වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා බිත්තර බෙදාහැරීම අත්හිටුවන බව කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.
බිත්තර සඳහා රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ග ගත් බව සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් රට පුරා උග‍්‍ර බිත්තර හිගයක් ඇති වනු ඇතැයිද ඔහු පැවසීය.
රජය විසින් නම් කර ඇති පාලන මිලට බිත්තර අලෙවි කලහොත් තම ව්‍යාපාරය පාඩු ලබන බවද පවසන සභාපතිවරයා ව්‍යාපාරයට අවශ්‍ය සත්ව ආහාර, යෙදවුම් මෙන්ම ප්‍රවාහන ගාස්තු ද එකතුව මීට වඩා වැඩි මුදලක් වැය වන බවද හෙතෙම සඳහන් කරන ලදී.
රජය විසින් සුදු බිත්තරයක් රුපියල් 43ක් හා රතු බිත්තරයක් රුපියල් 45 ක් ලෙස පාලන මිලක් නියම කර තිබුණද වෙළෙපොළේ බිත්තරයක මිල රුපියල් 61කි.