පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය ඉදිරියේදී සිය කොමිසමට පැවරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පවසයි.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නිමල් ජී. පුංචිහේවා මහතා මේ බව පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ වසරකින් පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කර ඇති බවත් එම කාලය ලබන වසරේ මාර්තු 25 වන දිනෙන් අවසන් වන බවය.
ඒ අනුව, මැතිවරණය පවත්වන දිනය ලබන සැප්තැම්බර් 20 වන දිනෙන් පසු ප්‍රකාශයට පත්කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.