බදුල්ල, පස්සර ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු සහ ටිපර් රථ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුවන් දෙදෙනා අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අනතුරින් බස් රථයේ රියදුරු මියගිය බවට වාර්තා පළ වුවද තුවාල ලැබුවන් අතර රියදුරු සිටින බවට හඳුනාගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධියෙන් පසු පළාගිය ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් පස්සර ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රීයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.