විදෙස් සංචාරයක් සදහා ගොස් යළි ලංකාවට පැමිණ ඇති පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මේ දිනවල නිරෝධායනයට ලක්ව සිටින බව දැනගන්නට තිබේ.
ඔහු ඉකුත් මාර්තු මස 06 වැනිදා පෞද්ගලික සංචාරයක් සඳහා සිය බිරිද සමග නවසීලන්තයට ගොස් ඇති අතර පසුව ඉකුත් මාර්තු 15 වැනිදා ඕස්ටේ‍්‍රලියාවට සංචාරය කර ඇත.
ඕස්ටේ‍්‍රලියාවේ සිට පෙරේදා (10) පැමිණී ශී‍්‍ර ලංකන් විශේෂ ගුවන් යානයෙන් ඔහු යළි මව්බිමට පැමිණ ඇති අතර පසුව පෞද්ගලික හෝටලයක වේත‍්‍රධාරීවරයා ඇතුලු පවුලේ පිරිස මෙලෙස නිරෝධායනයට ලක්ව සිටින බව දැනගන්නට ඇත.











