විදෙස් රටවල් කොරෝනා වසංගතයෙන් විනාශ වද්දී පාර්ලිමේන්තු බලය, පළාත් සභා බලය නොමැතිව ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව ලංකාවේ එම වසංගතය සාර්ථකව මැඩපැවැත්වූ බව මාතලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
අද (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
එම වෑයමේදී ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ දැක්වූ සහයෝගය අගය කළ යුතු බවද ඒ මහතා කීය.
‘ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ප්‍රධාන කරුණ වෙන්නේ ජාතික ආරක්ෂාවය මුල්තැනයි. එතුමා බලයට පත්වෙලා ඉතා කෙටි කාලයක් තුළ ජාතික ආරක්ෂාවට මුල් තැන දීම පළමු දවසින් ම ආරම්භ කළා. ඊයේ දිනයේදී එතුමාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය විසින් ලොකුම පාතාල අවි ගබඩාව අත්අඩංගුවට ගත්තා. පාතාලය නැති කිරීමේ වගකීම කරට අරගෙන ත්‍රිවිධ හමුදාවට පොලිසියට පාතාලය නැති කරන්න උපදෙස් ලබා දීලා තියෙනවා. වත්මන් ජනාධිපතිතුමා යටතේ රටේ ආරක්ෂාව තහවුරු වන බව දැන් ජනතාවට පැහැදිලි වෙලා තියෙන්නේ.
හරීන් ප්‍රන්නාදු මහතා කාදිනල්තුමාට අපහාස කළා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මහ පාරට බැහැලා මේ රටේ ජනතාව එකතු කළා. නමුත් එවක ආණ්ඩුව කලේ වෙඩි නොවදින බෙන්ස් රථයක් ලබා දුන්නා. නමුත් එතුමා කියා සිටියේ මේ ආරක්ෂාවට වඩා ජනතාවගේ ආරක්ෂාවයි වැදගත් වෙන්නේ කියලයි. මේ අය හදන්නේ තමන්ගේ අසාර්ථකත්වය හා පරාජය ආගමික නායකයෙකු මත පැටවීමටයි.
කෝවිඞ් 19 වසංගතය නිසා රටේ තත්වය ගැන එකිනෙකා එක එක තැන් වල විවිධ දේ කියනවා. ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ආකාරයෙන් රජය පැසසුමට ලක් කලේ නැහැ. අපි ජනතා විමුක්ති පෙරමුණේන බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. හැබැයි මතක් කරන්න ඕනේ මේ රටේ කාලයක් තිබුණා බෝට්ටුවලින ඔස්ට්‍රේලියාවට ගියා. නමුත් දැන් බෝට්ටුවලින් මේ රටට පැනලා එන තත්වයකට පත්වෙලා. 52 000ක විදේශිකයින් මෙරටට එන්න හදනවා. දැන 12 000ක් පමණයි ගෙන්වනු ලැබුවේ. එයට හේතුව වසංගතය බලවත් යැයි කියන රටවල් විසින් හරි පාලනයකට කළමණාකරයකට ගෙන නොඒමයි. නමුත් පාර්ලිමේන්තුවක් නැතිව පළාත් සභාවක් නැතිව කැබිනට් මණ්ඩලයත්, සෞඛ්‍ය අංශයත් ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් එක්ව කල කටයුත්ත පැසසුමට ලක් කළයුතුමයි. එයි ගෞරවය වර්තමාන ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට හිමි විය යුතුයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
(ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
දැන් ඉදිරි මැතිවරණයට මාසයක කාලයක් තුළ මැතිවරණ ව්‍යාපාරය ඉතා සාර්ථක අන්දමින් මුඵ දිවයිනම ආවරණය වන පරිදි සිදු කරමින් යනවා. මේ අවස්ථාවේදී ජනවරමක් ඉල්ලා සිටින්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරිමයි උදෙසායි. එය ජනාධිපතිවරණයේදී ජනතාව අනුමත කරනු ලැබුවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු බලතල වැඩියි. අපි 2/3ක බලයක් අපේක්ෂා කරනවා.
1978දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන කොට ජේ ආර් ජයවර්ධන මහතා සළකුණූ කලේ 1956 ප්‍රතිපත්තිවලට අනුව එක්සත් ජාතික පක්ෂයේ වැඩිම ආසන ගණනක් එයි කියලා හැම මැතිවරණයකදී හිතනවා. අපේ අරමුණු 03ක් තියෙනවා. ජාතික ආරක්ෂාව, තරුණ අපේක්ෂා මුදුන්පත් කිරීම හා ආර්ථික සමෘද්ධීය ඇති කිරිමයි. එය සහතික කරන්න පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය වනවා.
පසුගිය කාලයේ මුඵ ලෝකයම ලෝක ආර්ථීක අර්බුදයකට මුහුණ දෙන නිසා අපෙගේ න්‍යායන් වෙනස් කරගෙන රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් දියත් කරනවා. දැන් තහවුරු කරන ජාතික ආරක්ෂාව තුළ ජනතාව තුළ විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා.
දැනට අහිමි වී ගිය ආදායම් මාර්ග හැටියට සියල්ල අඩාල වෙලා තියෙන්නේ. ඇඟලුම් කර්මාන්ත අංශය ගත්තාම යුරෝපිය රටවල් වල ඇඟලුම් ඇණවුම් අද වන විට ඇණ හිටලා තිබෙනවා. ඒවාගේම විදේශ රැකියා නිසා ලැබුණු විදේශ මුදල් හා විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටුනත් මේ කරුණු 03 තුළ තමයි පසුගිය කාලවලදී රට ශක්තිමත්ව තිබුණේ. ජාතික ආරක්ෂාව තුළ සංචාරක ව්‍යාපාරයට හොඳම රට බවට තව මාස කිහිපයකින් මේ රට පත් වෙන බව කියන්න අවශ්‍යයි. මොකද සුරක්ෂීත රටක් හැටියට අපේ රට ගෙන එන්න වත්මන් ජනාධිපතිතුමාට හැකිවුනා.
අපි විසින් ජනතාවට සහන ලබාදීමම ප්‍රමාණවත් නැහැ. ආර්ථිකය ශක්තිමක් කරන්න කියන වැඩපිළිවෙල හමුවේ ඉදිරි කාලයේදී යොමු වෙනවා. කෘෂි ආර්ථිකය, අපනයන ආර්ථීකය යන ඒවා මුලික වනවා.
අද විපක්ෂය ඉදිරිපත් කරන විකල්ප බලවේගය කුමක්ද? අපි හිතමු අවුරුදු 20කින් බලයට ආවා කියලා ඇවිල්ලා ජනතාව වෙනුවෙන් මොනවාද කරන වැඩපිළිවෙල කියලා මෙතෙක් ඉදිරිපත් කරලා නැහැ. මම අභියෝග කරනවා තමන්ගේ වැඩපිළීවෙල ඉදිරපත් කරන්න කියලා. රැස්විම් 2500ක් තිබ්බාට වැඩක් නැහැ. තැන් තැන්වලට ගිහිල්ලා පොරෝන්දු දීලා , ගොවින් ගාවට ගිහිල්ලා අගමැති හැටියට පොරොන්දු දෙනවා. මේ රටේ සාමාන්‍ය ජනතාවට තේරේනවා මොන හේතුවකටවත් හිනයෙන්වත් ජන බලයක් නොලැබෙන බවයි. අපට කවදා හෝ ක්‍රියාවට නංවන විකල්ප යෝජනා දෙන්න.
අපේ රට විතරක් නොවෙයි වැටිලා තියෙන්නේ. වැඩියෙන්ම භාණ්ඩ නිෂ්පාදනය කරන චිනයේ බඩු විකුණාගත නොහැකි තත්වයකට පත්වෙලා. මොකද එම නිෂ්පාදන මිලදී ගැනීමට හැකියාවක් ලෝකයේ රටවල් වලට නොහැකි වීම නිසායි. හැබැයි රාජපක්ෂවරු මේ රටට ආදරෙයි. රටට අහිතකර ගිවිසුම් ගහන්නේ නැහැ වගේම අහිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැහැ.
මේ වන විට කඩා වැටුන මුල්‍ය ආයතන වල වගකීම ගත්තාම මහ බැංකුවේ නියාමනයේ යම් යම් ප්‍රශ්න තිබිය හැකියි. ආයතන 226 ක් මහ බැංකුවේ ලියාපදිංචි නොවී මුල්‍ය ආයතන ලෙස කටයුතු කරනවා. හැබැයි මේ ආයතන වල මුදල් තැන්පත්කරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමා යම්යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා. අපි ජනතාවට සහතිකයක් දෙනවා ජනතාවට අලාභයක් නොවන ආකාරයට ආණ්ඩුව මෙහි වගකීම අරගෙන කටයුතු කරන බව කියන්න අවශ්‍යයි. දැන් මහ බැංකුවෙන් කියලා තියෙනවා ආරක්ෂාව අනිකුත් බැංකුවලට සපයනවා කියලා. එසේ කලාම ජනතාවට සහන ලබා දීමට හැකියාවක් ලැබෙනවා. ජනාධිපති කාර්යාලයේ වෙනම අංශයක් ස්ථාපිත කරලා තියෙනවා ඒ සහනාධාර ලබා දීම නිර්ක්ෂණය කරන්න.
අපේක්ෂක මොහොමඞ් මුසම්මිල් මහතා.
(ජාතික නිදහස් පෙරමුණ)
අපි ආණ්ඩුවක් හැටියට මේ රට මුහුණ දෙන අභියෝගය තමයි පශ්චාත් කොරෝනා තත්වය හමුවේ මේ රට යළී ගොඩ නැගීමේ ක්‍රියාදාමයි. ඊට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වර්තමාන රජයත් හැමවේලාවකම ජනතාව සමඟ ගොඩ නගන සංවාදය තමයි මේ තත්වය හමුවේ රට ගොඩ නගන්නේ කෙසේද කියලා. ඉතා අවාසනාවන්ත විදිහට විපක්ෂය පරණ බොළඳ දේශපාලනයක නිරත වෙනවා. විපක්ෂය කිසිදු දැක්මක් නැහැ. වැඩපිළිවෙලක් නැහැ. ජනතාව මුලා කිරීමේ උත්සාහයක නියැළෙනවා.
අපි දැක්කා පසුගිය දිනක අනුර දිසානායක මහතා කියනවා ඵක්‍ක් ගිවිසුම අත්සන් කරනවා නම් දිවි පුදනවා කියලා. නමුත් දන්නවා දිවිපුදන්න වෙන්නේ නැහැ මේ ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේක්ෂකයෙකුව සිටියදී එතුමා පැහැදිලිව ම කියා සිටියා මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. එදා නිදහස් දවසේත් කියා සිටියා රටට අහිතකර කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියලා. රටට බලපෑම් කරන්න විදේශ රාජ්‍ය ආයතන කටයුතු කරනවා නම් ඊට පියවර ගන්නවා කියලා. බොහෝම සෘජු නායකයෙක් හැටියට ප්‍රකාශ කලා. වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පවා ප්‍රකාශ කළා. අපි අහනවා මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා දැනදැනත් ජනතාව මුලා කරන්න කටුතු කරන්නේ ඇයි කියලා.
මේ ඵක්‍ක් ගිවිසුම 2018 හා 2017 මුලික ගිවිසුම් 02ක් අත්සන් කරලා තියෙනවා. චම්පික මහතා ප්‍රමුඛ වෙලා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න සෙත්සිරිපායේ හා අරලිය ගහ මන්දිරයේ කාර්යාල විවෘත්ත කරලා තිබුණා. මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුවේ තමයි හිටියේ. අනුර දිසානායක රෑට රෑට රනිල් වික්‍රමසිංහ මහතා ගාවට ගිහිල්ලා දඩයම් මන්දිරයක් හදාගෙන එයට නිතිපති දේපාර්තමේන්තුවේ නිලධාරින් හා පොලිස් නිලධාරින් මෙන්ම දේශපාලනඥයින් එවක දේශපාලනමය වශයෙන් දඩයම් කරන්න ගිය අනුර දිසානායක එවක මුලික ගිවිසුම් අත්සන් කිරිම ගැන වචනයක් කතා කරන්නේ නැහැ. රනිල් හාමුට ඒ තරම් කීකරුව කටයුතු කළා.
දැන් ටිල්විල් සිල්වා මහතා කියනවා රටේ කොරෝනා පතුරුවා හැරියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා. කුහක මෙන්ම පහත් ඝනයේ ප්‍රකාශයක් වනවා. මු`ඵ ලෝකයේම රාජ්‍ය නායකයෝ ප්‍රසංසා කරනවා වත්මන් ජනාධිපතිතුමාට මේ කොරෝනා මර්දනයට ගත් පියවර අගය කරමින් බවයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ මේ වෛද්‍යවරු කරන්න ඕන දේ හමුදාව දාලා කරනවා කියලා. ඔවුන්ට අවශ්‍ය වුනේ මේ වැඩපිළීවෙල සාර්ථක විම වළක්වාලන්නයි. අද ටිල්වල් සිල්වා මහතාට, අනුර දිසානායක මහතාට, සජිත් ප්‍රේමදාස මහතාට හා රනිල් වික්‍රමසිංහ මහතා යන හැම කොනාටම කොරෝන හැදෙන්න නොදී ආරක්ෂා කළා. හැමදෙනාගේම ජිවිත බේරුවාට තුති පුදනවා වෙනුවට ජනාධිපතිතුමාට අපහාස කරන්නයි උත්සහ කලේ.
දැන් සජිත් මහතාගේ වැඩපිළිවෙල මොකද්ද? අපි නම් රට ගොඩ නගන්න තමයි අපේ සංවාදය තියෙන්නේ. මේ රටේ මිනිසුන්ගෙන් ඡන්ද ඉල්ලන්නේ 06 වෙනිදාට සිරිකොතේ බලය අල්ලන්නයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා බලය ඉල්ලනවා විපක්ෂයේ බලය තියා ගන්න.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා.
(ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
අද මැතිවරණය ඉදිරියේ ඉතා වැදගත් තීරණාත්මක මන්සන්ධියක සිටින වෙලාවක් වනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ මුලික කරුණු 4ක් පදනම් වනවා. එනම් පුරවැසියා, පවුල , ගුණගරුක හා නිනිගරුකව ජිවත් විම වගකීම හා වගකීම හා දේශය යන්නයි. ඒ කරුණු 04ට අමතරව තවත් කරුණු ගැන අවධානය යොමු කළා. එනම් ආර්ථිකය, සමාජ ගැටලු වලට විසදුම්, පාරිසරික තත්වයන් හා අධ්‍යාපනය යන සෙසු කරුණු වෙනවා. රටක් සංවර්ධනය වෙන්න නම් වර්ධනයක් තිබිය යුතුයි.
අපි හැම තිස්සේ දැක්කා ජනපති අගමැති එක්ක ධාරවක එක ගමනක් ඔස්සේ ගමන් කරන්න ඕනේ කියලා. චන්ද්‍රකා හා රනිල් අසාර්ථකයි. මෛත්‍රි රනිල් ආසාර්ථක වුනා. රනිල් හා සජිත් මහතාද එසේම ආසාර්ථක වුනා. නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ධාරාව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ කියන විශාල සන්ධානය තුළ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය කියන්නේ ජනපති අගමැති එක ධාරාවක් කියන එකයි. මේ රටට හමුවුන අවසාන අවස්ථාව වනවා. ශක්තිමත් දේශයක් ගොඩනගන්න අගමැතිතුමා හා ජනාධිපතිතුමා යන සුසංයෝගයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ අවසාන අවස්ථාවයි. හැම කණ්ඩායමකට ම ආරාධනා කරනවා තිරසාර සංවර්ධනයක් උදෙසා ශක්තිමත් දේශයක් ගොඩනගන්න සියලු දෙනා එක්වන්න.
අපි හැමෝම 1971 දී ආයුධ සන්නද්ධ පිරිසක් නිසා පසුගාමී රටක්. 88/89 වර්ෂවල මේ රට ගිනිබත් වුනා. විද්වතුන් උගතුන් මරා දැමුවා. විනාශ කරා අර රතු ටික. ඒ අය සම්පූර්ණයෙන්ම මේ රට පස්සට ඇද්දා. 83 ඉඳලා 2009 දක්වා මේ රට යුද්ධක හිර වෙලා හිටියේ. ඒවගේම 2019 ඉස්ලාම් අයි එස් ත්‍රස්තවාදීන් බෝ වෙලා මේ ගිනිබත් කළා. මේ අවුරුදු 72න් අවුරුදු 40කට ආසන්න කාලයක් අභ්‍යන්තර ගැටුම් නිසා දුක් විඳපු රටක් බව මතක් කරනවා. ඒ නිසා අපි නිර්භීත නායකයෙක් සෙව්වා. 52% ක ශක්තිමක් බහුතරක් එක්ක වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්කර ගත්තේ. අද ජනාධිපතිවරණයක් තිබුනොත් එතුමා 70% ක් ඡන්ද ගන්න 2/3ක් තනියෙන් ගන්න පු`ඵවන් නායකයෙකු හැටියට ජනතාව විසින් පිළිගෙන තිබෙනවා.











