• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාචාර්ය රංග ඩයස් ලෝකෙම හොල්ලන විශිෂ්ට සොයාගැනීමක් කරයි! විදුලිය එක් තැනක සිට ශක්තියක් වැය නොකරම තවත් තැනකට ගෙන යා හැකි සුපිරි සන්නායක පදාර්ථයක් ‌නිර්මාණය කරයි! නම ‘රෙඩ්මැටර්’! කරන්න පුලුවන් වැඩ කන්දරාව මෙන්න!

March 16, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මහාචාර්ය රංග ඩයස් ලෝකෙම හොල්ලන විශිෂ්ට සොයාගැනීමක් කරයි! විදුලිය එක් තැනක සිට ශක්තියක් වැය නොකරම තවත් තැනකට ගෙන යා හැකි සුපිරි සන්නායක පදාර්ථයක් ‌නිර්මාණය කරයි! නම ‘රෙඩ්මැටර්’! කරන්න පුලුවන් වැඩ කන්දරාව මෙන්න!
Share on WhatsAppShare on Facebook

භෞතික ලෝකයේ නව පෙරළියක් ඇති කළ හැකි සුපිරි සන්නායකයක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ තිබේ.

අමෙරිකාවේ ”නිව් සයන්ටිස්ට්” විද්‍යා සඟරාව මගින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි මෙම සුපිරි සන්නායක පදාර්ථය සොයාගෙන ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රෝචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායමයි.

වසර 10කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන රංග ඩයස් මහතා ඇතුළු කණ්ඩායමක් සුපිරි සන්නායක ගුණයක් ඇති පදාර්ථයක් සොයාගැනීමට සමත්ව තිබේ. 

මෙම සුපිරි සන්නායක ද්‍රව්‍යය නිර්මානය කර ඇත්තේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ලුටේෂියම් යන මූලද්‍රව්‍ය මුසු කිරීමෙනි.

එය නයිට්‍රජන් මුසුකළ ‘‘ලුටිෂියම් හයිඩ්රයිඩ්‘‘ යන පදාර්ථය ලෙසද හැඳින්විය හැකිය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලිය එක් තැනක සිට තවත් තැනකට ශක්තියක් වැය නොකර ගෙන යාමට ඇති හැකියාව සහ චුම්භක ක්ෂේත්‍රය හරහා යැවීමේදී එය පාවෙමින් ඝර්ෂණයකට ලක්නොවී ගමන් කිරීමෙන් ශක්තියක් වැය නොවීමය.

විදුලි හානියකින් තොර අධිබල විදුලි සම්ප්‍රේෂණය, ඝර්ෂණණයකින් තොරව, පොළොවට මදක් ඉහළින් ගමන්කරන අධිවේගී දුම්රිය, අඩු වියදම් එම්.ආර්.අයි ස්කෑන් තාක්ෂණය ආදිය සඳහා මෙය යොදාගත හැකිය.

මෙම පදාර්ථය සොයාගැනිමට පරීක්ෂණ මෙහෙයුම් සිදුකළ මහාචාර්ය රංග ඩයස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය වොෂින්ටන් සරසවියෙන් ලබාගෙන තිබේ. 

ඒ මහතා පශ්චාත් ආචාර්ය උපාධි ශිෂ්‍යත්වයක් ලැබ හාවඩ් සරසවියේ පර්යේෂණවල නිරතවීමෙන් අනතුරුව රොචෙස්ටර් සරසවියේ ආචාර්යවරයකු ලෙස මේ වන විට කටයුතු කරයි. 

මහාචාර්ය රංග ඩයස් මහතා පීඩන භෞතික විද්‍යාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්‍යාඥයෙකි.

එමෙන්ම ලුටිෂියම් හයිඩ්රයිඩ් උපයෝගි කරගනිමින් අධිවේගී දුම්රිය ධාවනයක් කිරීමේ හැකියාව, විද්‍යුත් ගුවන් යානා සහ බැටරි ආයු කාලය දිර්ඝ කරගැනීමේ හැකියාව ඇති තාක්ෂණික පෙරළියක් ඇතිකර හැකි නව නිපැයුම් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවද වාර්තාවෙයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය රංග ඩයස් මහතා,

“මම කිසිදවසක මේ ආකාරයේ වර්ණය වෙනස් කරනු ලබන අමුද්‍රව්‍යයක් දැකලා නැහැ. එය පළමුව නිල් පාට වර්ණයෙන් දිස්වෙනවා. පසුව එයට පීඩනයක් යෙදීමෙන් දීප්තිමත් රෝස පැහැයක් ගනු ලබන අතර තවදුරටත් පීඩනයක් යොමුකිරිමෙන් දීප්තිමත් රතු වර්ණයක් ගනු ලැබුවා. මම මගේ සිසුන් සමග විහිළුවක් කරමින් පැවසුවේ අපි එය රෙඩ්මැටර් නැත්නම් රතු පදාර්ථයක් ලෙස හඳුන්වමු කියා. මන්ද එය ඇත්තටම ආකර්ෂණීයයි. මෙම සොයාගැනීම මගින් විශේෂයෙන් ප්‍රතිරෝධයකින් තොරව විදුලිය සම්ප්‍රෙෂණය කිරීමටත් බලශක්තිය ගබඩා කිරීමටත් ඉඩ සැලසෙනවා. ඒ වගේම න්‍යෂ්ඨික සංයෝජනය ක්‍රියාවලියෙන් අසීමිත සුනිත්‍ය බලශක්තියක් උත්පාදනය කිරීමටත් එය අපේ අවශ්‍යතා සඳහා යොදාගැනීමටත් ක්‍රියාත්මක උත්සාහය පිළිබඳව ඔබ අසා ඇති. රෙඩ්මැටර් වැනි සුපිරි සන්නායකයක යොදාගැනීම්දී එවැනි ප්‍රතිඵලයක් අත්කර ගත හැකියි.”

“සුනිත්‍ය බලශක්තිය කාලගුණ වෙනසට පිළියමක් ලෙසද වැදගත්. ඒ වගේම මැග්නටික් ලැවිටේෂන් නැත්නම් අවකාශයෙන් අධිවේගයෙන් ධාවනය සඳහා මෙම සුපිරි අධිසන්නායක යොදාගත හැකි නිසා එය ප්‍රවාහනය සඳහාද වැදගත්. එහිදී එම ද්‍රව්‍ය අධිවේගී දුම්රිය ධාවනය සඳහා ඝර්ෂණයෙන් තොර දුම්රිය මාර්ග නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි අතර බලයකින් තොරව එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කළ හැකිවනවා. එපමණක් නොවෙයි වැඩි බැටර් ආයුකාලයක් සහිත විදුලි වාහන, විද්‍යුත් ගුවන්යානා දුරකථන ඇතුළු අප භාවිතාකරන උපකරණවල ක්‍රියාකාරීත්වයද මෙමගින් විශාල ලෙස වැඩිදියුණු කළ හැකියි.” -දෙරණ

SendShareShare
Previous Post

ගහපු ගැසට් කොළ කෑලි විතරයි! සේවකයන් ලක්ෂ 10ක් වර්ජනයේ! ඉල්ලීම් ටික මෙන්න! ආණ්ඩුවට තව සතියක් දෙනවා! වෘත්තීය සමිති අන්තිම දැනුම් දීම නිකුත් කරයි! VIDEO

Next Post

දැන් මොකද කරන්නේ? ඡන්දෙ ගැන කතා කරන්න මැතිවරණ කොමිසම අද රැස්වෙලා!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.