පාකිස්ථානයේ චීන තානාපති Nong Rong ඉලක්ක කරගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානයක් වන Tehreek-e-Taliban Pakistan (TTP) විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
පාකිස්තානය තුල චීනය විසින් සිදුකරන ආයෝජනයන් හී වැඩිම ප්‍රමාණයකට හිමිකම් කියන බලුකිස්ථානයේ මහ ඇමතිවරයා ඇතුලු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් හමුවීම සදහා Nong Rong තානාපතිවරයා නගරයේ සෙරීනා හෝටලයේ නැවතී සිටින කාලය තුලදී මෙම ප්‍රහාරය එල්ල වී ඇතත්, ඉන් තානාපතිවරයාට හානියක් සිදුවී නැත.
ක්වේටා යනු ඉරානය හා ඇෆ්ගනිස්ථානයට මායිම්ව ඇති ඛනිජ පොහොසත් නිරිතදිග බලුකිස්තාන් පළාතේ අගනුවර වන අතර එහි සම්පත් චීනයට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානීන් ඉස්ලාමීය අන්තවාදීන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
චීන ආධාර සහිතව ඉදිකරන ලද ගෝදාවර් විශාල නැව් ගෙන්විය හැකි ගැඹුරු වරාය පිහිටා ඇත්තේද මෙම ප්‍රාන්තයේ වන අතර චීනය විසින් එම ප්‍රාන්තයේ ඇමරිකානු ඩොලර් බිලියන 65ක පමණ ආයෝජන සිදුකිරීමට නියමිතව ඇත.
චීන ව්‍යාප්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩනයට පත්වන ඉස්ලාමීය ජාතිකවාදී තරුණ කණ්ඩායම් මෙවැනි ප්‍රහාරයන් සදහා යොමුවන බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.










