මේ වනවිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් කපා දමා හෝ වැටුප් කපා දැමීමට සැලසුම් කර ඇති බවත්, ඊට වහාම ආණ්ඩුව මැදිහත් වී එම සේවකයන්ගේ වැටුප් ආරක්ෂා කර දිය යුතු බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අනෙකුත් රටවල් සියලුම සේවකයන්ගේ වැටුප් සුරක්ෂිත කර දීමට කටයුතු කර ඇති වටපිටාවක් යටතේ ආණ්ඩුවද සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් වහාම මැදිහත් වී කටයුතු කළ යුතු බවකි.
එමෙන්ම ජල සහ විදුලි බිල්පත් සම්බන්ධයෙන්ද ජනතාවට සහනයක් ලබා දිය යුතු බවද ඒ මහතා රජයට පෙන්වා දී ඇත.











