• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද පොහොට්ටුවේ මුස්ලිම් පෙරමුණ හමුවෙයි (PHOTOS)

June 29, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
මහින්ද පොහොට්ටුවේ මුස්ලිම් පෙරමුණ හමුවෙයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මුස්ලිම් ජනතාවගේ ගෞරවය රැකගැනීමට තම රජය සෑමවිටම කටයුතු කළ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (29) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන ‍පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා මෙසේද කීය.

මේ උත්සවයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි. පසුගිය වතාවේ අපිට මුස්ලිම් ජනතාවගෙන් ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. නමුත් අපිට සහයෝගය දෙන පිරිසක් සිටියා. ඒ අයට මොනතරම් බලපෑම් එල්ල වුණත් අපිත් එක්ක කටයුතු කරපු බව අපි අමතක කරන්නේ නැහැ. ඒක ගෞරවයෙන් මතක් කරනවා.

එක කාලයක් අපිට බුරියානි, ඡන්දය අලියට කියලා කතාවක් තිබුණා. දැන් ඒ යුගය ටිකෙන් ටික අඩු වෙමින් තිබෙනවා. අපිට බුරියානිත් ලැබෙනවා. ඡන්දයත් ලැබෙනවා. ඔබේ අපේක්ෂකයින් 8 දෙනෙක් සිටිනවා. ඒ අය ජයග්‍රහණය කරවන්න ඔබේ සම්පූර්ණ කැපවීම අපි බලාපොරොත්තු වෙනවා.

මුස්ලිම් ජනතාව රැක ගන්න, ඔවුන්ගේ ගෞරවය රැකගන්න, කොටින්ගෙන් ජනතාව රැක ගන්න, අපි පියවර ගත්තා. අපි යුද්ධ කළේ ත්‍රස්තවාදය නැති කිරීමට මිස දෙමළ ජනතාව සමඟ නෙවෙයි. ත්‍රස්තවාදයට විරුද්ධවයි අපේ සටන ගෙන ගියේ. එහෙම නැතුව ජාතියකට එරෙහිව අපි සටන් කළේ නැහැ. ඔබට අද නිදහසේ යාපනය, හම්බන්තොට හෝ වේවා ඕන තැනක යන්න නිදහස තියෙනවා. ඒක නිසා ඔබ අප එක්ක එකතු වෙන්න. අපි ගැන සැක ඇති කරගන්න එපා.

පසුගිය කාලයේ ඇතිවූ රටේ වාතාවරණය ඔබ දන්නවා. වසර පහකින් සංවර්ධනය ඇණ හිටිය රටක් යළි සංවර්ධනය කිරීම සියලු ජාතීන්ට එකසේ බලපානවා. මහා මාර්ග ඉදිවුණේ නැහැ. වැව් ඉදි වුණේ නැහැ. ගොවිතැන් කරන්න බැරි වුණා. කිසිම සංවර්ධන කටයුත්තක් රටේ සිද්ධ වුණේ නැහැ. මේකට හේතුව ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා එක පැත්තක සිටීමයි. එහෙම වුණාම අගමැති කියන දේ ජනාධිපති කරන්නේ නැහැ. ජනාධිපති කියන දේ අගමැති කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තමයි රට තුල ඇති වුණේ. ඒ තත්ත්වය නැවත ඇති කරන්න බැහැ.

රටක ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තුව සූදානම් විය යුතුයි. අපි බලයට පත්වෙලා ටික දවසක් යනකොට කොවිඩ් -19 වසංගතය ආවා. එහෙම වෙලාවකත් මුදල් පනත පරාජය කරන්න විපක්ෂය සූදානම් වුණා. එහෙම වුණාම රටේ සංවර්ධනය ඇණ හිටිනවා. ජනාධිපතිවරයාට තිබෙන බලය භාවිතා කර මුදල් ලබා දුන්නා. තවමත් තියෙන්නෙ ඒ තත්ත්වයමයි.

නියමිත දිනට මැතිවරණය පවත්වා ගන්න බැරි වුණා. වසංගතය මර්ධනය කිරීමේ ගෞරවය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමි වෙනවා. ඔහු ගත්ත තීරණ නිසයි වසංගතය පාලනය කර ගන්න පුළුවන් වුණේ. පාසල් වහන්න තීරණය කරනකොට කැබිනට් මණ්ඩලයේ දෙගිඩියාවක් ඇති වුණා. පාසල් වැහුවා. ගුවන් තොටුපොළ වසා දැමුවා. හරි තීරණ අරගෙන හමුදාවට වසංගතය පාලනය කිරීම බාර දුන්නා. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. සෞඛ්‍යය අංශයයි හමුදාවයි සියලු දෙනාම එකතු වුණ නිසයි මේ වෛරසය මර්දනය කර ගන්න පුළුවන් වුණේ.එක පාරක් අදාහනය කරනවාද භූමිදානය කරනවාද කියලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒක අප ගත් තීන්දුවක් නෙවෙයි. විශේෂඥයින් කණ්ඩායමක් ගත්ත තීන්දුවක්. ඕනෑම අතකට එරෙහිව තවත් මතයක් තියෙනවා.

SendShareShare
Previous Post

ගෝඨා දෙවන වරටත් මහබැංකුව කැඳවයි: ETI-THE FINANCE සල්ලි වහා ගෙවන්න කියයි

Next Post

සැකසංකා ඉවරයි: ගෝඨා ජුලි 03 පොහ‌ොට්ටු වේදිකාවට නගී

MORE NEWS

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

Load More
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

.යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම...

Read more
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.