබෑ නිරුවත හෙළිවන්නට ගත්තේ එතැන් සිටය. එනම් කපූර් යනු කලාගාරයක් පවත්වාගෙන යන්නකු පමණක් නොව, ඔහු ලෝකයේ ප්‍රබල පෙළේ පුරාවස්තු කොල්ලකරුවකු සහ ජාවාරම්කරුවකු බැව් ආරක්‍ෂක අංශවලට අනාවරණය විය. එසේම ඔහු දරුණු පුරාවස්තු කොල්ල කල්ලියක නායකයකු බවටද අනාවරණය විය.

තවද සුභාෂ් කපූර් ලෝකයේ තවත් සිටින පුරාවස්තු කෙල්ල කල්ලි සමග ප්‍රබල ලෙස ගනුදෙනු පවත්වන බවටද කරුණු අනාවරණය විය. එහිදී හෙළිවුණු අපූරුතම කරුණ වූයේ ඔහු ශ්‍රී ලංකාවේ සිටින පුරාවස්තු ජාවාරම්කරුවන්ද සමග සම්බන්ධකම් පැවැත්වූ බැව්ය. ඔහු අතිශය ප්‍රබල ලෙස මෙම ජාවාරමට සම්බන්ධව ඇත්තේ, තමන්ගේ මව්රට වන ඉන්දියාවේ පුරාවස්තු කොල්ලකරුවන් සහ ජාවාරම්කරුවන් සමගය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව පාකිස්තානය, තායිලන්තය, ඇෆ්ගනිස්තානය, කාම්බෝජය, නේපාලය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල්වල ජාවාරම්කරුවන් සමගද කපූර් ඉතාමත් සමීප සම්බන්ධකම් පවත්වා ඇතැයි කරුණු හෙළිවිය. ආසියාවට අයත් මෙම රටවල් සියල්ලෙහිම හින්දු සහ බෞද්ධ ආගමවලට අදාළ අතිශය ඉපැරැණි පුරාවස්තු රාශියක් තිබීම මෙයට හේතු විය. මේවා සැබෑ ලෙසම මිලකළ නොහැකි මට්ටමේ වටිනා කෞතුක භාණ්ඩ විය. කෙසේ හෝ මෙවැනි වටපිටාවකදී සුභාෂ් කපූර් පසුගිය වසර 25කට අධික කාලයක් මෙලෙස ජාත්‍යන්තර පුරාවස්තු ජාවාරමෙහි නිරත විය. ඔහු එම කටයුතු සිදුකළේ අතිශය සූක්‍ෂ්ම අයුරිනි.

මෙලෙස වසර 15කට පමණ පෙර සිට වසර 5ක පමණ කාලයක් පුරා නොකඩවා ඔහු ගැන විමර්ශන ලෝකයේ රටවල් කිහිපයකදීම සිදුකෙරිණි. එහෙත් එම අවස්ථාවලදී ඔහු බොහෝ සූක්‍ෂ්ම ලෙස නීතියේ රැැහැනෙන් මිදී යෑමට කටයුතු කළේය. ආසියාවේ ඉපැරැණි සංස්කෘතිය ඇති රටවල්වලින් ඔහු අවස්ථා දහස් ගණනකදී පුරාවස්තු කොල්ලකෑවේය. එහෙත් ඔහු මෙම වටිනා පුරාවස්තු බටහිර රටවලට ගෙන ගියේ ඉතාමත්ම තාත්ත්වික ක්‍රමවේදයක් හරහාය. එයට ප්‍රධානතම වාසිය වූයේ ඔහු ප්‍රකට කලාගාරයක අයිතිකරුවකු වීමය. ඒ හෙයින් ඔහුට විවිධ රටවලින් විවිධ කලා භාණ්ඩ රැගෙන යෑමේ අවස්ථාව උදාවී තිබිණි. එහෙත් ඉපැරැණි පුරාවස්තු කිසිවිටෙකවත් රැගෙන යෑමට ඔහුට අයිතියක් නොවීය. ඒ හෙයින් ඔහු එයට විවිධ ක්‍රමවේදයන් අනුගමනය කළේය. එනම් ප්‍රධානතම ක්‍රමය වූයේ කොල්ලකන ලද පුරාවස්තුවලට ව්‍යාජ නිල ලියැකියැවිලි සකසා ගැනීමය. කෞතුක වස්තුවල නිසි කාලවකවානු ව්‍යාජ ලෙස පෙන්වමින් මෙම ලේඛන ඔහු සකසා ගන්නේ ඒ ඒ රටවල්වල ආයතන බලධාරීන්ට පවා විශාල අල්ලස් මුදල් ගෙවීමෙනි.
ආසියාවේ බොහෝ රටවල්වල මෙවැනි බලධාරීන් මුදලට ගිජු හෙයින් ඔවුන් විශාල මුදල් ප්‍රමාණයන් කපූර්ගෙන් ලබාගෙන එම කටයුතු සිදුකර ඇත. ඒ අනුව කපූර් වසර ගණනාවක් පුරාම මිලකළ නොහැකි කෞතුක වස්තු රැසක් ඇමෙරිකාව ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකටම අධික මිල ගණන්වලට විකුණා ඇත. එසේම සමහර කෙනකු වස්තු ඇමෙරිකාවට රැගෙනවිත් තම කලාගාරයේ ප්‍රදර්ශනයට තබා පසුව විවිධ ධනවත් පුද්ගලයන්ට විකුණා ඇත. මෙම බහුතරයක් පුරාවස්තුවල කාලය ඉතා අඩුවෙන් පෙන්නුම් කළත්, එම පුරාවස්තුවල සැබෑ කාලය ඉතාමත් ඉපැරැණිය. එහෙත් මෙම විෂය නිසියාකාරව දන්නා බටහිර ධනකුවේරයන් සුභාෂ් කපූර්ගෙන් ඉතා අධික මිලකට එම පුරාවස්තු මිලදී ගෙන තමන්ගේ සුරැකුම් වශයෙන් තබා ගනියි. මෙම සමහර පිරිස් තමන්ගේ ධන වත්කම්වලින් කරන්නට දෙයක් නැතිව සිටින මහා ධනකුවේරයන්ය. ඔවුහු බොහෝ විට මෙවැනි වටිනා කෞතුක වස්තූන් මිලදී ගෙන තමන්ගේ සුපිරි මන්දිරවල තැන්පත් කර ගනිති. එසේම විනෝදාංශයක් වශයෙන් පුරාවස්තු එකතු කරන මහා ධනකුවේරයන්ද සිටියි. මෙවැනි පිරිස් නිසා සුභාෂ් කපූර්ද මහා ධනවතකු බවට පත්විය. කපූර්ගේ පුරාවස්තු ඔහු විවිධ කෞතුකාගාරවලටද විකුණා ඇත.

කෙසේ හෝ සුභාෂ් කපූර්ගේ ශ්‍රී ලංකාවේ භූමිකාවද බොහෝ බැරෑරුම්, සංකීර්ණ එකක් වන්නට ඇතිය. මෙයට දින කිහිපයකට ඉහතදී නැවැත ශ්‍රී ලංකාවට බාර දුන් 18 වැනි සියවසට නොහොත් මහනුවර යුගයට අයත් බුද්ධ ප්‍රතිමා දෙක කපූර් විසින් මෑත කාලයකදී ශ්‍රී ලංකාවෙන් වංචනික අයුරින් රැගෙන ගිය වටිනා කෞතුක වස්තූන් දෙකක් වශයෙන් හෙළිවී ඇත. ඔහු මෙම ප්‍රතිමා දෙක ශ්‍රී ලංකාවේ සිටින පුරාවස්තු ජාවාරම්කරුවන්ගෙන් අධික මුදලක් ගෙවා ලබා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. අභය මුද්‍රාව සහිත මෙම ප්‍රතිමා දෙක හිටිපිළිම වන අතර, උසින් අඟල් 14ක් පමණ වෙයි. එක් ප්‍රතිමාවක් ලෝහයෙන් නිමවා රන් ආලේපිත අතර, අනෙක තනිකර ලෝහයෙන් නිමවා ඇත. වසර 300ක් ඉපැරැණි මෙම ප්‍රතිමා දෙකෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 66,000ක් පමණ (රුපියල් ලක්‍ෂ 132ක්) වනු ඇතැයි ඇමෙරිකානු නීති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ මෙම ප්‍රතිමා දෙක මේ වන විට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තැන්පත් කර ඇති අතර, ඉදිරි දිනයකදී දිවයිනට ගෙන එනු ඇතිය.

කෙසේ හෝ මෙතෙක් මෙම බුද්ධ ප්‍රතිමා දෙක ගැන ශ්‍රී ලංකාව තුළ පරීක්‍ෂණයක් ආරම්භ වී නොමැත. මෙම ප්‍රතිමා ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසුව මෙම සිද්ධිය පිළිබඳව පුරාවිiා සහ ආරක්‍ෂක අංශ මගින් පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතය. මෙම ප්‍රතිමා පමණක් නොව පසුගිය කාලයේ සුභාෂ් කපූර්ගේ සංවිධානාත්මක කල්ලිය මගින් ශ්‍රී ලංකාවේ පුරාවිiා අපරාධකරුවන්ගේ සහායද ඇතිව විවිධ වටිනා කෞතුක වස්තු දහස් ගණනක් මෙරටින් බටහිර රටවලට ගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. මෙම තත්ත්වයට ඉතා පැහැදිලි සාක්‍ෂියක් වන්නේ පසුගිය දශක 2ක පමණ (වසර 20ක) කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ පුරාවස්තු කොල්ලකෑම් ඉතාමත්ම සීග්‍රයෙන් වැඩිවීමය. මෙම පුරාවස්තු කොල්ලයන් සමහරක් ශ්‍රී ලාංකික ආරක්‍ෂක අංශ මගින් අල්ලා ගත්තද, බහුතරයක් එම සොරකම් වැළකී ගියේය. අප රටේ පැරැණි වෙහෙර විහාරස්ථාන රැසක තිබුණු අතිශය මිලකළ නොහැකි පුරාවස්තු රැසක්ම පසුගිය සමයේදී අතුරුදන් වූ අතර, ඒවා මේ වන විටත් සොයා ගැනීමට හැකිවී නොමැත.

1940 වසරේ ශ්‍රී ලංකා පුරාවිiා ආඥා පනතට අනුව ‘පුරාවස්තු’ යනු 1815 මාර්තු මස 02 වැනිදාට පෙර (එනම් උඩරට ගිවිසුම අස්සන් තැබූ දිනට පෙර) නිර්මාණය කරන ලද බවට විශ්වාස කෙරෙන කිසියම් වූ යම් ලෙස රැගෙන යා හැකි වස්තුවක් හෝ යම් ගොඩනැඟිල්ලක් හෝ සංස්කෘතික අමාත්‍යවරයා විසින් ගැසට් මගින් නිවේදනය කොට ප්‍රකාශ කරන ලද වසර 100කට වඩා පැරැණි ස්මාරකයක් හෝ ලෙස සැලකිය හැකිය. මේ අනුව බලන විට පසුගියදා මෙරටට ඇමෙරිකාව විසින් ලබාදුන් බුද්ධ ප්‍රතිමා දෙක වසර 300කට වඩා පැරැණි අතර, එම නිර්මාණ සැබෑ පුරාවස්තු ලෙස සැලකිය හැකිය. එසේම එය වංචනික ලෙස මෙරටින් පිටමන් කරන ලද පුරාවස්තු දෙකක්ද වෙයි. කෙසේ හෝ මෙම සොරකම් සිදුකරනු ලැබූ ජාත්‍යන්තර පුරාවස්තු කොල්ලකරු සහ ජාවාරම්කරු වන සුභාෂ් කපූර් මේ වන විට ලොව විවිධ රටවලින් කොල්ලකන ලද පුරාවස්තුවල වටිනාකම ඩොලර් මිලියන 175කට අධික යැයි බටහිර ආරක්‍ෂක අංශ ප්‍රකාශ කර සිටියි. මෙම මහා අන්තර්ජාතික අපරාධකරු 2011 වසරේදී ජර්මනියේදී අත්අඩංගුවට ගෙන, 2012දී ඉන්දියාවට පිටුවහල් කළේය. පසුව ඉන්දියානු මහාධිකරණයේ නඩු පවරා සිරගෙට නියම කළේය. දැනට 72 වැනි වියෙහි පසුවන ඔහු තවද ඉන්දියාවේ සිරබත් කමින් සිටියි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඔප්පු 20,000කට ජනපති අස්සන් තියයි

Next Post

මීගමුවේ වළිය ගැන ඇත්ත කියන්නේ ප්‍රසන්නද-දේවානිද?

MORE NEWS

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Load More
දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අවසන් වතාවට වතිකානුවට ගොස් සුළු මොහොතකට ලියෝ පාප්වහන්සේ මුණගැසී සාකච්ඡා කළ ආකාරයත්, එහිදී කාදිනල් හිමියන් තමන්ට...

Read more
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.