මේ වනවිට රට අරාජික වී ඇති බවත්, රට නිසි ලෙස ගෙන යාමට අවශ්‍යතාවයක් ඇත්තේ නම් පළමුව වෙනස් කළ යුත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා බවත්, ඔහු සිටිනා තාක් මේ රටේ පාලනය කිසිවෙකුට නිසි ලෙස ගෙන යාමට හැකි වන්නේ නැති බවත් නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මුරුත්තෙට්ටුවේ හිමියෝ මේ බව සදහන් කළහ.
තමන් වහන්සේලා වර්තමාන ආණ්ඩුව සතුටින් බලයට පත් කළ ද අද මහත් වේදනාවෙන් කතා කරන්නට සිදුවී ඇති බවද උන්වහන්සේ කියා සිටියහ.
අද රටේ ප්‍රශ්න පිළිබඳව ඉතා කනගාටුවෙන් හා වේදනාවෙන් කතා කිරීමට සිදු වී ඇති බවත් රට අද ආණ්ඩුවක් නැති අරාජික බව පෙනී යන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.










