• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාකදුරේ මධූෂ්ගෙන් පසු ඩුබායි සිට කුඩු පාතාලය මෙහෙයවූ ‘හරක් කටා’ කොටු කර ගත් තිරය පිටුපස මහා මෙහෙයුම! පහුගිය දවස්වල ‌තැන්තැන්වල වෙඩි පත්තු කර විසිගාණක් මරා දැම්මේත් හරක් කටා! හැබැයි ලංකාවට ගේන්න පුලුවන් වෙයිද?

August 14, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
මධූෂ්ගෙන් පසු ඩුබායි සිට පාතාලය මෙහෙයවූ  ‘හරක් කටා’ අල්ලයි! බිරියත් සමග මැලේෂියාවට පනින්න යද්දී මාට්ටු!
Share on WhatsAppShare on Facebook

මෑත ඉතිහාසයේ මෙරට කුඩු පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස වැජඹුනේ මාකදුරේ මධුෂ්ය. ඩුබායි හී රැදී සිටිමින් රටේම පාතාලය සියතට ගෙන වැඩ පෙන්වමින් සිටි මාකදුරේ මධුෂ් අවසානයේදී ඩුබායි පොලීසියට කොටුවන්නේ කුඩු පාතාලයේ ප්‍රබලයින් අතර පැවති අරගලයක ප්‍රතිඵලයක් ලෙසිණි. ඒ සිය දියණියගේ අවුරුද්දේ උපන්දින සාදය ඩුබායි හී තරුපන්තියේ හෝටලයක ජයටම පවත්වමින් සිටියදීය.

එදා මාකදුරේ මධුෂ් සම ඔහුගේ ගෝලබාලයින් රොත්තක්ම ඩුබායි පොලීසියට කොටුවූවෝ අතර සිටියහ. ඊට අමතරව ඒ සාදයට මෙරටින් ආරාධනා ලැබ එහි ගිය කලාකරුවන් කිහිප දෙනෙක්ද වූහ. ඒ අය එකා දෙන්නා මෙරටට පිටුවල්කර එව්වත් මාකදුරේ මධුෂ් අන්තිම මොහොත දක්වාම ගේම ගැසුවේ පිටුවහල් නොවී සිටින්නටය. එය ව්‍යාර්ථ වන්නේ එවකට පැවති මෛත්‍රී ආණ්ඩුව මධුෂ්ව මෙරටට ගෙන්වා ගැනීමට ගැසූ රාජ්‍ය තාන්ත්‍රික ගේම නිසාය.

ඒ අනුව ඩුබායිවලින් පිටුවහල්කළ මධුෂ්ව මෙරටට රැගෙන එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඩුබායි වෙත ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි. ඒ පාස්කු ප්‍රහාරයෙන් රටම ගිනි ගෙන තිබූ මොහොතකය. ඒ රැගෙන පැමිණි මාකදුරේ මධුෂ් අවුරුද්දකට කිට්ටු කාලයක්ම සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. අවසානයේදී ඔහු අමුතුම ආකාරයකට වෙඩි වැදීමකින් මරුමුවට පත්වන්නේ කොළඹ අපරාධ කොට්ඨාශ භාරයට ගැනීමෙන් පසුවය.

මධුෂ්ගේ මරණය සිදුවූ ආකාරය ගැන ඇත්තේ ගැටළු ගොන්නකි. එහෙත් ඔහු මිය යායුතු චරිතයක්බව නම් සැබෑය. කෙසේ වෙතත් මධුෂ්ගේ මරණය අද ජිනීවා දක්වාම ගොස් හමාරය. ඒ නිසාම රටින් පිට රැදී සිටිමින් මෙරට අපරාධ මෙහෙයවන පාතාලයේ ප්‍රබලයන්ට ලැබී ඇත්තේ දැඩි රැකවරණයකි. ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාව මරා දමා ධනංජයටත් ඔහුගේ සහෝදරයාටත් කුරුමානම් අල්ලා රටින් පැන්න ඇල්ටෝ ධර්මේ ඩුබායි පොලීසියට 2020 වසරේදී හසුවූ’පසු මෙරටට භාර නොදුන්නේද ඒ නිසාය. මාකදුරේ මධුෂ්ගෙන් පසු ඔහුගේ තැන ඇල්ලූ නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා ඩුබායි ගුවන් තොටුපොලේදී එරට ආරක්ෂක අංශ විසින් කොටුකර ගන්නේ මෙවන් වටාපිටාවක් තුලදීය.

කුප්‍රකට පාතාල අපරාධකරුවෙක් වන හරක් කටා එසේ ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේ මෙරට මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ජාත්‍යන්තර පොලීසිය සමඟ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිණි. එය මාසයක් පුරාවට දියත් වූවෙකි. ඒ සඳහා හරක් කටාට එරෙහිව මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මාතර අධිකරණයෙන් ලබාගෙන තිබුණු රතු වරෙන්තුවද ඉවල් වී තිබුණේය. එම වරෙන්තුව හරක් කටාට එරෙහිව නිකුත් වන්නේ අවුරුද්දකට ඉස්සරින්ය. ඒ හරක් කටාට චෝදනා එල්ලවී තිබුණු වැලිගම සිදුවූ’මිනිස් ඝාතන නඩුවකටත් මාතර සිදුවූ’මංකොල්ලයකට අදාල නඩුවකටත් පෙනී නොසිටීම මුල්කරගෙනයග එම නඩු දෙක සම්බන්ධයෙන් හරක් කටාට ජාත්‍යන්තර පොලීසිය මගින් ක්‍රියාත්මක කිරීමට රතු වරෙන්තුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන්නේද විවෘත වරෙන්තුවක්ද ඔහුට මුලින් නිකුත් කිරීමෙන් අනතුරුවය.

හරක් කටා කොටුකර ගැනීමට ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් නිකුත් කරන්නේ හරක් කටාගේ නමින් තිබුණු විදෙස් ගමන් බලපත්‍රයේ ඇති තොරතුරු පදනම් කරගෙනය. අඩුම තරමින් හරක් කටාගේ පැහැදිලි ඡායාරූපයක්වත් එම වරෙන්තුව සමඟ ජාත්‍යන්තර පොලීසියට ඉදිරිපත් කිරීමට නොවීය. ඒ නිසාම හරක් කටා ඩුබායි රැදී සිටිමින් ලෝකය පුරාම කුඩු සල්ලි වලින් රවුම් ගසමින් විනෝදයෙන් කාලය ගත කළේය. ඒ අතර ඔහු සිංගප්පූරුව, මලසියාව, සීසෙල්ස්, පකිස්තානය, ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු රටවල් රැසක නිතර දෙවේලේ එහා මෙහා ගියේය. රතු වරෙන්තුවක් තිබියදීත් ඔහුට එසේ නිදහසේ ගුවන්තොටුපොලවල් හරහා රටවල් අතර ගමන් කිරීමට ඉඩක් ලැබෙන්නේ ඔහු භාවිතා කළේ ඔහුගේ නමින් නොවන විදෙස් ගමන් බලපත්‍රයක් වූ නිසාය. මාකදුරේ මධුෂ්ද ඩුබායි පැන්නේත් එරට රැදී සිටියේත් ඔහුගේ මුහුණින් සකස් කළ වෙනත් පුද්ගලයෙකුගේ විදෙස් ගමන් බලපත්‍රයකිනි. අංගොඩ ලොක්කාද ඉන්දියාවේ රැදී සිටියේ ගම්පහ පැත්තේ තරුණයෙකුගේ තොරතුරුවලින් ඔහුගේ මුහුණ යොදා සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකිනි. ඇල්ටෝ ධර්මේ, ගොනාකෝවිලේ අංජු, මාකිංගමුවේ සංජීව ඇතුළු නම ගිය පාතාල අපරාධකරුවෝ බොහොමයක්ම රටින් පළාගොස් රැදී සිටින්නේද ව්‍යාජ නම්වලින් මේ අයුරින් පෙනී සිටිමිනි. මේ නිසා ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් ක්‍රියාත්මක කිරීමට කොතරම් රතු වරෙන්තු නිකුත් කලත් ඵලක් නැත.

මේ තත්ත්වය වටහාගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිය ජාත්‍යන්තර ඔත්තු ජාලය මෙහෙයවමින් සිටියේ හරක් කටා ගැන විශේෂයෙන් කරුණු රැස්කරමිනි. ඒ දැන් අපේරටට මහා පරිමාණයෙන් මත්කුඩු රැගෙන එම ලොකුම ජාවාරම්කරු ලෙස හදුනාගෙන සිටින්නේ හරක් කටා වූ බැවිණි. ගෙවී ගිය වසර දෙකක පමණ කාලය තුළ හරක් කටාගේ මත්කුඩු ජාලයෙන් පමණක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව විසින් කළ වැටලීම් වලදී අල්ලාගත් මත්කුඩු ප්‍රමාණය ටොන් එකකට වැඩිය. වැඩි ප්‍රමාණයක් වැටලෙන්නේ මහා මුහුද මැදදීය. ඇල්ලූ ප්‍රමාණය මෙතරම් නම් ආරක්ෂක අංශ වලට වෙට්ටු දමා ගොඩ බිමට රැගෙන විත් බෙදූ’මත්කුඩු ප්‍රමාණය ඒ හා දෙතුන් ගුණයක් බව පැහැදිලිය.

මෙසේ හරක් කටාගේ මත්කුඩු ජාලය බිඳ දැමීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය දැඩි වෙහෙසක් ගනිමින් සිටියදී හරක් කටා ඩුබායි සිට සිය ගෝලයින් මෙහෙයවමින් වෙඩි පිට වෙඩි තබමින් රටේ ඝාතන රැල්ලක් ඇති කරන්නේ ඔහුට එරෙහිව පොලීසියට තොරතුරු දෙන පුද්ගලයින් මරා දමමිණි. ඒ රැල්ලේ ඇරඹුම සටහන් වන්නේ මැයි 31 වෙනිදා බැස්ටියන් මාවතේ පත්තුවන වෙඩිල්ලත් සමගිනි. එහිදී ඉලක්කය බවට පත්වන්නේ හරක් කටාගේ මත්කුඩු තොඟයක් අල්ලන්නට මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඔත්තුවක් දුන් පුද්ගලයෙකි. හැබැයි ඉලක්කය වැරදීමෙන් වෙඩිල්ල වැදී මරුමුවට පත්වන්නේ කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලෙකි. එම ඝාතනයත් සමඟ බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රීතව ගෙවී ගිය කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් ගණන 26කි. එම වෙඩිතැබීම්වලින් 23 දෙනෙක් මිය ගියේය. ඒ අතර කළු සුදු චරිත බොහෝමයකි. එකී ඝාතන අතරින් 10කට වැඩි ඝාතන ගණනකට වගකිව යුත්තා වූයේ හරක් කටාය. එහිදී ඝාතනය වූ’වැඩිදෙනෙක් හරක් කටාගේ මත්කුඩු ජාලය ගැන තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලබාදුන් ඔත්තුකරුවන්ය. ගල්කිස්ස අධිකරණයේ තැබූ වෙඩිල්ලද එදා මෙහෙයවා තිබුණේ හරක් කටාය. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුමුදු රුක්ෂාන්ට තැබූ වෙඩිල්ල පිටුපස සිටියේද හරක් කටාය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හරක් කටා කෙරෙහි සිය විශේෂ අවධානයක් යොමු කරන්නට වූයේද මේ තත්ත්වය නිසාය. සිය’උපරිම ශක්තිය හරක් කටා කොටුකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය යෙදෙව්වේය. ඉකුත් මාර්තු මාසයේ හරක් කටා මාලදිවයිනේ කළ සංචාරයක් ගැන තොරතුරු මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිණි.
හරක් කටා මාලදිවයිනේ සංචාරයක නිරත වන්නේ පළමු වරට නොව, ඊට පෙර අවස්ථා කිහිපයකදීම මාලදිවයිනට ලොස් තිබුණේය. ඒ සිය බිරිඳ යැයි කියා ගත් තැනැත්තියක් සමගිනි. ඇය කවුරුන්දැයි පැහැදිලි නැතත් බොහෝ විට ඇය ඔහුගේ අනියම් බිරිය වන්නට පුළුවනි. පොලිස් තොරතුරු වලින් කියැවෙන ආකාරයට අනුව හරක් කටාගේ බිරිඳ සිටින්නේ මෙරටය. ඇය පාතාලයේ අපරාධකරුවෙකුගේ බිරිදකි. හර්ෂ යසස් නැමැති එම පාතාල අපරාධකරු 2005 වසරේදී රාජගිරිය ඕබේසේකරපුරදී ඝාතනය වන්නේ සමයංගේ කල්ලියේ සැළසුමකට අනුවය. ඒ බිරියගේ නිවසේ සිටියදීය.

හර්ෂගේ මරණින් පසු ඔහුගේ බිරියට තනිවෙන්නට හරක් කටා ඉඩ දුන්නේ නැත. ඇයව සිය අඹුවකර ගත්තේය. ඒ පාතාලයේ හැටිය. සිය සඟයෙකු මරුමුවට පත්වූ’පසු ඔහුගේ බිරිඳ තවත් අපරාධකරුවෙකු විසින් රැකබලා ගනි. මාකදුරේ මධුෂ්ද සිය බිරිද කරගත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයකින් පසු වෙඩි කා මිය ගිය පාතාල අපරාධකරුවෙකුගේ බිරිඳක්වය.

පොලිස් තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව හරක් කටාගේ එකී බිරිද සිටින්නේ දකුණු පළාතේය. හරක් කටාට දාව ඇයට දරුවන් දෙදෙනෙකි. ඒ දෙදෙනාම ගැහැණු දරුවන්ය. ඒ අය ඉගෙනුම ලබන්නේද ජාත්‍යන්තර පාසලකය. ඔවුන් ඉගෙනුමට දක්ෂ දරුවන් දෙදෙනෙක් බව කියති.

හරක් කටාද පාසල් ගියේ මාතර පිහිටි ජනප්‍රිය පාසලකටය. හරක් කටා මිදිගම ජීවත්වූ’වැදගත් පවුලක දරුවෙකි. ඔහුට වැඩිමහල්ව සිටියේ සහෝදරියක් පමණි. ඇයත් උසස් අධ්‍යාපනය හැදෑරූ තැනැත්තියකි.

හරක් කටාගේ පියා දුම්රිය සහයක රියදුරෙකි. මව රැකියාවක නිරත නොවුවාය. පියාගේ සිහිනය වූයේ හරක් කටා සමාජයේ ඉහළ තැනක වැඡඹෙනු දැකීමය. ඒ පාතාල අපරාධකරුවෙක් ලෙස නොව, රජයේ ඉහළ තනතුරක් දරුණු දැකීමටය. මාතර පැත්තේ ඇති ජනප්‍රියම පාසලකට හරක් කටාව ඇතුළු කරන්නේ ඒ නිසාමය.

හරක් කටා පාසල් යන සමයේ නිහඩ චරිතයකි. අහිංසකයෙකි. සතුන්ට ඔහු ආදරය කළේයග විශේෂයෙන් ඔහුගේ ආදරයට ලක්වූ සත්ත්වයෙක් වූයේ ගවයාය. හරක් කටා වැඩිපුර කියවන චරිතයකි. ඒ ඔහුට තිබුණේ වාචාල කටක් වූ’ බැවිනි. එසේම ඔහු හැම තිස්සේම කටේ යමක් දමාගෙන විකමින් සිටියේය. නදුන් චින්තකට පාසල් සමයේදී මිතුරන් විසින් හරක් කටා යැයි නමක් පට බැදීමට මුල් වන්නේ මෙකී කාරණාය.

හරක් කටා ජීවත්වූයේ ධිවර කර්මාන්තය ව්‍යාප්තව පැවති ප්‍රදේශයකය. සංචාරක ව්‍යාපාරයද ඒ පැත්තේ ජයටම කෙරනු තවත් එක් ව්‍යාපාරයකි. හරක් කටා පාසල් යන කාලයේ සිටම සංචාරක ව්‍යාපාරයට ඇලුම් කළේය. ඒ නිසාම ඔහු සිය පියාගේ සිහිනය බොදකරමින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමෙන් පසු කෙලින්ම බසින්නේ වැල්ලටය. ඒ සංචාරක මඟපෙන්වන්නෙක් ලෙසිණි.

අහිංසක චරිතයක් වූ හරක් කටා පාතාලයට බසින්නේ සංචාරක කර්මාන්තයේ රැදී සිටියදී එල්ලවුණු මැර ප්‍රහාරයක් සමගිනි. ගමේ චණ්ඩී කිහිප දෙනෙකුගේ ප්‍රහාරයට ලක්වන හරක් කටාව ඔවුන් කුණු කානුවකට ද දමා නෑව්වේය. අහිංසකයා අංගුමාලයෙක් බවට පරිවර්ථනීය ආරම්භය සනිටුහන් වන්නේ එම ප්‍රහාරය බව කියති. තමාට පහරදී කුණු කාණුවේ ගිල්වූවන්ගෙන් පළිගන්නට හරක් කටා කිට්ටු වන්නේ මාකදුරේ මධුෂ්ටය. ඒ වන විට මධුෂ්ද නැගී එන පාතාල චරිතයකි. හරක් කටාව මධුෂ් පාවිචිකළේ වැල්ලේ මත්කුඩු බෙදන්නටය. ඒ ග්‍රෑම් එක දෙකය. හැබැයි වැඩි කල් යන්නට මත්තෙන් හරක් කටා වැඩේ අල්ලාගත්තේය. මිදිගම සහ වැලිගම පැත්තේ මත්කුඩු බෙදා හැරීමේ බලය තනි බලය සියතට ගත්තේය. ඒ අතර ගිනි අවි වලින් ඔහු සෙල්ලම්ද පෑවේය.

හරක් කටාගේ බලය සීමා වූයේ මිදිගමට පමණක් නොව. එය අංගොඩ පැත්තට ව්‍යාප්ත වන්නේ අංගොඩ ලොක්කා සමඟ ගොඩනැගෙන සම්බන්ධකම් මුල්කරගෙනය. අංගොඩ ලොක්කාත් මධුෂ්ගේ මිනිහෙකි. අංගොඩ ලොක්කාගේ පාතාල ප්‍රතිවාදියා වූ සමයංව කළුතරදී බන්ධනාගර බස් රථයකට පහරදී මරා දැමීමට වෙඩික්කරුවන් පවා යොදවන්නේ මාකදුරේ මධුෂ්ය. එම ඝාතනයෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පළාගියේයග එහි සිට අංගොඩ ලොක්කාගේ පාතාල කොන්ත්‍රාත් රැසක් ඉටුකරනු ලැබුවේද හරක් කටායග මාකදුරේ මධුෂ් ඩුබායි පොලීසියට කොටුවීමෙන් පසු මධුෂ්ගේ මත්කුඩු ජාලය මෙහෙයවන්නට වූයේ අංගොඩ ලොක්කාය. මධුෂ් මරුමුවට පත්වීමෙන් පසු ඔහුගේ කුඩු ජාලය අංගොඩ ලොක්කා මෙහෙයවන්නට ගත්තේ හරක් කටාත් සමඟ එක්වය. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අනියම් බිරියගේ සැළසුමකට අනුව ඝාතනය වීමත් සමඟ මධුෂ්ගේ මත්කුඩු ජාලයම මෙහෙයැවීමේ තනි බලය හිමිවන්නේ හරක් කටාටය. මධුෂ්ට එහා යමින් හරක් කටා මත්කුඩු ජාලය මෙහයවන්නට ගත්තේ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස පියවරක් ඉදිරියට තබමිනි. මාලදිවයිනට ඔහු යන්නේයැයි සැකකරන්නේ එවන් ගණුදෙනුවකටය.

හරක් කටාට වැඩ වරදින්නේද මාර්තු මාසයේ කළ එම මාලදිවයින් සංචාරයයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ජාත්‍යන්තර තොරතුරු ඒජන්සිවල සහය ඇතිව හරක් කටා ඩුබායි සිට මාලදිවයිනට ආ ගිය විදේස ගමන් බලපත්‍රයේ තොරතුරු සොයා ගත්තේය. එකී’තොරතුරුවලට අනුව හරක් කටා රටවල් අතර සංචාරය කරමින් සිටියේ රොෂන් ඉසංක නමිනි. එම විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරුවලට අනුව ඒ ගැන පොලිස් මත්ද්‍රව්‍ය කාර්ංශය වෙනම විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය. එහිදී හෙළිවන්නේ රොෂාන් ඉසංක නැමැත්තා මිදිගම වැසියෙක් බවය. ඔහු හරක් කටාගේ අසල් වැසියෙකි. හැබැයි දැන් ඔහු ජීවතුන් අතර නැත. මිය ගිය රොෂාන් ඉසංකගේ නමින් හරක් කටා දැන් පෙනී සිටින බව ඒ අනුව පැහැදිලිය විය. මෙයට අවුරුදු දෙක තුනකට පෙර හරක් කටා ඩුබායි බලා පළායන්නේද එම නමින් ඔහුගේ මුහුණ යොදා සකස් කෙරුණු විදෙස් ගමන් බලපත්‍රෙයන් බවද එහිදී අනාවරණය විය.

එසේ ඩුබායි ගිය ඔහු දැන් එරට රැදී සිටින්නේ එරට ආයෝජකයෙක් ලෙසිණි. ඩුබායි හී රැදී සිටින මෙරට කුඩු පාතාලයේ මහඋන් සියළු දෙනාම පාහේ එරට රැදී සිටින්නේ ආයෝජකයන් ලෙසිනි. ඒ කුඩු සල්ලි එහි ආයෝජනය කරමිනි. මාකදුරේ මධුෂ්ට පවා එරට තරු පංතියේ හෝටල් පැවති බව එකල කියැවිණි. හරක් කටා ඩුබායි හී මුදල් ආයෝජනය කර ඇත්තේ කුමන ව්‍යාපාර සඳහාදැයි මෙතෙක් හෙළිවී නැත.

හරක් කටා ඩුබායි සිටියත් ඔහු ආශා කලේ යුරෝපීය රටක ජීවත් වන්නටය. වඩාත් ඔහු ඇළුම් කළේ ප්‍රංශයටය. ඒ නිසා ඔහු ගොනා කෝවිලේ අංජු මෙන් ප්‍රංශයේ ස්ථිර ලෙස රැදී සිටීමට ඒ වන විටත් තිබුණේ ගේමක් ගසාය. ඒ දේශපාලන රැකවරණය ඉල්ලීමට අවශ්‍ය ක්‍රියාවලියට සම්බන්ධ වෙමිනි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයාගත් හරක් කටාගේ අලුත් විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු ජාත්‍යන්තර පොලීසියේ ඔහුට එරෙහිව ඇති රතු වරෙන්තුවට ඇතුලත් කරනුයේ මේ අතර තුරදීය. ඒ බව නොදත් හරක් කටා ඉකුත් 11 වෙනිදා ඩුබායි ගුවන් තොටුපොලට එන්නේ මලයාසියාව බලා ගමන් කිරීමටය. ඒ බිරිඳ යැයි කියැවෙන කාන්තාව ඇතුළු කිහිප දෙනෙක් සමඟිනි. එහෙත් ඔහුට සුපුරුදු ලෙස එවර ඩුබායි ගුවන් තොටින් පිටවයන්නට ඉඩක් නොවීය. ඒ රතු වරෙන්තුව ක්‍රියාත්මක වෙමිනි.

දැන් ඔහු සිටින්නේ ඩුබායි පොලිස් භාරයේය. මෙතෙක් ඔහුගේ අත්අඩංගුවට ගැනීම නිල වශයෙන් මෙරටට දැනුම්දීමක් සිදුවී නැත. ඒ තවමත් ඔහුගේ අත්අඩංගුවට ගැනීම ගැන සිදුවිය යුතු නීතිමය කටයුතු එරට තුළ සිදුවෙමින් පවතින බැවිනි. ඒ අතර ඔහු වෙනුවෙන් නීතීඥ සමාගමක් පෙනී සිට ඇත්තේ කෝටි ගානක මුදලකටය. මාකදුරේ මධුෂ්ටද එවන් නීතීඥ සමාගමක් පෙනී සිටිමින් ඔහුව මෙරටට පිටුවහල් නොකිරීමට දැඩි උත්සහයක්ද ගත්තේය. දැන් හරක් කටා සම්බන්ධයෙන්ද සිදුවන්නේ එවැන්නකි. හැබැයි මාකදුරේ මධුෂ්ව මෙරටට භාරකෙරෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් පසුවය. ඒ රැගෙන පැමිණි මධුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදී නාදුන වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයකින් මරුමුවට පත්වී තිබීම හේතුවෙන් හරක් කටා ඒ වාසිය හරක් කටාට ලැබීමට ඇති ප්‍රතිශතය වැඩිය. ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු පෙන්වා දෙන්නේ හරක් කටාටද එවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇති බවය. මෙවන් තත්ත්වයක් හමුවේ හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීමට ඉදිරියේදී හැකියාවක් ලැබෙනු ඇත්තේ කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කිරීමෙන් පමණි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

ණය ඉහටත් උඩින් යයි! අලුත්ම වාර්තාව පිටවෙයි!

Next Post

එක QR කෝඩ් එකටම වාහන කිහිපයක් ලියාපදිංචි කරන්න දැන් පුලුවන්!

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.