මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 104.6%ක් දක්වා වර්ධනය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ බව අනාවරණය වී ඇත්තේ 2018 – 2022 වර්ෂවලට අදාලව ජාතික විගණන කාර්යාලය සිදු කළ ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ විමර්ශනවලට අදාලවයි.
2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 86.8% ක් වූ රාජ්‍ය ණය ප්‍රතිශතය පසුගිය වසර දෙකක කාලය තුල 17.8%කින් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි මෙම වාර්තාවේ දැක්වේ.