• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෙරේදා රාජ්‍ය පරිපාලන ලේකම්ගේ චක්‍රලේඛය අතේ පත්තු වෙලා පැය 24ක් ගියේ නෑ! මෙන්න මේ රටේ ලොකුම ලොකු ඇමැති කෙනෙක් කියන කතාව! ඡන්දෙට සල්ලි නැති බව හැමෝම දන්නවා! ඡන්දෙ තියනවා නම් ඒකට සල්ලි හොයාගන්න එකත් කොමිසමේ වගකීමක්!

January 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Share on WhatsAppShare on Facebook

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මැතිවරණ කොමිසමේ වගකීමක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අමාත්‍යාංශවල පවා ප්‍රතිපාදන කප්පාදු කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇත්තේ ඔවුන්ට මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ඇති නිසා විය හැකි බවයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සහ පොහොට්ටුව කුමන්ත්‍රණය කරන බවට විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන ඇමතිවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට හෝ පොහොට්ටුවට මැතිවරණය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ නාම යෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

නාම යෝජනා අත්සන් තැබීම අද (12) දින උඩුගම්පල ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 19 කි. කොට්ඨාශ 413 ක් සඳහා පළාත් පාලන මන්ත්‍රීවරු 417 දෙනෙකු ඒ අනුව සිය නාම යෝජනා අත්සන් තැබූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 11 ක් සඳහා නාම යෝජනා අත්සන් තබා ඇත. අද දිනය තුළ ගම්පහ, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවල නාම යෝජනා අත්සන් කෙරිණ. ලබන සෙනසුරාදා වනවිට පොහොට්ටුව සිය අපේක්ෂක නාම යෝජනා ලැයිස්තු අත්සන් කර අවසන් කිරීමට නියමිතයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීය,

“පොහොට්ටුව ගම්මට්ටමින් ශක්තිමත් අත්තිවාරමකින් හැදුන පක්ෂයක්. මේ මැතිවරණයේදී අනෙක් සියළුම දේශපාලන පක්ෂ වලට වඩා අපට ශක්තිමත්ව මුහුණ දීමට හැකි ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අපේක්ෂකයෝ සියලු දෙනා ගම්වල වැඩ කළ, පොදු වැඩවලට සම්බන්ධ පිරිසක්. අත්දැකීම් තිබෙන, ජනතා සේවය කරපු, වැඩ කරපු පිරිසක් මේ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. අපේ කණ්ඩායමෙන් තරඟ කරන්නේ කටින් බතල හිටවපු පිරිසක් නෙමෙයි. කයිවාරු කෙළින, වැඩක් කරන්න බැරි මිනිස්සු නෙමෙයි මෙවර මැතිවරණයට තරඟ කරන්නේ. වැඩක් කරලා පෙන්නපු මිනිස්සුයි තරඟ කරන්නේ. අපිට මේ මැතිවරණය කිසිම අභියෝගයක් නෑ. මීට වඩා අපහසු කාලවලදී අපි මේ වගේ තරඟ කර මැතිවරණ ජයග්‍රහණය කර තිබෙනවා.

රජයක් ලෙස මුහුණ දෙන ගැටළු සහ මැතිවරණ කොමිසම මුහුණ දෙන ගැටලු කියන්නේ කාරණා දෙකක්. රජයක් ලෙස දන්නවා මේ ආර්ථික අර්බුදයත් එක්ක රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවා ගන්න, සමෘද්ධි ප්‍රතිලාභ සම්බන්ධව, ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධව පසුගිය කාලේ මුහුණ දුන්න ගැටළු. අද යම්තාක් දුරට ආර්ථිකය කළමනාකරණය කරගෙන ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් යන වේලාවක මැතිවරණයක් තැබිය යුතුද නැද්ද යන වග මේ රටේ ජනතාව තීන්දු කරයි.

මැතිවරණයට මුදල් නැති බව අපි හැමෝම දන්නවා. පසුගිය කාලේ කිව්වා රාජ්‍ය සේවකයෝ පඩි නැතිව දීමනා නැතිව මැතිවරණයකට සුදානම් වෙනවා කියලා. මැතිවරණ කොමසාරිස් ඒ සඳහා වගකීම භාරගෙන කටයුතු කිරීමට සුදානම් නම් අපි මැතිවරණයට මුහුණ දීමට ලැහැස්තියි. ප්‍රතිපාදනවල ගැටළුවක් තිබෙන නිසා අපේ අමාත්‍යාංශවලත් ප්‍රතිපාදන කප්පාදුවක් කරපු පසුබිමකයි අපි මේ මැතිවරණයක් ගැන කතා කරන්නේ. මැතිවරණ කොමිසමට මුදල් තිබෙන නිසා වෙන්න ඇති ඔවුන් නාම යෝජනා කැඳවන්නේ. මැතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම ඔවුන්ගේ වගකීමක්. පක්ෂයක් විදියට අපි මැතිවරණයට සුදානම් වෙනවා.

සමහරු කියනවා මේ ආණ්ඩුව වගේම පොහොට්ටුවත් මැතිවරණය කල් දාන්න කුමන්ත්‍රණය කරනවා කියලා. අපිට මැතිවරණ කල් දාන්න කිසිම උවමනාවක් නෑ. මැතිවරණ කොමිසම ඡන්දය තියෙනවා නම් අපි ඒකට මුහුණ දෙන්න ලැහැස්තියි.

ඇමැති මාධ්‍ය ඒකකය

SendShareShare
Previous Post

ගෝඨා ගිහින් රනිල් ආවත් මානව හිමිකම් වාර්තාවේ කිසිම දියුණුවක් වෙලා නෑ! රනිල් උත්තර දීලා තියෙන්නෙත් මර්දනයෙන්! ජාත්‍යන්තර හියුමන් රයිට්ස් වොච් ආයතනය 2023 අලුත්ම වාර්තාව එළියට දමයි!

Next Post

භාණ්ඩාගාරයයි කොමිසමයි හමුවුණා! කොටස් වශයෙන් සල්ලි දෙන කතාවක් නෑ! සල්ලි අපහසුතාව ගැන කතා කළා විතරයි! ඡන්දය තියන්න කිසිම බාධාවක් නෑ! අනිවාර්‌යයෙන්ම ඡන්දය තියනවා! ඡන්දෙ කඩාකප්පල් කරන්න යැවූ තවත් පිල්ලියක් කොමිසමේ සභාපති මේ දැන් ආපිට හරවයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper