බීමත් රියදුරෙකු විසින් ගල්කිස්ස, පීට්සා හට් වෙළෙඳසැළ ආසන්නයේදී අපරික්ෂාරීව ධාවනය කළ ජීප් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරට ලක්වීමෙන් පසු මාර්ගයේ පසෙක තිබූ යකඩ වැටක ගැටී ඇති අතර ත්‍රීරෝද රථයේ ගමන් කළ කුඩා දරුවෙකු හා මවක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම අනතුර ඊයේ රාත්‍රී 8.30ට පමණ සිදුවතිබේ.
ජීප් රථය ත්‍රීරෝද රථයේ ගැටීමත් සමග ත්‍රීරෝදරථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ ද ගැටී ඇත.












