2019 වනජීවී දිනය දා එවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය අද දින ඔහුගේ ෆේස්බුක් පිටුවේ නැවත පළ කොට තිබේ.
එම වීඩියෝව මෙසේය.
අද ලෝක වනාන්තර දිනයයි.
වනාන්තර සුරකිනවා යනු හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කර ගැනීමයි. මා ජනාධිපති ව සිටි කාලයේ දී ලංකාවේ පළමු වතාවට ජනාධිපතිවරයෙකුගේ විෂය පථයට පරිසර අමාත්‍යාංශය පවරාගෙන සිංහරාජ වනාන්තරය තුන් ගුණයකින් විශාල කොට වනාන්තර ආරක්ෂා කිරීමට එක් දිනකදී ගැසට් පත්‍ර 65ක් අත්සන් තබා අවශේෂ කැලැ ,රක්ෂිත වනාන්තර බවට පත්කලේ මිහිමත ජීවත්වෙන සියලු සතුන්ගේ අදටත් මතු අනාගතයටත් ජිවත්වීමේ හා හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහායි.