• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දගේ 77 වන උපන්දිනයට පොහොට්ටුවෙන් ‘අගමැති’ තෑග්ග ලෑස්තියි! (රාජ්‍ය රහස්) EXCLUSIVE

October 9, 2022
in Exclusive, Rajya Rahas
Reading Time: 23 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව රඟ දක්වපු අධිආරක්ෂිත කලාප ගැසට් නාට්‍යය!

22 හබක් කළ පොහොට්ටු මෙහෙයුම!

ගෝඨා මහින්දගේ ගේ ඉල්ලයි!

සජිත්ට මඩ ගහපු තැන හොයාගනී!

ඩලස් පිලට ‌පොහොට්ටුවෙන් තව කට්ටියක් එයි!

රටේ ප්‍රතිරූපය විනාශ කළ ජිනීවා ජන්දය!

ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ ජිනීවා මානව හිමිකම් යෝජනාවේ ඡන්ද විමසීම පැවැතියේ ඉකුත් බ්‍රහස්පතින්දා (06) දිනයේදීය. දැනට සති කිහිපයකට පෙර සිටම අපි මෙම තීරය ඔස්සේ ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වීමට නියමිතව තිබූ බරපතළ යෝජනාව පිළිබඳවත්, ඒ හරහා පැනනැගීමට නියමිත අර්බුද පිළිබඳවත් දිගින් දිගටම වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ ඉතිහාසයේ පළමු වරට ලංකාවට ආර්ථික අපරාධ සිදුකළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවට වූ අලුත් යෝජනාවක්ද ඉදිරිපත් වීමට නියමිතව ඇති බවකි. මීට අමතරව සුපුරුදු පරිදි මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා රැසක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්, ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ජර්මනිය, කැනඩාව, මලාවි, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ යන රටවල් හත ප්‍රමුඛව චෝදනාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් අපි එහිදී සඳහන් කළෙමු. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා පැවැති ඡන්ද විමසීමේදී රටවල් 20ක් ලංකාවට එරෙහිව ඡන්දය භාවිත කළ අතර තවත් රටවල් 20ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ලංකාවට පක්ෂව ඡන්දය ලබාදි තිබුණේ රටවල් 7ක් පමණි. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අවසන් වරට ජිනීවාවලදී ලංකාවට එරෙහිව පැවැති ඡන්ද විමසීමේදී ලංකාව ඡන්ද 11ක් ලබාගත්තද, එම ප්‍රමාණය හෝ ආරක්ෂා කරගැනීමට මෙවර ලංකාව අපොහොසත් වීමය. විශේෂයෙන්ම පසුගිය කාල වකවානුව පුරාම ලංකාව සමග හිඳිමින් ඡන්දය භාවිත කළ ඉන්දියාව සහ ජපානය මෙවර ලංකාව වෙනුවෙන් පෙනී නොසිට නිහඬ ස්ථාවරයක් දැරීම විශේෂ සිදුවීමක් විය.

න්‍යාය පත්‍රයේ තිබ්බේ 22 විවාදයට ගන්න!

මේ අතර ආණ්ඩුව පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දෙදින ආණ්ඩුව වෙන්කොට තිබුණේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවාද කිරීම සඳහාය. බ්‍රහස්පතින්දා දිනයේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ ඒ අරමුණ හිතේ තියාගෙනය. ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පෙළගැස්වී තිබුණේ ජනාධිපතිවරයා විසින් ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කතානායකවරයා විසින් නිවේදන ඉදිරිපත් කිරීමත්, ලිපි ලේඛන ආදිය පිළිගැන්වීමත්, කාරකසභා වාර්තාව පිළිගැන්වීමත්, මහජන පෙත්සම් පිළිගැන්වීමත්, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමත්ය. ඉන් අනතුරුව ප්‍රධාන වැඩකටයුතු ආරම්භ කරමින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම එම න්‍යාය පත්‍රයෙහි ඇතුළත්ව තිබිණි.

22ට ආණ්ඩුවෙන් බර අවි ප්‍රහාරයක්! පටන් ගත්තේ වීරසේකර!

නමුත් එය සම්පූර්ණයෙන්ම කනපිට පෙරලුනු සිදුවීමක් ඉකුත් සඳුදා දින සිදුවිය. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය. කලකට පසු මෙම රැස්වීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වී සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණි. මෙහිදී සාකච්ඡාව ආරම්භයේදීම 22 වැනි සංශෝධනය පිළිබඳ මාතෘකාව කරළියට ඇදගත්තේ හිටපු අමාත්‍ය සරත් වීරසේකරය. වීරසේකර එහිදී කියා සිටියේ තමන් මෙම 22 වැනි සංශෝධනයට විරෝධය පළකරන බවත්, ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීම සම්බන්ධයෙන් ගෙන එන කිසිදු සංශෝධනයකට තමන් සහයෝගය නොදක්වන බවත්ය.

දෙවන ප්‍රහාරය එස්.බී.ගෙන්!

‘මම එදා 13 වැනි සංශෝධනයටත් විරුද්ධ වුණා. 19 වැනි සංශෝධනයටත් විරුද්ධ වුණා. මේවායෙන් කරන්නේ විධායකගේ බලතල අඩු කරලා සීමා කරන එක. අපි යුද්ධයක් තිබ්බ රටක්. රට ස්ථාවර වෙන්න නම් විධායකය ශක්තිමත්ව තියෙන්න ඕනෙ. එදා විධායකය තිබ්බේ නැත්නම් අපට යුද්ධෙ ඉවර කරන්නවත් ලැබෙන්නේ නෑ…’ යනුවෙන් සරත් වීරසේකර ආරම්භය දෙද්දී සරත්ට පසු කතා කළේ එස්.බී. දිසානායකය. එස්.බී.ද 22ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේය.

මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි!

‘එදා තිබ්බ ත්‍රස්තවාදය වගේම අදත් රට ඇතුළේ ත්‍රස්තවාදයක් බිහිවෙලා තියෙනවා. මේවා මර්දනය කරන්න නම් විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත්ව තියෙන්න ඕනෙ. එදා විධායකය ශක්තිමත්ව තිබුණේ නැත්නම් මහින්දටත් යුද්ධෙ ඉවර කරන්න බැරිවෙනවා. ඒක නිසා මම 22 වැනි සංශෝධනයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි…’ යනුවෙන් එස්.බී. කියා සිටියේය.

සාගර අවසන් තීන්දුව දෙයි!

ඉන් අනතුරුව කතා කළේ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ය. සාගරද කියා සිටියේ 22 වැනි සංශෝධනයට තමන්ද විරුද්ධ බවත්, තම පක්ෂයේ විරෝධතාව නොතකා මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට විශාල පිරිසක් සිටින බවත්, එහි වගකීම සංශෝධනය ගෙන එන අය විසින්ම භාරගත යුතු බවත්ය.

මගෙත් එක්ක 30ක් ඉන්නවා! අපි ජන්දෙ දෙන්නේ නෑ!

‘කවුද මේ සංශෝධනය ගේන්නේ? කවුරු වෙනුවෙන්ද මේක ගේන්නේ? මේකෙ මොනවද තියෙන්නේ? මේ කිසිම දෙයක් අපි දන්නෙ නෑ. අඩුගානෙ අපි මේ සංශෝධනය දැකලවත් නෑ. මේ ගැන අපිත් එක්ක කවුරුවත් සාකච්ඡා කළෙත් නෑ. මගෙත් එක්ක මන්ත්‍රීවරු තිස් දෙනෙක් විතර ඉන්නවා මේ සංශෝධනයට විරුද්ධව ඡන්දෙ දෙන්න. ඒක නිසා අපේ විරෝධය නොතකා මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක පැරැදුණොත් ඒ ගේන කෙනාම ඒකෙ වගකීම ගන්න ඕනෙ…’ යනුවෙන් සාගර දැඩිව පොහොට්ටුවේ ස්ථාවරය ප්‍රකාශ කරද්දී වහාම ඊට පිළිතුරු දීමට නැගිට්ටේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාය. විජයදාස කියා සිටියේ මෙය තමන් ගෙන ආ සංශෝධනයක් නොවන බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රැගෙන ආ සංශෝධනයක් බවත්ය.

විජයදාස උත්තර දෙයි!

‘මේක මේ අපි ගෙනාපු එකක් නෙවෙයි. හිටපු ජනාධිපතිතුමා තමයි මේක පටන්ගත්තේ. ඊට පස්සේ ඒක සාකච්ඡා කරලා කැබිනට් එකේ අනුමත කරලා තමයි මේක පාර්ලිමේන්තුවට දාන්න හදන්නේ…’ යනුවෙන් විජයදාස කියද්දී ඔහුගේ සහායට ජනාධිපතිවරයාද පැමිණියේය.

රනිලුත් මැදිහත් වෙයි!

‘නෑ නෑ ඔබතුමන්ලා කලබල වෙන්න එපා. මේක හිටපු ජනාධිපතිතුමා පටන්ගත්ත එකක් තමයි. එතුමා දාපු කමිටුවේ මමත් සභාපතිවරයා විදියට කටයුතු කළා. ඔබතුමාලට ප්‍රශ්න තියෙනවා නම් මේ ගැන ඒ සංශෝධන කළ යුතු දේවල් බදාදා වෙද්දී ඇමැතිතුමාට භාරදෙන්න….’ යනුවෙන් එහිදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පැවැති කතාබහ එතැනින් අවසන් විය.

පොලිස්පතිට පොහොට්ටුවෙන් ප්‍රබල ප්‍රහාරයක්!

ඉන් අනතුරුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතැබීම සම්බන්ධයෙන් වූ මාතෘකාව සාකච්ඡාවට ලක්විය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පොලිස්පතිවරයාට එරෙහිව පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වීමය. ඔවුන් දැඩිව ජනාධිපතිවරයාට කියා සිටියේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට ගිනිතැබීමේදී සිය වගකීම ඉටු නොකළ පොලිස්පතිවරයා වහාම තනතුරෙන් ඉවත් කළ යුතු බවකි.

වහාම ඉන්ටඩික් කරන්න!

‘අපේ ගෙවල් ගිනිතිබ්බ වෙලාවෙ පොලිස්පතිවරයා නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කළේ නෑ. ඒ හින්දා හරි නම් එතුමාගෙ වැඩ තහනම් කරන්න ඕනෙ. මොකද පාස්කු ප්‍රහාරය එල්ල වෙච්ච වෙලාවෙ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ වැඩ තහනම් කරලා තමයි පරීක්ෂණ ආරම්භ කළේ. ඒ නිසා මෙතුමාවත් අයින් කරන්න…’ යනුවෙන් එක් මන්ත්‍රීවරයෙක් කියා සිටිද්දී තවත් මන්ත්‍රීවරයකු විමසා සිටියේ ජූලි මාසයේ සිදුවූ කලබල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ අවසන් වාර්තාවට සිදුවූයේ කුමක්දැයි කියාය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ එම අවසන් වාර්තාව තමන් අතට ලැබී ඇති බවත්, ඉකුත් සති කිහිපයේදී විදෙස්ගත වීමට සිදුවන බැවින් තවමත් එය කියැවීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවත්ය. එහිදී මන්ත්‍රීවරුන් අදාළ වාර්තාව තමන්ටද ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර, ජනාධිපතිවරයා කියා සිටියේ එය කියවා බලා ඔවුන්ට ලබාදීමට කටයුතු කරන බවය.

රනිල් සද්දයක්වත් නෑ!

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් පොලිස්පතිවරයාට එරෙහිව දිගින් දිගටම චෝදනා එල්ල කරද්දී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකොට නෑසුන කන්ව සිටීම විශේෂ සිදුවීමක් විය. නමුත් පොලිසිය භාර ඇමැතිවරයා වූ ටිරාන් අලස් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිතැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් රැසකගේ වැඩ තහනම් කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී ඔවුන්ට සිද්ධියට අදාළ පොලිස් ප්‍රධානීන් පිළිබඳ හෙළි කළ හැකි බවත්ය.

ජවිපෙට වැඩක් දෙන්න සූදානම්!

ඉන් අනතුරුව ජනාධිපතිවරයා මාතෘකාව වෙනතකට යොමු කරමින් පාර්ලිමේන්තුව වැටලිය යුතු බවට ජවිපෙ හිටපු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ කේ.ඩී. ලාල්කාන්ත සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බව කියා සිටියේය.

පොහොට්ටුවට වැඩේ අදින්න කියයි!

‘එදා කලබල වෙලාවෙදී ලාල්කාන්තයි සුනිල් හඳුන්නෙත්තියි පැහැදිලිවම කිව්වා ඇවිල්ලා පාර්ලිමේන්තුව වටලන්න කියලා. ඒ අයට ඕනෙ වුණේ පාර්ලිමේන්තුව හිරකරලා සියලු කටයුතු කඩාකප්පල් කරන්න. නමුත් අද වෙනතුරු ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. මම සභානායකතුමාටත් කිව්වා මේ ගැන කතානායකතුමා එක්ක කතා කරලා පියවර ගන්න කියලා. ඔබතුමන්ලත් මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන්න…’ යැයි කියමින් ජනාධිපතිවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට උපදෙසක් ලබාදීමටද පියවර ගත්තේය.

පොහොට්ටුව රනිල්ගේ කාමරයට යයි! බන්දුලට යන්න කියයි!

ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මේ ආකාරයට අවසන් වුවද පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී නැවත වතාවක් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහුව මුණගැසීමට ජනාධිපතිවරයාගේ නිල කාර්යාලයට ගියහ. එම කණ්ඩායමට නායකත්වය ලබාදී තිබුණේ එස්.බී. දිසානායකත්, රෝහිත අබේගුණවර්ධනත්ය. මෙම කණ්ඩායම ජනාධිපතිවරයාගේ කාමරයට යද්දී එහි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරතව සිටියේය. ඒ අනුව ඔහුද සාකච්ඡාවට එක්වීමට සූදානම් වුවත් එස්.බී. ඇතුළු කණ්ඩායම කියා සිටියේ බන්දුල නොමැතිව තම කණ්ඩායම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය යැයි කියාය. ඒ අනුව බන්දුල සාකච්ඡා මේසයෙන් ඉවත්ව ගිය ආකාරයක් දැකගත හැකි විය.

අපිට කැබිනට් ඇමැතිකම් දෙන්න!

පසුව ආරම්භ වූ සාකච්ජාවේදී එස්. බී. දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරයා පත් කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් දැඩි කැපවීමක් කළ බවත්, එසේ තිබියදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර ලබා නොදෙන්නේ කවර කරුණක් නිසාද යන්නත්ය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සජබ මන්ත්‍රීවරුන් පස් දෙනකු කැබිනට් මණ්ඩලයට එක්වීමට සූදානමින් සිටින නිසා කැබිනට් මණ්ඩලය පත්කිරීම කල්ගිය බවකි.

සජබෙ කවුරුත් එන්නේ නෑ! කැට තියලා කියන්නම්!

එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කළ පොහොට්ටු මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ කිසිදු සජබ මන්ත්‍රීවරයකු ආණ්ඩුවට එක් නොවන බව කැට තියා කිව හැකි බවත්, ජනාධිපතිවරයාගේ කල්මැරිල්ල හේතුවෙන් එම අවස්ථාව මේ වනවිට අහිමිව ගොස් ඇති බවත්ය.

අලුත් කැබිනට් එකක් දාන්න!

ඒ අනුව වහාම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙස මෙහිදී එස්.බී. ඇතුලු පොහොට්ටු මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගත්හ.
එමෙන්ම වත්මන් අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් සම්බන්ධයෙන් යම් විවේචනයක් ඉදිරිපත් කළ මෙම පිරිස ජනාධිපතිවරයා ඔවුන්ගේ අදස්වලට අනුව කටයුතු කරන බවට චෝදනාවක්ද එල්ල කළහ.

රනිල් දීපු උත්තරේ!

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මෙම පිරිසද පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවත්, ඔවුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ අය බවත්, එම තාවකාලික කැබිනට් මණ්ඩලය තමන් ඉදිරියට රැගෙන ගිය බවත්ය.

රනිල්ගෙන් කොළ එළියක්!

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ එසේ නම් වහාම මෙම තාවකාලික කැබිනට් මණ්ඩලය විසුරුවා හැර පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ස්ථාවර කැබිනට් මණ්ඩලයක් පිහිටුවන ලෙසය. තවදුරටත් කල් මරමින් නොසිට වහාම මෙය සිදු කරන ලෙසද මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගත්හ. ජනාධිපතිවරයාද අවසානයේ ඊට යම් එකගතාවක් පළ කර සිටීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමකි.

අධිආරක්ෂිත ගැසට් එක නාට්‍යක්ද?

අධි ආරක්ෂිත කලාප පිහිටුවීමේ ගැසට් නිවේදනය අස්සන් කොට ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යෑමෙන් පසු ඉකුත් සතියේදී ලංකාවේ දේශපාලනය පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවද ගිනිගත් ආකාරයක් පසුගිය සතියේ මෙම තීරයෙන් අපි වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයා නීති විරෝධී ආකාරයට මෙම ගැසට් නිවේදනයට අස්සන් කොට ඇති බවට චෝදනා එල්ලවී ඇති බවත්, නීතිඥ සංගමය, සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යොමුවී ඇති බවත්ය. එමෙන්ම මේ පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් පසු ජපානයේ සිටම නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇමතූ ජනාධිපතිවරයා මෙම සිදුවීමේ අගමුල සොයා ගැනීමට පියවර ගත් ආකාරයද, එය අවලංගු කිරීමේ ගැසට් නිවේදනය සකස් කරන ලෙසට නීති අංශවලට උපදෙස් දුන් ආකාරයද අපි පසුගිය සතියේ වාර්තා කළෙමු.

විනය ක්‍රියාමාර්ග නෑ! ටිරාන්ට අලුත් ආයතන!

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට විශාල වශයෙන් හානි වීමක් සිදුවුවද මෙම සමස්ත සිදුවීමම එක්තරා ආකාරයක නාට්‍යයක් දැයි සැක සිතෙන ආකාරයේ සිදුවීම් පෙළක් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දිගහැරෙමින් තිබේ. අප එසේ කියන්නේ ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමෙන් පසු සිදුවූ සිදුවීම් කිහිපයක් මුල් කරගෙනය. මන්ද යත් පසුගිය සතියේ ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ ජනාධිපතිවරයා නොදැනුවත්ව මෙම අධි ආරක්ෂිත කලාප ගැසට් නිවේදනයට අස්සන් තබා ඇති බවත්, ජනාධිපතිවරයා නොමඟ යැවීමට පිරිසක් කටයුතු කොට ඇති බවත්ය. මෙම අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනය සකස් කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් විසින් සිදුකොට ඇති බවත්, එය සකස් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගත යුතු වුවත් එසේ කොට නොමැති බවත්, අවම වශයෙන් පොලිසියේ නීති අංශය හෝ දැනුවත් කොට නොමැති බවත්, ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව යෑමට ඔන්න මෙන්න කියා එම ගැසට් නිවේදනයට අස්සන ලබාගෙන ඇති බවත් යම් යම් මාධ්‍ය වාර්තා කොට තිබිණි. ඉන් ඉඟිකර තිබුණේ ටිරාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙය සිදුකළා කියාය. එසේ නම් රටක ජනාධිපතිවරයකු නොමඟ යැවීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවට පත්කිරීම සම්බන්ධයෙන් ලංකාවට පැමිණි වහා මේ පිළිබඳ ඉහළ පෙළේ විමර්ශනයක් සිදුවිය යුතුය. එසේ කළ අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වා ඒ අනුව කටයුතු කළ යුතුය. නමුත් ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමෙන් පසු ඒ කිසිවක් සිදුවූයේ නැත. සිදුවූ එකම කටයුත්ත වූයේ වෙනත් ආයතන යටතේ තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන ආයතන 3ක් ගැසට් පත්‍රයක් මගින්ම මහජන ආරක්ෂක අමාත්‍යවරයා වූ ටිරාන් අලස්ට පවරා දීමට ජනාධිපතිවරයා පියවර ගැනීමය. අධි ආරක්ෂිත කලාප ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නාට්‍යයක් බවට සැකයක් මතුවන බවට අප සඳහන් කළේ ඒ නිසාය. මෙය නාට්‍යයක් වුවත්, කුමන අරමුණක් ඉටුකරගැනීම සඳහා එවැන්නක් කළා වුවත් ඒ හරහා රටට සිදුවූ ජාත්‍යන්තර ලැජ්ජාව නම් සුළුපටු නොමැති බව සඳහන් කළ යුතුය.

රනිල් සිංගප්පූරුවේදී අර්ජුන් මහේන්ද්‍රන් හමුවුණාද?

ජනාධිපතිවරයාගේ ජපන් සංචාරය පිළිබඳ පසුගිය සතියේදී සියලු මාධ්‍ය මහ ඉහළින් වාර්තා කරද්දී ‘රාජ්‍ය රහස්’ තීරය පමණක් ජනාධිපතිවරයාගේ ජපන් ගමනේ සැඟවී තිබුණු එක්තරා විශේෂ කරුණක් රටට අනාවරණ කළේය. එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයා හොර රහසේම සිංගප්පූරුවටද ගොස් ලංකාවේ ආන්දෝලනාත්මක චරිතයක් හමුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, සිංගප්පූරු රජයේ අමාත්‍යවරයකු සමග භෝජනය සංග්‍රහයකටද එක්වී ඇති බවත්ය. මෙහිදී ‘හොර රහසේම’ යන වචනය අප භාවිත කළේ ජනාධිපතිවරයාගේ මෙම සිංගප්පූරු ගමන පිළිබඳ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් හෝ කිසිම සඳහනක් කොට නොතිබුණු නිසාය. අඩුම තරමේ සිංගප්පූරු අමාත්‍යවරයකු මුණගැසුණු බවට පුවතක් හෝ ඡායාරූපයක්වත් මාධ්‍යයට නිකුත් වී තිබුණේ නැත. ජනාධිපති මාධ්‍ය ඒකකය කියා තිබුණේ ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බවත්, අනතුරුව ජපානයට ගොඩබැස්ස පුවතක් පමණක් වන අතර ඒ අතරමැද කිසිදු පුවතක් ඔවුන්ද නිකුත් කොට නොතිබිණි.

මරික්කාර් බාල්දිය පෙරළයි!

නමුත් ‘රාජ්‍ය රහස්’ තීරය පසුගිය සතියේදී ජනාධිපතිවරයාගේ සිංගප්පූරු සංචාරයට අදාළ ගුවන් ගමන් වාර්තාද සහිතව මේ පිළිබඳ ප්‍රශ්න කරමින් කියා සිටියේ ලංකාවේ සිට ඍජුව ‘නරිතා’ ගුවන් තොටුපළට යාමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් ගමන මඟහැර ජනාධිපතිවරයා සිංගප්පූරුව හරහා ජපානය බලා යෑමට සිංගප්පූරු ගුවන් සමාගමට අයත් යානයක් වෙන් කරගෙන තිබූ බවය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ මේ සිංගප්පූරු ගමන පිළිබඳ පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාද ප්‍රශ්න කර සිටීමට පියවර ගත්තේය. මරික්කාර් කියා සිටියේ ජනාධිපතිවරයා ජපන් යන අතරතුර සිංගප්පූරුවටද ගොස් ඇති බවත්, එහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් සමග දිවා භෝජන සංග්‍රහයකටද සහභාගි වී ඇති බවත්ය.

රනිල් දුවගෙන ඇවිත් උත්තර දෙයි!

මරික්කාර් මෙම හෙළිදරව්ව කරද්දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිය නිල කාමරයේ රැඳී සිටියේය. එහිදී මෙම ප්‍රකාශය දුටු ජනාධිපතිවරයා වහාම සබාගැබට පැමිණ ඊට ප්‍රතිචාර දක්වන්නට කටයුතු කළේය. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ තමන් සිංගප්පූරුවට ගිය කරුණ සත්‍ය බවත්, එහිදී දිවා ආහාරය ගත්තේ අර්ජුන් මහේන්ද්‍රන් සමග නොව සිංගප්පූරු අමාත්‍යවරයකු සමග බවත්ය. මීට අමතරව මරික්කාර් සහ හිරුණිකා සම්බන්ධ කරමින් විහිළුවක් කොට කතාව වෙනතකට යොමු කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජනාධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් හමුවූ පුවත ප්‍රතික්ෂේප කිරීමට කටයුතු නොකිරීමය.

දෙනවා කියපු කෝප්-කෝපාවලට වෙච්ච දේ?

2015 යහපාලන රජය පිහිටුවීමත් සමග යම් සාධනීය දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දෙමින් රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ, අක්‍රමිකතා සොයාබලන කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුරයන් විපක්ෂයට ලබාදීමට පියවර ගත්තේය. ඒ අනුව එදා කෝප් කමිටුවේ සභාපති ධුරය හිමිවූයේ ජවිපෙ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්තිටය. යහපාලන ආණ්ඩුවට විශාල චෝදනාවක් එල්ල වූ බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටුව එවක ප්‍රබල අනාවරණ රැසක්ම සිදුකිරීමටද පියවර ගෙන තිබිණි. එම සම්ප්‍රදාය අනුව යමින් මෙවරද කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුරයන් විපක්ෂයට ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට තිබිණි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද ඊට එකඟතාව පළකොට තිබූ අතර කතානායකවරයා එය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමටද පියවර ගෙන තිබිණි.

චරිතව පත් කළෙත් නෑ!

නමුත් තත්ත්වය පසුව වෙනස් වන බවක් දැකගන්නට තිබුණේ පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයත් සමගය. සාගර කියා සිටියේ කෝප්-කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබාදීමට නීතියක් නොමැති බවත්, එම කමිටුවල සිටින සාමාජිකයන් විසින් සභාපති ධුර හිමිවිය යුත්තේ කාටද කියා තීරණය කරනු ඇති බවත්ය. සාගර කිව්වා වාගේම මෑතකදී සිදුවූ ගෑස් වංචාව රටට හෙළි කළ පොහොට්ටුවේම හිටපු කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් කෝප් කමිටුවට නම් කිරීමට පවා පොහොට්ටුව පියවර නොගැනීම විශේෂ සිදුවීමක් විය.

සජිත් විපක්ෂයෙන් චරිතව අරන් එයි!

මේ ආකාරයට චරිතව කෝප් කමිටුවට නම් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයද සිටියේ මහත් පුදුමයට පත්වය. ඒ අනුව පසුගිය සතියේ සජිත් මුණගැසුණු මරික්කාර් තමන් කෝප් කමිටුවෙන් ඉවත් වීමට සූදානම් බවත්, තමන්ගේ පුරප්පාඩුවට චරිතව නම්කරන ලෙසත් දැනුම් දී සිටියේය. මරික්කාර්ට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සජිත්ට මේ දැනුම්දීම සිදුකිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් අවසානයේදී සජිත් මුණගැසුණු හර්ෂ ද සිල්වා දැනුම් දී සිටියේ තමන් මුදල් කමිටුවේත් සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් රාජකාරි අධික බවත්, ඒ නිසා තමන් කෝප් කමිටුවෙන් ඉවත් වන බවත්, ඊට චරිතව නම්කරන ලෙසත්ය. සජිත් ඊට එකඟ විය. ඒ අනුව හර්ෂ වෙනුවට චරිතව විපක්ෂයෙන් කෝප් කමිටුවට නම්කිරීමට සජිත් කටයුතු කළේය.

පොහොට්ටුවේ සුදර්ශනීලා කබීර්ට ජන්දය දෙන්න සූදානමින්!

ඊළඟ ප්‍රශ්නය පැනනැගුනේ කෝප් – කෝපා කමිටුවල සභාපති ධුරයන් සම්බන්ධයෙනි. ආණ්ඩුවේ සාමාජිකයන් වැඩි ගණනක් සිටියද ඒ දෙකටම තරග වැදීමට සජිත් ඇතුළු සජබය තීන්දු කර තිබිණි. ඒ අනුව කෝපා කමිටුවට කබීර් හෂීම් නම් කිරීමටත්, කෝප් කමිටුවට ඉරාන් වික්‍රමරත්න නම් කිරීමටත් සජබය පියවර ගත්තේය. පළමුවෙන්ම පැමිණියේ කෝපා සභාපති තේරීමේ අවස්ථාවය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුව නියෝජනය කරන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු සාමාජිකයන් ගණනාවක්ම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාවත්, සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතාවත් මුණගැසී තමන් විපක්ෂයේ අපේක්ෂකයාට සහාය පළකරන බව දැනුම්දී සිටීමය. ඒ අනුව ගණන් සාදා බැලීමේදී යම් හෙයකින් ආණ්ඩුවේ සාමාජිකයකු නම් කොට ඡන්දයකට ගියහොත් කබීර්ට ජයගැනීමේ අවස්ථාවක් ඇති බව දිනේෂ්ටත්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්නටත් පෙනී ගියේය. ඒ අනුව උපක්‍රමයක් ලෙස ඡන්දයකට නොගොස් කෝපා සභාපති ධුරය විපක්ෂයට දිය යුතු බව සුසිල්ගේත්, ප්‍රසන්නගේත් අදහස විය. ඔවුහු ඒ බව දිනේෂ්ටද දැනුම්දීමට පියවර ගත්හ. දිනේෂ් එහිදී කීවේ තමන් මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු යැයි කියාය. ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී පවතින තත්ත්වය අනුව කෝපා සභාපති ධුරය ඡන්දයකින් තොරව කබීර්ට ලබාදීමට එකඟතාව පළවිය.

කෝප් එක විපක්ෂයට නොදෙයි!

නමුත් ප්‍රශ්නය පැනනැගුණේ කෝප් සභාපති ධුරය සම්බන්ධයෙනි. කෝපා කමිටුවේ මධ්‍යස්ථ සාමජිකයන් සිටියද කෝප් කමිටුව නියෝජනය කරන්නේ උග්‍ර පොහොට්ටු සාමාජිකයන් මෙන්ම බැසිල් හිතවාදී පිරිසක් වීම නිසා එහි සභාපති ධුරය කිසිසේත්ම විපක්ෂයට නොදීමට පිරිස තීන්දු කර තිබිණ. ඒ අනුව එහිදී ඡන්ද විමසීමක් පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟ වූ අතර පොහොට්ටුවෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ නම මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කරනු ලැබීය. එය ස්ථිර කළේ රෝහිත අබේගුණවර්ධනය. ඉරාන්ගේ නම විපක්ෂයෙන් යෝජනා කළේ රෝහිණී කවිරත්නය. ස්ථිර කළේ මරික්කාර්ය. ඡන්ද ප්‍රතිඵලය වූයේ රංජිත්ට ඡන්ද 14කුත්, ඉරාන්ට ඡන්ද 7කුත් ලැබී කෝප් සභාපතිවරයා ලෙස රංජිත් බණ්ඩාර පත්වීමය.

බැසිල්ගේ වැඩ නාමල් බාරගනී!

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවට ගොස් මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී තිබේ. ඒ අනුව පොහොට්ටුවේ වැඩබලන ජාතික සංවිධායකවරයා ලෙස මේ වන විට වැඩ පැවරී ඇත්තේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ කර පිටටය. එම නිසා බැසිල් නැති අඩුව පිරවීමට නාමල් මීට සති දෙකකට පමණ ඉහතදී සිට ආසන බලමණ්ඩල මට්ටමින් රැස්වීම් සංවිධාන කරමින් පාක්ෂිකයන් යළි ඒකරාශි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියේය. මීට යම් යම් තැන්වලදී සැලකිය යුතු පාක්ෂිකයන් පිරිසක් එක්ව සිටියද යම් යම් තැන්වලදී විරෝධය මතුවූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

නාමල්ට එන්න එපාලු!

කෙසේ වෙතත් පසුගිය සතිය වන විට නාමල්ගේ මේ බලමණ්ඩල රැස්වීම් පැවැත්වීම මුල් කරගෙන මන්ත්‍රීවරුන් රැසකට විවිධ පැමිණිලි සිය පාක්ෂිකයන්ගෙන් ලැබෙන්නට විය. බොහෝ පැමිණිලිවලින් කියැවුණේ නාමල්ගේ පැමිණීම හේතුකොටගෙන මේ මොහොතේ අවාසිසහගත තත්ත්වයක් ගම් මට්ටමින් නිර්මාණය වෙමින් පවතින බවය. එය මේ මොහොතේ ප්‍රායෝගික නොමැති බවද එම පැමිණිලිවලින් වැඩිදුරටත් කියැවිණි. නමුත් මන්ත්‍රිවරුන්ට මෙය නාමල්ගේ මුහුණට කිව නොහැකි නිසා විවිධ උපක්‍රම යොදාගනිමින් එය නාමල්ට දැනුම් දීමට පියවර ගෙන තිබිණි. එහිදී එක් මන්ත්‍රිවරයෙක් ඊට අපූරු උපක්‍රමයක් යොදාගෙන තිබිණි. ඒ, මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවත්වනු ලබන ආසන බලමණ්ඩල රැස්වීම්වලට පැමිණෙන ජනතාව හා නාමල්ගේ රැස්වීම් සන්සන්දනය කිරීමය.

සජිත් ගැන කියලා ගේමක් ගහයි!

‘බලන්න දැන් සජිතුත් රට වටේම ආසන බලමණ්ඩල රැස්වීම් තියාගෙන යනවා. ඒවට සෑහෙන සෙනගක් එනවා. ගිය සතියේ මමත් දැක්කා හිනිදුම තිබ්බ රැස්වීමට විශාල සෙනගත් ඇවිත් හිටියා. සාමාන්‍යයෙන් හිනිදුම කියන්නේ අපිට බර ආසනයක්. හැබැයි නාමල් එන රැස්වීම්වලට ඒ වගේ අපේ පාක්ෂිකයො එන්නෙ නෑ. ඉතින් ඒවා ටීවීවල පෙන්නද්දී අපටත් හරි නෑ, පක්ෂයටත් හරි නෑ. නාමල්ටත් හරි නෑ. ඒක නෙගටිව් යන්නේ…’ යනුවෙන් මේ මන්ත්‍රීවරයා සඳහන් කොට තිබිණි. ඒ අනුව මෙම පසුබිම යටතේ නාමල්ගේ ආසන බලමණ්ඩල රැස්වීම් පැවැත්වීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

දිනේෂ් අරලිය ගහ මැදුරට ‌නොයන්නේ ඇයි?

අපේ රටේ ප්‍රභූ පුද්ගලයන්ට රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා මෙන්ම නවාතැන් ගෙන සිටීම සඳහාද එදා සිටම වෙන්කළ නිල ස්ථාන තිබේ. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයාට රාජකාරි කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයද, නවාතැන් ගෙන සිටීමට ජනාධිපති මන්දිරයද තිබේ. අගමැතිවරයාට රාජකාරි කිරීමට අගමැති කාර්යාලයද, නවාතැන් ගෙන සිටීමට අරලියගහ මන්දිරයටද තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අරලියගහ මැඳුර සිය නිල නිවෙස වශයෙන් භාවිත කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.

අගමැතිකමේ වෙනසක්?

කෙසේ වෙතත් මේ වන විට අරලියගහ මැඳුර පවතින්නේ හිස්වය. ඊට හේතුව වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති ධුරය භාරගෙන මේ වන විට මාස තුනකට අධික කාලයක් ඉක්ම ගොස් තිබුණද තවමත් අරලියගහ මැදුරේ පදිංචියට නොයෑමය. අගමැති ධුරයේ දිවුරුම් දීමත් සමග දිනේෂ් අරලියගහ මැඳුරේ පදිංචියට යෑම සඳහා විශාල පිරිතක්ද එහි පවත්වා තිබිණි. ඊට ජනාධිපතිවරයා මෙන්ම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටිනු දැකගත හැකි විය. කෙසේ වෙතත් ඉන් අනතුරුවද දිනේෂ් අරලියගහ මැඳුරේ පදිංචියට නොගොස් සුපුරුදු පරිදි විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑඩුව ගොවිජන පර්යේෂණ ආයතනයේ නිල නිවෙසක පදිංචිව සිටීම සියලු දෙනාටම විමතිය නංවන කාරණයක් බවට පත්ව තිබිණි. කෙසේ වෙතත් දිනේෂ් එසේ නොයන්නේ ඉදිරියේදී සිදුවීමට නියමිත දේශපාලන පෙරළියක් පිළිබඳ ඉව වැටීමෙන් පසුවද, එසේත් නොමැති නම් ආණ්ඩුව ස්ථාවර නැති බව නිසාද, එසේත් නැතිනම් වෙනත් හේතුවක් නිසාදැයි කියන්න දන්නේ නැත.

උපන්දිනය දා මහින්දට අගමැතිකම!

ඒ අතරතුර මේ දිනවල පොහොට්ටුව ඇතුළේ යන විශාල කසුකුසුවකින් කියැවෙන්නේ මහින්දගේ උපන්දිනය යෙදී ඇති නොවැම්බර් 18 වැනි දිනට විශේෂ උපන්දින තෑග්ගක් ලබාදීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් සැලසුම් කොට ඇති බවකි. වරක් 2005 ජනාධිපතිවරණයේදී රටේම ජනතාව එකතු වී මහින්දට නොවැම්බර් 18 වැනි දින ජනාධිපති තෑග්ග ලබාදුන්නා සේ මෙවර පොහොට්ටු මන්ත්‍රීවරුන් යළිත් වතාවක් අගමැති ධුරය උපන්දින තෑග්ග ලෙස මහින්දට ලබාදීමට සැලසුම් කරමින් සිටින බවක් එම කසුකුසුවෙන් කියැවේ. ඒ සඳහා බහුතරයක් මන්ත්‍රීවරුන් අස්සන් කරන ලද ලිපියක් ලබාදීමට සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.

මහින්දව යළි එළියට ගනී!

මෙම මන්ත්‍රීවරුන්ගේ සැලසුම වී ඇත්තේ දැනට නායකත්වයක් නොමැතිව සිටින පොහොට්ටුවට මහින්ද අගමැති කොට නිසි නායකත්වයක් ලබාදීමය. ඉන් අනතුරුව යළිත් වතාවක් ආසන මටටමින් රැස්වීම් සංවිධාන කොට ඊළඟ මැතිවරණයට පෙර පොහොට්ටුව කෙළින් කටින් සිටුවා ගැනීම ඔවුන්ගේ සැලසුම වී ඇත. දිනේෂ් අරලියගහ මැදුරේ පදිංචියට නොයන්නේද මන්ත්‍රීවරුන්ගේ මෙම සැලසුම පිළිබඳ ඉව වැටීමෙන්දැයි කියන්නට දන්නේ නැත.

මහින්දගේ ගේ ගෝඨා ඉල්ලයි!

එමෙන්ම මේ වන විට ආණ්ඩුව ඇතුළේ යළිත් වරක් නිල නිවාස ප්‍රශ්නයක්ද මතුවෙමින් පවතින බවත් ආරංචිය. මහින්ද පදිංචිව සිටි විජේරාම මාවතේ පිහිටි නිල නිවෙස මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතින අතර ඊට ආණ්ඩුවෙන් රුපියල් මිලියන 400ක මුදලක් වෙන්කොට දී අවසානය. එතෙක් මහින්ද රැඳී සිටින්නේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර මහතා රැඳී සිටි බුලර්ස් පාරේ පිහිටි නිවෙසකය. කෙසේ වෙතත් මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති ආරංචිවලින් කියැවෙන්නේ මහින්ද මෙම නිවෙසේ සිට විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසට ගිය පසු හිස්වන නිවෙස තමන්ට ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කොට ඇති බවය. ගෝඨාභය දැනට රැඳී සිටින්නේ මලලසේකර මාවතේ පිහිටි රජයේ නිල නිවෙසකය.

සජිත්ට මඩක් වදී!

මේ දිනවල විපක්ෂ නායක මෙන්ම සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ ආසන බල මණ්ඩල පිහිටුවමින් රට වටේ සංචාරය කරමින්ය. එම රැස්වීම් සඳහා විශාල ජන සහභාගිත්වයක් ඇති ආකාරයක්ද දැකගන්නට ඇත. කෙසේ වෙතත් මේ අයුරින් රට වටා යන සජිත්ට පසුගිය සතියේ ආණඩුව පැත්තෙන් විශාල මඩ ප්‍රචාරයක් දියත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ආණ්ඩුවට හිතවත් මාධ්‍ය කිහිපයක් උපයෝගී කරගනිමින් ගෙනගිය මෙම මඩ ප්‍රචාරයෙන් කියැවුණේ සජිත් නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත කිරීමක් සිදුව ඇති බවය.

හිනිදුමදී උත්තර දෙයි!

කෙසේ වෙතත් මෙම මඩ පුවත ප්‍රචාරය වූ වහා කලබල නොවුණු සජිත් ඊට හිනිදුම ආසන බලමණ්ඩල රැස්වීමේදී ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය. එහිදී සජිත් කියා සිටියේ ආණ්ඩුව සහ රාජපක්ෂලා එක්ව මේ වන විට තමන් ඉලක්ක කර මඩ ප්‍රචාර සිදුකරමින් සිටින බවත්, තමන් එම චරිත ඝාතනවලට බිය නොවන බවත්ය. තමන් අමාත්‍ය ධුර දරන සමයේ රට පුරා පිහිටි දුෂ්කරතාවලට මුහුණදී ඇති පන්සල්, පල්ලි, කෝවිල්වලට උපකාර කළ ආකාරය නැවත රටට කීමට මේ හරහා හොඳ අවස්ථාවක් උදාවී ඇති බව කී සජිත්, තමන් ඉදිරියේදී ඒ සියලු ස්ථානවලට යළිත් ගොස් මෙම මඩ ප්‍රචාර පිළිබඳ රටම දැනුවත් කිරීමට පියවර ගන්නා බවද කියා සිටියේය.

වැඩේ පත්තු වුණු තැනත් හොයාගනී!

කෙසේ වෙතත් ආණ්ඩුවේ මඩ ප්‍රචාරවලට මේ ආකාරයට ඉදිරියේදී තමන් ගන්නා ක්‍රියාමාර්ග රටට කී සජිත් එතැනින් නැවතුණේ නැත. මෙම මඩ ප්‍රචාර පසුපස සිටින පිරිස් කවුරුන්දැයි සොයා ගැනීමටද පියවර ගත්තේය. එම පිරිස් කවුද, ඔවුන්ගේ අරමුණ කුමක්ද යන්න සොයාගත් සජිත් එය සිය හිතවත් මන්ත්‍රිවරුන් කිහිප දෙනකුටම දැනුම් දීමටද පියවර ගත්තේය. එහිදී ඔවුන් කියා සිටියේ මෙම කණ්ඩායම පිළිබඳ වහාම රටට හෙළිදරව් කළ යුතු යැයි කියාය. නමුත් සජිත් කියා සිටියේ ඊට සුදුසු වෙලාව මෙය නොවන බවත්, සුදුසු අවස්ථාව ආ විට මෙම මඩ මෙහෙයුම පිටුපස සිටින පිරිස් රටට හෙළිදරව් කිරීමට තමන් කටයුතු කරන බවත්ය.

ජී.එල්.ගේ ගෙදරදි රහස් සාකච්ඡාවක්

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ නිදහස් මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ යාමේ ලකුණු මේ වන විට දැකගන්නට තිබේ. ඒ, පසුගිය අඟහරුවාදා ජී.එල්. පීරිස්ගෙ ගෙදරට තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් පැමිණීම හේතුකොටගෙනය. අනුර යාපා ප්‍රමුඛ මෙම මන්ත්‍රී කණ්ඩායම සමග පැවැති හමුවට ඩලස් අලහප්පෙරුම, චරිත් හේරත්, නාලක ගොඩහේවා සහ ඩිලාන් පෙරේරා සහභාගි වූහ. අනුර යාපා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම නියෝජනය කරමින් අනුර යාපා, ප්‍රියංකර ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජයරත්න හේරත්, චන්දිම වීරක්කොඩි සහ ජෝන් සෙනවිරත්න සාකච්ජාවට සහභාගි වී සිටි අතර මේ සාකච්ඡාව රාත්‍රී 10 පසුවන තෙක් පැවැත්විණි. දෙපාර්ශ්වයේම එකඟතාවය වූයේ එක ගමනක යෙදීමය.

‘ඩලස් ඔයගොල්ලො තවත් පක්ෂ එක්ක සාකච්ඡා කරනවා නේද?’ යනුවෙන් මෙහිදී අනුර යාපා අසද්දී ඩලස් කියා සිටියේ ‘අපි යූ.එන්.පී.යයි පොහොට්ටුවයි ඇරෙන්න අනිත් දේශපාලන පක්ෂ එක්ක කතා කරනවා.’ යැයි කියාය.

අසංක නවරත්නත් ඩලස් පිලට!

ඒ අනුව මේ වනවිට නිදහස් මන්ත්‍රී කණ්ඩායම සෑම පක්ෂයක් සමගම සාකච්ඡා අරඹා තිබේ. එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නියෝජිතයන් පසුගිය බදාදා තුන්වැනි පටුමග කාර්යාලයට ආවේය. තමන්ගේ දේශපාලන අත්දැකීම් අනුව නිදහස කණ්ඩායම සමග එක්ව වැඩකිරීම පහසු බව එහිදී මහජන පක්ෂයේ නියෝජිතයෝ සඳහන් කළහ. අසංක නවරත්න කුරුණෑගලින් නිදහස කණ්ඩායම සමග එකතු් වීමට මේ වනවිටත් තීන්දු කොට ඇති බවක් ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

එකමුතුවේ එකමුතුව අපේක්ෂා රෝහලේ 13 වැනි ව්‍යාපෘතියත් අවසන් කරයි! මෙවර ලේ දන්දීමක්! (PHOTOS)

Next Post

මහා පෙට්‍රල් වංචාවක් හෙළිවෙයි! ඔක්ටේන් 92 කියා දෙන්නේ ඔක්ටේන් 80ට ගෙනැත් පිරිපහදු කරපු බාල තෙල්!

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.