• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවස් 90යි: අලි 85යි: අවුරුදු 10කින් ලංකාවේ අලි ඉවරෙටම ඉවරයි

April 7, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
දවස් 90යි: අලි 85යි: අවුරුදු 10කින් ලංකාවේ අලි ඉවරෙටම ඉවරයි
Share on WhatsAppShare on Facebook

අවස්ථා කිහිපයකදී විවිධ අංශවලින් ලෝකයේ අංක එකට පත් වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. ඒ බොහොමයක් හරහා අපේ රටට අත්වී ඇත්තේ කීර්තියකට වඩා කැලලකි. ලොව අලි මරණ වැඩිම ගණනක් වාර්තා වන රට බවට පසුගියදා ශ්‍රී ලංකාව පත් වූයේ ඒ අතරට තවත් එකක් එකතු කරමිනි.

මේ වන විට වාර්තා වී ඇති පරිදි පසුගිය දින 90 තුළ සිදුව ඇති අලි මරණ ගණන 85කි. වාර්තා වූ ගණන එපමණ වුවද, වාර්තා නොවූ තවත් අලි මරණ කිහිපයක්ද ඒ අතරට එකතු විය හැක. අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදුවූ මෙම මරණ බොහොමයක් ස්වභාවික ඒවා නොව අකාලයේ සිදුවූ ඒවා වීම මෙහි ඇති බරපතළ කාරණයය.

ශ්‍රී ලංකාවේ අලි මරණ සිදුවන හේතු රාශියක් ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ අනවසරයෙන් අදින ලද විදුලි වැට හේතුවෙන් සිදු වන අලි මරණයන්ය. ඊට අමතරව වගා ළිංවලට වැටීම, හක්කපටස් තැබීම, වෙඩි තැබීම මෙන්ම දුම්රියේ ගැටීම වැනි හේතු කාරණා මතද අලි මරණ සිදු වේ.

මේ සටහන ලියැවෙන මොහොත වන විට මෙරටින් වාර්තා වී තිබූ අවසන් අලි මරණ දෙක සිදුව තිබුණේ පසුගිය මැදින් පුන් පොහෝ දිනයේදීය. ඒ අතරින් එකක් වෙඩි තැබීම හේතුවෙන් සිදුවූවක් බවද වාර්තා වී තිබිණි. ලොව අවිහිංසාවාදීම ආගම ලෙස සැලකෙන බෞද්ධ දර්ශනය අදහන රටක් මේ තත්ත්වයට පත්වීම සැබවින්ම ඛේදවාචකයකි.

අලි මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ සිදුවන මරණ ගණන 270කට ආසන්නය. නමුත් පසුගිය වසරේදී එම ගණන 407 දක්වා ඉහළ ගොස් ඇති බවට පසුගියදා කෝප් කමිටුවේදී හෙළිදරව් විය. එමෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් 2019 වසරේදී අහිමි වූ මිනිස් ජීවිත ගණන 122ක් බවද එහිදී තහවුරු විය. ඒ හේතුවෙන් ලොව වැඩිම අලි මරණ සිදුවන රට බවට පමණක් නොව අලි මිනිස් ගැටුම හේතුවෙන් වැඩිම මිනිස් ජීවිත අහිමිවන රටවල් අතර දෙවැනි තැනටද ශ්‍රී ලංකාව පත් වී ඇත.

අකාලයේ මිය ගිය අලි ඇතුන්ට යළි පණ දීමේ හැකියාවක් කිසිවෙකුට නැති නමුත් අනාගත අලි පරපුර රැක ගැනීම සඳහා දැන්වත් කටයුතු කිරීම සෑම දෙනාගේම වගකීම විය යුතු බව අපේ අදහසය. එසේ නොමැති වුවහොත් තව වැඩි කාලයක් යෑමට මත්තෙන් අලි ඇතුන් යනු වඳවී ගිය සත්ව කොට්ඨාසයක් බවට පත්වීම කිසිවෙකුට නොවැලැක්විය හැකි වනු ඇත.

අප මේ සම්බන්ධයෙන් පරිසරවේදියෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන මිලින්ද වත්තේගෙදර මහතාගෙන් කරුණු විමසීමට අදහස් කළේ ඒ මහතා වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳව බොහෝ විමර්ශන සිදුකර ඇති නිසාය. අප කළ විමසීමට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවෙ අලි මිනිස් ගැටුම පාලනය කළ නොහැකි වීමට ප්‍රධාන හේතුව දේශපාලන මැදිහත් වීම බවය.

“මේ අලි මිනිස් ගැටුම ආරම්භ වුණේ මහවැලි ව්‍යාපාරය හින්දා. එහි ශක්‍යතා වාර්තා අනුව යෝජනා කරපු විදියට වැඩ කටයුතු සිදු වුණේ නැහැ. එහිදී වසර ගණනාවක් පැවැති අලිමංකඩ ආශ්‍රිතව තමයි ජනතාව පදිංචි කළේ. එදා ඉඳන් හිඟන්නාගේ තුවාලේ වගේ මේක වර්ධනය වුණා. සෘජු දේශපාලන මැදිහත් වීම් හින්දා මේක මැඩපවත්වන්න කටයුතු කරන්න වනජීවී නිලධාරීන්ට බැරි වෙලා තියෙනවා.”

එලෙස පැවසූ වත්තේගෙදර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අලි මිනිස් ගැටුම හේතුවෙන් මෙලෙස මියයන්නේ අලි පරපුරේ අනාගත උරුමකරුවන් වන බවය.

“මේ අලි මිනිස් ගැටුමට මැදිවෙලා මිය යන්නේ තරුණ ජවසම්පන්න පිරිමි ඇතුන්. මොකද ගැහැනු අලි විතරයි තම මව සමඟ රංචුවේ දිගටම රැඳිලා ඉන්නේ. පිරිමි අලි වැඩිවියට පත් වෙද්දි රංචුව අත්හැරලා යන්න යනවා. එවැනි පිරිම අලි ඇතුන්ට පෝෂ්‍යදායී ආහාර අවශ්‍ය වෙනවා. ඒ හේතුවෙන් තමයි උන් ගම් වදින්නේ. එහෙම ගම්වදින අලි බොහෝ විට තනිව ඉන්නත් හේතුව ඒකයි. අතීත ගම්වැසියෝ බොහෝ විට එක හේනක් වගා කළේ අවුරුද්දට එක සැරයයි. ඒ ඉඩම්වල දෙවැනිවරට වැවෙන බෝග අයිති වුණේ අලි ඇතුන් ඇතුළු වන සතුන්ට. ඒත් වර්තමානයේ ඒ තත්ත්වය වෙනස් වෙලා. ගොවීන් කන්න දෙකම වවනවා. ඒ හින්දා අලි ඇතුන්ට කන්න දෙයක් නැහැ. උන් ගම් වදිනවා. ගැටුම් ඇති වෙනවා. අපි එකක් හොඳින් දැන ගන්න ඕනෑ. මේ ජාතික උද්‍යානවල ඉන්න අලින්ට වැඩිය ගම් ආශ්‍රිතව ජීවත් වෙන අලි තමයි අප රැක ගත යුත්තේ. මොකද උන් තමයි ඒ පරපුර ඉදිරියට ගෙන යන්න ඉන්නේ.”

ඒ වත්තේගෙදර මහතාගේ අදහස්ය.

මේ ආකාරයෙන් කටයුතු සිදු වුවහොත් ශ්‍රී ලංකාවේ අලි පරපුර වඳවී යෑමේ තර්ජනයක් එල්ල වී ඇතැදැයි යන කරුණ සම්බන්ධයෙන්ද අප ඒ මහතාගෙන් කරුණු විමසූවෙමු. ඒ සම්බන්ධයෙන් වත්තේගෙදර මහතා සඳහන් කළේ දිගින් දිගටම මේ ආකාරයෙන් අලි ඇතුන් මියගිය හොත් තවත් වසර 10ක් යෑමට මත්තෙන් ඔවුන් මෙරටින් තුරන් වී යා හැකි බවය.

“අලිඇතුන් සම්බන්ධයෙන් ඉතාම බරපතළ අනතුරක් තියෙනවා. විශේෂයෙන් ඇතුන් සම්බන්ධයෙන්. අලි පරපුරේ 5%ක පමණයි ඇත් ජාන දකින්න ලැබෙන්නේ. ශ්‍රී ලංකාවේ එම ඇත්ජාන බහුල ප්‍රදේශ සැලකෙන්නේ කලාවැව සහ ගල්ගමුව ප්‍රදේශ. නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවෙන් වැඩිම අලි මරණ වාර්තා වෙන්නෙත් ඒ ප්‍රදේශවලින්. ඒ කියන්නේ ඇත් ජාන සහිත පරපුර දිනෙන් දින විනාශ වෙනවා කියන එකයි. අද වෙද්දි ඇතුන් 200කට ආසන්න පිරිසක් විතරයි ලංකාවේ ඉතිරි වෙලා ඉන්නේ. මේ විදියට ගියොත් ඒ සීමිත කාණ්ඩයත් ඉක්මනටම විනාශ වේවි. ඇතුන් විතරක් නෙවෙයි මේ යන විදියට දිගටම ගියොත් තව අවුරුදු 10ක් විතර යද්දි ලංකාවේ අලි පරපුරත් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒක නවත්වන්න බැහැ.”

පරිසරවේදී මිලින්ද වත්තේගෙදර මහතා අදහස් දැක්වූයේ එසේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට අලි වැට සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයෙකු පත් කිරීමට වර්තමාන රජය කටයුතු කර ඇත. නමුත් තත්ත්වය දිනෙන් දින වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නැත. මීට සති කිහිපයකට පෙර රටම හඬවමින් රේවත නැමැති දැවැන්ත හස්තියා අකාලයේ මිය ගියේද මෙවැනි අනවසර විදුලි වැටක් හේතුවෙනි. අලින්ගෙන් වගා ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකෙරෙන අලිවැට සඳහා අවශ්‍ය විද්‍යූත් පරිපථ ඕනෑතරම් අලිමිනිස් ගැටුමට මැදිව ඇති ප්‍රදේශවලින් මිලදී ගත හැක. රේවතගේ මරණයට හේතු වී ඇත්තේද එවැනි පරිපථයක් යොදා සකස් කළ අනවසර විදුලි වැටකි. අනෙක් අලි ඇතුන්ගේ ජීවිතද එවැනි වැටවල් හේතුවෙන් දැඩි තර්ජනයකට ලක්ව තිබුණද ඒ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ගන්නා බවක් දක්නට නැත. අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ගත යුතු දීර්ඝකාලීන ක්‍රියාමාර්ග කෙසේ වෙතත් පහසුවෙන් පාලනය කළ හැකි මෙවැනි දේ හෝ නැවැත්වීමට කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ අලි පරපුර තුරන් වී යාම වැළැක්වීමට තවමත් කිසිවෙකුට වුවමනාවක් නොමැති බවය.

අනාගතයේ අපේ පරපුරට මේ දැවැන්ත අලි පරපුර දැක බලා ගැනීමට ඉඩක් තබනවාද, නැද්ද තීරණය කළ යුත්තේ අපමය. තවත් දවසක් හෝ පමාවීමට දැන් අපට කාලයක් නැත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මීගමුවේ වළිය ගැන ඇත්ත කියන්නේ ප්‍රසන්නද-දේවානිද?

Next Post

හම්බන්තොට මන්ත්‍රීට ජනතාවගේ දැඩි විරෝධය: හූ හඬ මැද පිටව යයි (VIDEO)

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.