අරලිය ගහ මන්දරය මේ වනවිට සම්පූර්ණයෙන්ම හුදකලා කොට ඇති බවත්, එහි සිට කිසිදු රාජකාරී කටයුත්තක් සිදු නොවන බවත්, සියලුම සේවකයන්ට නිවෙසේ සිට රාජකාරී කිරීමට දැනුම් දී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා අනාවරණය කොට ඇත.
ඉංග්‍රිසි පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් මේ බව අනාවරණය කොට ඇති ඒ මහතා අරලිය ගහ මැදුර වසා දමා නොමැති බවට අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිකුත් කර තිබූ නිවේදනය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවද කියා සිටියේය.
එමෙන්ම අදාළ නිවේදනයේ තමන්ද අරලියගහ මැදුරේ කාර්යාලය තුළ ජනපති කාර්ය සාධක බළකායේ කටයුතු කරන බව පෙන්වා දී තිබුණද තමන්ට එවැනි කාර්යාලයක්වත් එහි නොමැති බවත්, පසුගිය දින කිහිපය පුරා එහි රැස්වීම් පැවැත්වුවේ වෙනත් ස්ථානවල බවත් ඒ මහතා කියා සිටියේය.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමෙන් අගමැතිවරයා පවා හාස්‍යයට ලක්වන බව මෙහිදී පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා කිසිදු කරුණක් සැගවීමට අවශ්‍ය නැති බවත්, මේ අයුරින් අසත්‍ය ප්‍රකාශ කිරීමට වැලිවිට මහතාට කිසිවකුත් බලපත්‍රයක් ලබා දී නොමැති බවත් කියා තිබේ.