ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.
අද (22) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් කථානායකවරයා පවසා සිටියේ, එම පරීක්ෂණයෙන් ලබාදෙන වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවය.
අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබු දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී නොසන්සුන් තත්ත්වයක් හට ගැණුනි.










