• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය පාස්කු කොමිසමේදී මධුමාධවගේ නමත් එළියට දමයි

December 1, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසිය පාස්කු කොමිසමේදී මධුමාධවගේ නමත් එළියට දමයි
Share on WhatsAppShare on Facebook

පසුගිය වසරේ මැයි මස 13 වන දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්තාවට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා සම්බන්ධ බවට ජනාධිපති කොමිසමේදි අද (01) ප්‍රකාශ කෙරී ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරින් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් කියා සිටියේ කළහකාරි තත්ත්වයක් ඇතිවු දින මධුමාධව අරවින්ද මහතා එම ප්‍රදේශයේ රැදි සිට ඇති අතර එම සිදුවීමට පෙර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති සැකකටයුතු ජනහමුවකටද ඒ මහතා සහභාගි වී ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් එවකට ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතා කියා සිටියේ මිනුවන්ගොඩ නගරයට එක්‍ රැස්වු 1500 – 2000 ක පමණ පිරිසක් කළහාකාරි ලෙස හැසිරුණු බව හා ප්‍රමාණවත් නිලධාරින් සංඛාවක් නොසිටීම හේතුවෙන් පොලිසියට සහ ආරක්ෂක අංශ වලට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වු බවයි.

අදාළ සිදුවීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන දීප්ත ලියනගේ මහතාගෙන් ජනාධිපති කොමිසම Skype තාක්ෂණය ඔස්සේ සාක්ෂි විමසනු ලැබීය.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සදහන් කළේ මිනුවන්ගොඩ නගරය තුළ මෙම කළහාකාරි සිදුවීම් සිදුවී පළමු දින 03 තුළ සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකිවු බවයි.

මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා සිටියේ මෙම ගිනි තැබීමේ සහ පහරදීමේ සිදුවීම් පිළිබද කිසියම් දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක මෙහෙයවීමක් ඇති බව විමර්ශන වලදි ඔබට හෙළිදරව් වුයේද යන්නයි.

” ස්වාමිනි 2019 මැයි 13 මිනුවන්ගොඩ නගරයේ ඔය නොසන්සුන්තාවය ඇතිවෙන්න කළින් වෑගොව්ව, ගල්ඔලුව ප්‍රදේශයේ ශ්‍රී සුබද්‍රාරාම විහාරයේ යම් සිදුවීම් මලාවක් වී තිබෙනවා. විහාරයේ කුඩා සාමනේර නමකට මුස්ලීම් ජාතිකයෙක් පහරදීමක් කළා කියලා පොලිසියට පැමිණිල්ලක් ලැබුණා. ඒ සිදුවීම මුල්කරගෙන විහාරස්ථානයේ ගම්වාසින් එකතුකරලා රැස්වීමක් තිබිලා තියෙනවා. ඒ රැස්වීම සංවිධානය කරලා තියෙන්නේ ජගත් නැමැති පුද්ගලයෙක්. ජගත් නැමැත්තා මධුමාධව අරවින්දගේ සමීපතමයෙක්. ඒ රැස්වීමට ඇවිත් මධුමාධව කියලා තියෙනවා ” මේ වගේ සිද්ධි වලට එරෙහිව නැගි සිටින්න ඕනේ කියලා “. ඉන් සතියකට පස්සෙයි මිනුවන්ගොඩ නගරයේ ඔය නොසන්සුන්තාවය හටගෙන තියෙන්නේ. ඒ වෙලාවේ මුස්ලීම් ජාතික වෙළදසැල් වලට පහරදීමට වැඩියෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නෙත් අර රැස්විම තිබ්බ ගල්ඔලුව ප්‍රදේශයේ ජනතාව. අපේ පරික්ෂණ වලදි අනාවරණය වුණා මදු මාධව අරවින්ද ඔය මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්තාවය ඇතිවුණ අවස්ථාවේ ඒ ප්‍රදේශයේ රැදී සිටි බව යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදුන්නා. සිදුවීම වන අවස්ථාවේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතාද අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා. මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජගත් නැමැත්තාව හෝ මදු මාදව අරවින්ද නැමැත්තාව අත්අඩංගුවට ගැනිමක් සිදු කළේද යන්නයි.”

එයට පිළිතුරු දෙමින් ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතා කියා සිටියේ අදාළ තැනැත්නන් දෙදෙනා විසින් තමන් අත්අඩංගුවට ගැනිම වළක්වාලමින් අපේක්ෂිත ඇප අයදුම් ලබා ගෙන තිබු බවයි.”

SendShareShare
Previous Post

යාපනේ බලය පෙන්නන්න ‘වාඩා මචාන්’ සින්දුවක් ගහලා (VIDEO)

Next Post

සමහර බන්ධනාගාර නිලධාරීන්ග‌ේ ආදායම් අහිමි වෙලා: මහර කැරැල්ල කුමන්ත්‍රණයක්

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper