පොලිස් නිලධාරීන් 270දෙනෙකු ස්ථාන මාරුවීම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
ඊට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 219 දෙනෙකු හා පොලිස් පරීක්ෂකවරු 51 දෙනෙකු ඇතුළත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කරන ලද බලතල පැවරීම ප්‍රකාරව එම ස්ථාන මාරුවීම් සිදු කර තිබෙනවා.
කෙසේවෙතත් පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරන්නේ මෙම ස්ථාන මාරු ලේඛනය සදහා පොලිස්පතිවරයා අස්සන් කර අනුමැතිය ලබා දී නොමැති බවයි.
ඊට පොලිස්පතිවරයාගේ විරෝධය පළවී ඇති බවක්ද එම ආරංචිමාර්ග පවසනවා.
ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අස්සනින් යුතුව මෙම ලේඛනය නිකුත් කර ඇති බව වාරතා වෙනවා.










