ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සියලුම දිස්ත්‍රික්ක මුල්කරගෙන මතවිමසුමක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිෙබේ.
මෙහිදී එජාපය රනිල් පාර්ශවය සමග එක්ව තරග කළහොත් ලැබිය හැකි ප්‍රතිපල සහ වෙන්ව නව ලකුණක් යටතේ තරග කළහොත් ගත හැකි ප්‍රතිපල ආදිය පිළිබදව මත විමසුම හරහා පිළිතුරු අපේක්ෂා කොට ඇති බව පැවසේ.
ලබන 28 වැනි දිනට ප්‍රථම මෙම සියලු මතවිමසුම්මල ප්‍රතිපල විමර්ශනය කොට අවසන් තීන්දුව ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.










