දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ප්‍රමිතියෙන් බාල (ඔක්ටේන් 80-85) පෙට්‍රල් තොග සපුගස්කන්ද පිරිපහදුවෙන් පිරිපහදු කර ඔක්ටේන් 92 ප්‍රමිතීන් යටතේ බෙදාහරින බව මේ වනවිට අනාවරණය වී ඇතියි සන්ඩේ මොර්නින්ග් පුවත්පත වාර්තා කොට ඇත.
ඒ අනුව ජූලි සහ අගෝස්තු මාසය තුළ මෙ.ටොන් 2,400 ක් සහ මෙට්‍රික් ටොන් 2400ක් මෙසේ පිරිපහදු කොට ඇති බව පැවසේ.
සපුගස්කන්ද පිරිපහදු මෙහෙයුම් කළමනාකාර හරින්ද්‍ර කෝදාගොඩ සන්ඩේ මෝනින්ග් වෙත පවසා ඇත්තේ පිරිපහදුව අඩු ශ්‍රේණියේ ඔක්ටේන් 80-85 පෙට්‍රල් පිරිපහදු කර ගබඩා කර ඇති බවයි.
අඩු ශ්‍රේණියේ පෙට්‍රල් තොග සම්බන්ධයෙන් කුමක් කරන්නේ දැයි විමසූ විට කෝදාගොඩ ප්‍රකාශ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 ප්‍රමිතීන්ට ඒවා ‘වැඩිදියුණු කර’ දේශීය වෙළෙඳපොළට සපයන බවයි.
කෙසේ වෙතත්, ඔක්ටේන් 80-85 පෙට්‍රල් වැඩිදියුණු කරන්නේ කෙසේද සහ ඒ සඳහා රාජ්‍ය ඛනිජ තෙල් සැපයුම්කරුට දරන අමතර වියදම කුමක්ද යන්න පිළිබඳව අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ද සන්ඬේ මෝනිං වෙත ප්‍රකාශ කර ඇත්තේ, වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් එහි ඔක්ටේන් මට්ටම ඉහළ නැංවීම සඳහා අඩු ශ්‍රේණියේ පෙට්‍රල් සමඟ ඩීසල් මිශ්‍ර කිරීම කරන බවයි.
මේ අතර, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක පවසන පරිදි, වෙළෙඳපොළට නිකුත් කරන දුර්වල තත්ත්වයේ ඉන්ධන පිළිබඳව රියදුරන්ගෙන් සහ පාරිභෝගික කටයුතු අධිකාරියෙන් (CAA) පැමිණිලි ගණනාවක් ලැබීමෙන් පසු තත්ත්ව පරීක්ෂණ සඳහා දේශීය රසායනාගාරයකට ඉන්ධන සාම්පල කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.