ආණ්ඩුව මාධ්‍ය මර්දනයක් ආරම්භ කොට ඇති බවත්, ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට තහනම් කොට ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා චෝදනා කළේය.
ඒ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා වයිරසය පිටින් දමා ආණ්ඩුව පාර්ලිමේන්තුය මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් කොට ඇති බවකි.
නමුත් කොරෝනා වැළදුණද පාර්ලිමේන්තුවේ ඇතැම් අංශ සහ පොලිසිය තම කටයුතු සාමාන්‍ය අයුරින් පාර්ලිමේන්තුව තුළ පවත්වාගෙන යන බවද ඒ මහතා චෝදනා කළේය.