ඊයේ (06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ , වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, කෙටිකාලීන සහ දිගුකාලීන ප්‍රතිවිපාක සහිත සාධක ගණනාවක සමස්ත ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාව දැන් නිදහසින් පසු බරපතළම ආර්ථික සමාජ අර්බුදයටත් දේශපාලන අස්ථාවරත්වයටත් ගොදුරු වී ඇති බවයි.
ඉන් ගොඩ එනු පිණිස අපේ දේශපාලන, ආර්ථික, සමාජ දේහයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ සමූහයක් කළ යුතු බව පොදු පිළිගැනීම වී ඇති බවත්, හැකි කෙටිම කාලය ඇතුළත විනිමය හිඟය කළමනාකරණය, භාණ්ඩ හා සේවා සැපයුම් යථාතත්වයට පත්කිරීම ඒ අතර ප්‍රමුඛත්වය ගන්නා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.










