• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේවානිලාගේ කඩොලාන සටන නාට්‍යයක්ද? (සංවාදයට විවෘතයි)

March 1, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
දේවානිලාගේ කඩොලාන සටන නාට්‍යයක්ද? (සංවාදයට විවෘතයි)
Share on WhatsAppShare on Facebook

දවසක් දා වෙනස් රාජකාරි කටයුත්තකට මීගමු කළපුව දිගේ පොඩි රවුමක් ගැහුවා.ඒ යන අතරෙ ඈතින් පේන රැජිණ දූපත දිහා බලාගෙන කතාකරපු කාරණා ටිකක් මෙහෙම රටටම කියන එක හොඳයි කියලා හිතුණා.‍‍

අපි මුලින්ම ඇහුවා
“කෝ මේ රැජිණ දූපත කියලා?”

උත්තරය ලැබුණෙ මෙහෙම
“රැජිණ දූපත කියලා එකක් නෑ ? ”
“රැජිණ පාර කියලා එකක් තියෙනවා. රැජිණ පාරට තමයි රැජිණ දූපත කියලා නම හදාගත්තේ ඒ පාරේ තියෙන දූපත කියලා ”

“ එතකොට දූපතේ නම මොකක්ද?”
“ඒ දූපතේ නම කුට්ටිකාඩු ”

“එතකොට දේවානි මිස්ලට කිසිම අයිතියක් නැද්ද මේකට?”
“එයාලට කිසිම අයිතියක් නෑ. ඕක දැනට අයිතිය ප්‍රාදේශීය කාර්යාලයට. එයාලට අයිති නෑ කියලා තහවුරු වෙලා ඉවරයි දැන් ”

“දැන්… ඒක තමයි අපිටත් හිතාගන්න බැරි. ඒක පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා තමයි අපිට හිතාගන්න පුළුවන්. ”
“ඒ කියන්නේ ඔයාලා කියන්නේ මේ කඩොලාන රැකගැනීම එකත් නාට්‍යයක්?”
“ ඔව් ඔව් ඔව්, නාට්‍යයක්”

“මීගමුවේ මිනිස්සු කවදාකවත් කඩොලාන කපලා විනාශ කරන්න කියලා හිතන්නේ නෑ. මොකද මේවා අපේ සම්පත්. මේවලින් තමයි අපි ජීවත් වෙන්නේ. කඩොලාන නැත්නම් මේ මාළු සම්පත පවා ඔක්කොම නැති වෙනවා. මේ හැමදේකම අද පැවැත්මක් තියෙන්නේ කඩොලානවලින්. ඒ හින්දා අපිත් කියන්නේ ඉදිරියට මේවා තියෙන්න ඕන දේවල්. නැති වෙන්න ඕන දේවල් නෙමෙයි. මේවා ආරක්ෂා කරන්න අපි අදටත් හෙටටත් අනාගතයටත් උත්සාහ කරන්න ඕනේ.”

“ඒ කියන්නේ එදා අපි දැක්ක එක සම්පූර්ණ නාට්‍යයක්. ඔය කියන්නෙ මේ පරිසරයක් ගැන කරපු සුන්දර දෙයක් නෙමෙයි ”

“නෑ නෑ නෑ , එහෙම දෙයක් නෙමෙයි. මොකද අපේ මිනිස්සු මේ රැකියාවත් එක්ක ඔට්ටු වෙනවා මිසක් එතැනින් එහාට දෙයක් හිතන්නේ නෑනේ. කිසිම දෙයක් හිතන්නේ නෑ. ඉතින් ඔතැන දෙයක් හිතන්නේ මේ වගේ ප්‍රශ්න ආපුහම තමයි මිනිස්සු ඉතින් පාරට බහින්නේ.”

ඔහු එහෙම කියලා ඒ ගැන තවත් කාරණා කීපයක් කිව්වා.

“පාසලට අද අපිට ග්‍රවුන්ඩ් එකක් නෑ . අපි ඒක සකස් කරගෙන හදාගෙන යන්නේ අපේ පාසලට ග්‍රවුන්ඩ් එකක් හැටියට හදාගන්න. ඕක තමයි අපේ පළවෙනි අරමුණ. දරුවන්ට සෙල්ලම් කරන්න දැන් අවුරුදු තුනක් විතර ස්පෝර්ට් මීට් එකක් පවත්වලා නෑ. ළමයි අසරණයිනේ. දක්ෂ ළමයි ඉන්නවා. ඉතින් ඔය හින්දා තමයි අපි ඔය ග්‍රවුන්ඩ් එක ලස්සනට සුද්ධ පවිත්‍ර කරලා වටේ හදලා පස් ටිකක් දැම්මේ. අර ප්‍රොජෙක්ට් එකකින් හාරන වෙලාවේ පස් ටිකක් දාලා ඔහොම පොඩ්ඩක් ලස්සනට හදාගත්තා. ඕකෙන් අන්තිමට ප්‍රශ්න ආවේ අපිට. අපි කඩොලාන කපලා ඕක හදාගත්තා කියලා. ඕක පිහිටි පොළොවක්. ඕක මේ අද ඊයේ ඉඳන් නෙමෙයි. අවුරුදු ගානකට ඕකේ කුකුල් ෆාම් එකක් පවා හදලා තියෙනවා. පරණම පිහිටි පොළොවක් ඕක”

“දැන් ඔතැනම තියෙන අනිත් දූපත මොකක්ද? ඒ දූපතේ මොකක්ද වෙන්නේ ? දැන් ඔය වගේම තව දූපත් දෙකක් තියෙනවනේ.”

“ඔව්. අනිත් එක කින්ග්ස් අයිලන්ඩ් එකනේ. ඒකනම් අපිට අයිති වෙලා නෑ. ඒක දැන් පුද්ගලිකව අයිති කරගෙන ඉන්නේ.”

“දැන් ඔය පරිසර නිලධාරීන් ඒ ගැන හොයන්නේ නැද්ද?”

“ඒ ගැන හොයන්නේ නෑනේ. ඒක තමයි කියන්නේ. ඒක අක්කර තුනක් විතර. තුනක්ද හතරක්ද තියෙනවා කින්ග්ස් අයිලන්ඩ් එක. එතකොට අපේ මේ තියෙන කුට්ටිකාඩු කියන එක අක්කරයක් විතර. අක්කර තුන හතරක් අයිති කරගෙන ඒකට කතා කරන්න කිසිම කෙනෙක් නෑ. රජයේ බලධාරීන්. ඒත් මේ කුට්ටිකාඩුවට ඇයි දන්නේ නෑ මෙච්චර පොර බදින්නේ මෙයාලා. ඒක තමයි අපිට හිතාගන්න බැරි.

“බැකෝ එකක් ගෙනැල්ලා බස්සලා ඔය දූපත හාරන්න. ඊට පස්සේ ගමේ මිනිස්සු ඕකට එකතු වෙලා , ගමේ මිනිස්සු ගිහිල්ලා ලොකු ආරවුලකින් ඕක නැවත්තුවා. පස්සේ ගල්වලිනුත් ගහලා. පස්සේ පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අපේ ගෑනු කෙනෙකුට ගහලත් තිබ්බා. තුවාලවෙලත් තිබ්බා.”

“එතකොට නිලධාරි කෝ?”

“නිලධාරි ඔක්කොම දිව්වා.”

“නෑ මං අහන්නේ පරිසරය රැකගන්න හදපු නිලධාරියා ආවේ නැද්ද එතකොට?”

“එයාලා ආවේ නෑ, එයාලා එක්කෙනෙක් ඇවිල්ලා තිබ්බා. කවුද කියලා මාස්ක් දාලා ඉතින් හොයාගන්නත් බෑනේ. හැබැයි අපිට ආරංචි වුණේ ඉතින් වන සංරක්ෂණයෙන් ආවා කියලා ඊට පස්සේ. පස්සේ ආරවුලක් වෙලා කොහොම හරි ඕක නැවැත්තුවා. බැකෝ දාලා ගියා. පස්සේ අපි අයින් වුණේ නෑ බැකෝ අයින් කරනකම්.පස්සේ බැකෝ එකත් අයින් කළාට පස්සේ තමයි පිට්ටනියෙන් ජනතාව ඉවත්වුණේ.”

“පෝස්ටර් එහෙම ගහලා තියෙන්නේ ඒකද අර ? මං දැක්කා හැමතැනම පෝස්ටර් ගහලා තියෙනවා”

“ඔව් ඔව් ඔව්”

“අපි මේක ආරක්ෂා කරනවා කියලා”

“අනිවාර්යයෙන්, පෝස්ටරුත් ගහලා තියෙනවා.”

ඔවුන් කියනවා. අපි මේ පරිසරය වෙනුවෙන් ඕනෑම කෙනෙක් කියන දේට ඉඩ දෙනවා. මේ කිසිවක් කිසිවෙක්ට එරෙහි ප්‍රකාශයක් නෙමේ. ඒ වගේම මේ හරහා කිසිවෙක් හෝ කිසියම් පාර්ශ්වයක හිත රිදෙනවා නම් අපි ඊළඟ සතියේදී ඒ වෙනුවෙන් ඉඩ වෙන් කරලා දෙන්න ලෑස්තියි. මේ හෙළිදරව්ව සම්බන්දව සාක්ෂි සහිත වීඩියෝවක් අපි අපේ “මව්රට” යූ ටියුබ් පිටුවෙ පළ කරනවා.මේ සම්බන්දව ඔබේ අදහස් යෝජනා සහ චෝදනා අපිට කියන්න. අපි මැදහත් මාධ්‍ය භාවිතාවයක් වෙනුවෙන් සීයට සීයක්ම සූදානම්.

ජීවන පහන් තිළිණ

පත්තරේ පිටුව බලන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න

https://e.mawratanews.lk/wp-content/uploads/2021/20210228M1/#page=8

SendShareShare
Previous Post

භාතිය-සන්තුෂ්ට එරෙහි සුනිල්-රෝහණ සටන: දෙගොල්ලන්ටම ඇඩ්‍රස් නැති වෙයිද?

Next Post

හිතාගන්න බැරි ගමනක් ඇවිත් ඉහළටම ගිය ලංකාවේ ළාබාලතම සන්නිවේදන මහාචාර්යවරිය මව්රටට මුණගැහෙයි

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.