• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැන් කළ අතෑරීම ගැන ගම්මන්පිල දුන් උත්තරේ (රාජ්‍ය රහස්)

November 10, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 1 min read
A A
පැන් කළ අතෑරීම ගැන ගම්මන්පිල දුන් උත්තරේ (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය හේතුවෙන් මේ දිනවල රටේ දේශපාලනයද පවතින්නේ තරමක් ඇල්මැරුණු ස්වභාවයකය. පසුගිය කාලයේදී නම් කොරෝනා මැද්දේ වුව මහ මැතිවරණය සහ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය යන මාතෘකා ඉතාම උණුසුම්කාරී වූ හෙයින් කොරෝනා පරද්දා උඩට ඒමට මහ මැතිවරණයටත් විසිවැනි සංශෝධනයටත් හැකියාව ලැබී තිබිණ. නමුත් දැන් ඒ දෙකම අවසන් නිසා කොරෝනා වසංගතය ඉහළට පැමිණ ඇති අතර, ඒ නිසාම දේශපාලන සිදුවීම්ද තරමක් යටගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

කෙසේ වෙතත් මේ ඇල්මැරුණු දේශපාලන වටපිටාව මැද්දේ පසුගිය සතියේ ලංකාවේ දේශපාලනය පමණක් නොව සමාජ මාධ්‍ය ජාලාද කළඹවාලන අමුතුම ආකාරයේ සිදුවීමක් වාර්තා විය. ඒ, කොරෝනා වසංගතයෙන් රට මුදාගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් වන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාත් විශ්වශක්තියෙන් බලගන්වන ලද පැන් කළ ගංගාවලට අතහැරීමය. මෙය ඉතා රහසිගත ලෙස වැඩි ප්‍රසිද්ධියකින් තොරව සිදුකළත් එම සිදුවීම පළමු වතාවට වීඩියෝ සමඟම රටට අනාවරණය කිරීමට අප වෙබ් අඩවිය වන www.mawratanews.lk වෙබ් අඩවිය කටයුතු කළේය. ඒත් සමඟම මෙම වීඩියෝම වාර්තා පිට වාර්තා තබමින් දින දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත ලක්ෂ ගණනක ප්‍රමාණයක් නැරඹීඹට පියවර ගෙන තිබිණ. සියලුම සමාජ මාධ්‍ය ජාලාවල සහ වෙබ් අඩවිවල ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේ අප විසින් අනාවරණය කළ එම වීඩියෝවය. රාජපක්ෂවරුන්ගේ රාජකීය වෛද්‍යවරයා ලෙස සැලකෙන ඒලියන්ත වයිට් විසින් මෙම පැන් කළ විශ්ව ශක්තියෙන් බලගන්වා සකස් කරදී තිබූ අතර, එය සෑම දිස්ත්‍රික්කයම සිටින මන්ත්‍රිවරුන් වෙත ලබාදී තම තමන්ගේ ප්‍රදේශවල ඇති ගංගා, ඇළදොළවලට මුදාහරින ලෙසට දැනුම්දී තිබූ බවක් වාර්තා විය. පවිත්‍රා රත්නපුරේදී කළු ගඟටත්, ප්‍රසන්න ගම්පහදී කැලණි ගඟටත්, උදය කොළඹදී කැලණි ගඟටත් මෙම පැන් කළ මුදාහැර තිබුණේ ඒ අනුවය.
කෙසේ වෙතත් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවල ‘වෛරල්’ එකක් බවට පත්වීමත් සමඟ ආණ්ඩුවේ බොහෝදෙනකුත්, හිතවතුනුත් පවිත්‍රාටත්, ගම්මන්පිලටත්, ප්‍රසන්නටත් කතාකොට ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසන්නට පියවර ගෙන තිබිණ. එහිදී ප්‍රසන්න ඒ කිසිවකට උත්තර දීමට පියවර නොගත් අතර, ගම්මන්පිල තමන්ගෙන් විමසූ අයට කියා තිබුණේ ඒලියන්ත වයිට් යනු තමන්ගේ පවුලේ හිතවතකු බවත්, ඔහු දුන් උපදෙස් අනුව තමන් එම කටයුත්ත කළ බවත්ය.
“ඒලියන්ත වයිට් මම අඳුනන්නේ ගොඩක් කල් ඉඳන්. මමත්, මගේ නෝනත් විශාල ගෞරවයකින් යුතුව එතුමට සලකනවා. ඒ වගේමයි අපි එතුමන්ව විශ්වාස කරනවා. එතුමව වගේම අනුරාධපුරයේ මෑණියන්වත් අපි විශ්වාස කරනවා. ඒ හින්දා එතුමා දුන්න උපදෙස් අනුව අපි මේ වසංගතය නිමාවෙන්න ප්‍රාර්ථනා කරල තමයි මේ පැන් කළ ගඟට දැම්මෙ. අනෙක ඉතින් ඕක වීඩියෝ එකක් විතරයිනෙ. ඕව ගැන වැඩිය හිතන්න යන්න ඕනෙ නෑ…” යනුවෙන් ගම්මන්පිල සිය හිතවතුන්ට කියා සිටි නමුත් මේ තිදෙනාගෙන් කිසිවකුත් මාධ්‍ය ඉදිරියේ මේ ගැන වචනයක් හෝ කතා නොකිරීම විශේෂ සිදුවීමක් විය.
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා (3දා) පවිත්‍රාට පාර්ලිමේන්තු ඒමට සිදුව තිබූ බැවින් ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද මේ පිළිබඳව කළ විමසීම්වලින් පවිත්‍රාට ගැලවීමක් නොතිබිණ. සභාව ආරම්භ වූ පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ පිළිබඳව විමසමින් සිය කතාව කරගෙන ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. සජිත් කියා සිටියේ මේ පැන් කළ ගඟට අතහැරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යවරියට කැලණියේ නාගරාජයාගෙන් උපදෙස් ගැනීමට තිබුණා යැයි කියාය. සජිත් ඒ ආකාරයට ඉකුත් ජනාධිපතිවරණ සමයේ කැලණි ගඟෙන් මතුවූ නාගරාජයාගේ සිදුවීමත් මතක් කරමින් පැන් කළ විසි කිරීම පිළිබඳව කතා කිරීමත් සමඟ පාර්ලිමේන්තුව උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව සිය කතාවේදී ඊට පිළිතුරු දෙමින් පවිත්‍රා කියා සිටියේ කොරෝනා වසංගතය නිමා වන්නේ නම් තමන් පැන් කළ වත්කිරීමෙන් නොනැවතී මුහුදට වුව බිලිවීමට සූදානම් යැයි කියාය.
පවිත්‍රා නම් මේ ආකාරයට පාර්ලිමේන්තුවට පැමිණ කතා කළත් එදින ගම්මන්පිල හෝ ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමක් විය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

එන්න එන්න භයානක ‘පොලිස් පොකුර’ මැද්දේ එන අලුත් පොලිස්පති

Next Post

චීනය ඉන්දියාවට පහර දෙන්න ඔන්න මෙන්න

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.