• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භාතිය-සන්තුෂ්ට එරෙහි සුනිල්-රෝහණ සටන: දෙගොල්ලන්ටම ඇඩ්‍රස් නැති වෙයිද?

March 1, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
භාතිය-සන්තුෂ්ට එරෙහි සුනිල්-රෝහණ සටන: දෙගොල්ලන්ටම ඇඩ්‍රස් නැති වෙයිද?
Share on WhatsAppShare on Facebook

බුද්ධිමය දේපොළක් අනවසරයෙන් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීම නීතිය අනුව බරපතළ වරදකි. අතීතයේදී එම නීතිය ශ්‍රී ලංකාවේදී එතරම් සක්‍රීයව ක්‍රියාත්මක නොවූ නමුත් මේ වන විට ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග දැඩි වී ඇත. බුද්ධිමය දේපොළ සම්බන්ධ කතාබහ රට තුළ නැවත වරක් ඉස්මතු වූයේ “ඇඩ්‍රස් නෑ” චිත්‍රපටයේ තේමා ගීතය අනවසරයෙන් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගෙන ඇති බවට වාර්තා වීමත් සමඟිනි. එය ප්‍රසිද්ධ වූයේ ප්‍රවීණ ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ මහතා විසින් ඔස්කා සංවිධානය වෙත යොමු කළ ලිපිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුවය.

ඔස්කා සංවිධානයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත යොමු කළ එම ලිපිය මඟින් ආරියරත්න මහතා සහ වීරසිංහ මහතා දන්වා තිබණේ තමන් එතෙක් දැරූ ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වන බවය. ඔවුන් දෙදෙනා විසින් නිර්මාණය කළ ඇඩ්‍රස් නෑ ගීතය ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරන භාතිය ජයකොඩි මහතා සහ ඔහුගේ සහායක සන්තුෂ් වීරමන් මහතා විසින් වෙනත් වාණිජමය කටයුත්තක් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ඔස්කා සංවිධානය දැනුවත් කළද ඊට නිසි පියවරක් නොගැනීම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවද එම ලිපියේ සඳහන්ව තිබිණි. ඔස්කා යනු මෙරට ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා එකතු වී පිහිටුවා ගෙන ඇති සංවිධානයකි. මීට පෙර ගායක ගායිකාවන්, පද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂවරුන් එක්ව වෙන වෙනම සංවිධාන පිහිටුවා ගෙන තිබූ නමුත් මීට මාස කිහිපයකට පෙර එම සියලු සංවිධාන එකතු කරමින් ඔස්කා සංවිධානය යාවත්කාලීන කිරීම සිදු විය. ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා නියෝජනය කරන එකම සංවිධානය වන්නේ ඔස්කාය.

ඔස්කා සංවිධානය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළේ මූලිකත්වය ගෙන ක්‍රියා කළ අය අතර භාතිය, සන්තුෂ් දෙපළද ඉදිරියේම විය. එමෙන්ම සංගීත් විජේසූරිය මහතා වැනි තරුණ කලාකරුවන්ද ඒ සඳහා විශාල වැඩකොටසක් ඉටු කළ ආකාරය දැක ගත හැකි විය. හැම දෙනාගේම අදහස වූයේ ඔස්කා සංවිධානය හරහා මෙරට තරුණ පරපුර මෙන්ම ප්‍රවීණයන්ද එකට එකතු වීම කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට ඉතා වැඩදායක වනු ඇති බවය. නමුත් මාස ගණනකට පසු ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් අතරම මෙවැනි ගැටුම් ඇති වීම සෑම දෙනා තුළම කනගාටුවක් ඇති කර ඇත. සුනිල් ආරියරත්න මහතා සහ රෝහණ වීරසිංහ මහතා යනු දශක ගණනාවක් පුරා අපේ කලා කෙත අස්වැද්දූ ප්‍රවීණ නිර්මාණකරුවන්ය. භාතිය සහ සන්තුෂ් යනු මෙරට සංගීත ලෝකය උඩු යටිකුරු කළ වර්තමාන පරපුරේ ප්‍රවීණතමයන්ය. මේ මතගැටුම කලාවට ආදරය කරන සෑම දෙනාගේම කනස්සල්ලට හේතු වී ඇත්තේ ඒ නිසාය.
අප මේ සම්බන්ධයෙන් රෝහණ වීරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ මෙවැනි පසුබිමක ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කිරීම තමන්ට ලැජ්ජාවක් බැවින් ඉන් ඉවත් වීමට තීරණය කළ බවය. එමෙන්ම ඔස්කා සංවිධානයද මේ අවස්ථාවේ තමන්ට සාධාරණය ඉටු කරන බවක් පෙනෙන්නට නැති බවද ඒ මහතාගේ අදහසය.

“ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයට භාතිය පත්වෙලා එද්දි මම වගේම මහාචාර්ය සුනිල් ආරියරත්නයනුත් ගොඩක් සතුටු වුණා. හැබැයි ඒ වෙලාවෙම ඒ ගැන අපිට වෙනත් දේ කියපු අයත් හිටියා. භාතිය සන්තුෂ් කියන්නේ ප්‍රසිද්ධ වෙළෙන්දෝ දෙන්නෙක්, ඒ හින්දා ඒ අය මේකට නිකම් එන්නේ නැහැ කියන එක තමයි ඒ අය කිව්වේ. ඒත් භාතියලා එහෙම නැහැ කියලයි මම ඒ අයට කිව්වේ. ඒත් ඒක ඇත්ත කියලා දැන් ඔප්පු වෙලා.”

එලෙස අදහස් දැක්වූ වීරසිංහ මහතා අදාළ සිද්ධිය තවදුරටත් විස්තර කළේ මේ ආකාරයෙනි.

“මේක අපි ජැක්සන් ඇන්තනීගේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයට කෙරුව ගීතයක්. ඒක අපේ කිසිම අවසරයක් නැතිව භාතිය සහ සන්තුෂ් වෙනත් ව්‍යාපාර කටයුත්තකට යොදා ගෙන තියෙනවා දකිද්දි අපි පුදුම වුණා. ඒක ගැන මොකුත්ම දන්නේ නැහැ කියලයි ඒ ගැන ඇහුවම ඒ අය කිව්වේ. ඒක බරපතළ වැරැද්දක්. ඒ හින්දා අපට මිලියනයක වන්දියක් දීලා සමාව ගන්න කියලා අපි ඒ දෙන්නට ඔස්කා සංවිධානය හරහාම දන්වලා යැව්වා. ඒත් ඒ අය එහෙම කළේ නැහැ. හැබැයි කෝල් කර කර අනේ අන්කල් සමාවෙන්න, අනේ සර් සමාවෙන්න කියමින් බැගෑපත් වුණා. අපේ දෙපා නමැඳ සමාව ගන්නම් කියලා කිව්වා. ඒත් අපි කිව්ව විදියට වන්දියක් ගෙවලා සමාව ගන්න ඒ අය කටයුතු කළේ නැහැ.

ඊට පස්සේ වන්දියෙන් භාගයක් දෙන්නම් කියලා සංවිධානයට කියලා තිබුණා. ඊට පස්සේ ආයෙත් ඒක හෙට්ටු කරලා තිබුණා. හැබැයි ඔස්කා සංවිධානයත් අපිට සාධාරණය ඉටු කරන්න කටයුතු කරන බවක් පෙනුණේ නැහැ. ඉතිං එවැනි තත්ත්වයක අපේ ආත්මගරුත්වය රැකගෙන තවදුරටත් එතැන ඉන්න අපිට බැහැ. හොරුත් එක්ක එකට ඉන්නත් බැහැ. ඒ හින්දා අපිට සල්ලිත් එපා කියලා අපි අපේ තනතුරුවලින් ඉවත් වුණා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න අපි බලාපොරොත්තු වෙනවා.”

ඒ ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ මහතාගේ අදහස්ය.

මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා භාතිය ජයකොඩි මහතා සම්බන්ධ කර ගැනීමට අප කිහිප වරක් උත්සාහ කළ නමුත් එය ව්‍යවර්ථ විය. නමුත් ඔවුන් දෙදෙනා එක්ව තම ෆේස්බුක් පිටුව හරහා ඒ සම්බන්ධයෙන් සටහනක් තබා තිබුණි. අප එම සටහන උපුටා දක්වන්නේ සිද්ධිය සම්බන්ධ ඔවුන්ගේ මතය එහි සටහන්ව තිබෙන බැවිනි.

“ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වෙත.

සර්, මුලින්ම කියන්න ඕන මේක රාජකාරි නිල ලිපියක් නෙවෙයි. බොහෝ කාලයක් තිස්සේ ඔබතුමන්ලා හඳුනන, යම් යම් වැඩ වලදී එකට හමුවන, ඊටත් වඩා හදවතේ ගැඹුරුම තැනින් ඔබ දෙදෙනාට ගරු කරන දෙදෙනෙක් ලෙස මේ ලිපිය ලියන්න හිතුණා. සර්, අපි දෙදෙනා මේ ක්ෂේත්‍රයට පැමිණි දා සිට, හැකි අයුරින් අපේ ගීත නිර්මාණය කරගෙන, ඒවා ජනගත කර, ඉන් ලැබෙන ආශීර්වාදයෙන් පුළුවන් තරම් දුරක් බොහොම පරිස්සමට මේ ගමන මෙතෙක් දුරක් ආවා.
අවුරුදු 23ක් සංගීත ක්ෂේත්‍රයේ ගෙවුණු කාලය ඉතා වගකීමෙන් පැමිණි ගමනක් බව කාරුණිකව කිව යුතුයි. සමාජ මාධ්‍ය මෙතරම් ප්‍රචලිත, සැමදෙනාම පරිශීලනය කරන යුගයක ගීතයක අයිතිය බලෙන් පැහැරගෙන එවැනි ප්‍රශ්නයක් අප හිස මත පටවගන්නට තරම් අප වගකීම් රහිත මිනිසුන් ලෙස සිතීම පුදුමසහගතය. අප ආයතනයට තවත් පෞද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටලුව පැන නැගුණා.

සර්, මීට පෙරත් අපි ඇත්තටම මොකද වුණේ කියන කාරණාව ඔබතුමන්ලාට පැහැදිලි කරලා දුන්නා. නමුත් ඔබ දෙදෙනා ධීක්‍් ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍යවල අප ඔබගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදුවූ ආකාරය හරි ආකාරව පැහැදිලි කරදීමෙන් පසුවද, නැවතත් අප වංචාවක් කර ඇති බව සඳහන් කර තිබීම පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර, අප දැඩි ලෙස සිත්තැවුලට පත්කළ කරුණාවක් වූ බවද මෙහිදී කිව යුතුමයි. එම නිසා නැවත එම කතාවම කියන්නම්.
ඉහත කී පෞද්ගලික ආයතනය මෙම ව්‍යාපෘතිය අප ආයතනයට ලබා දී පැවසුවේ තෝරාගත් ගීත කීපයක් ආධුනික ගායකයන් සමඟ නැවත ප්‍රති නිර්මාණය කර, රූප රචනා සිදුකර ලබාදෙන ලෙසයි. එම එක් ගීතයක් සඳහා ඔවුන් රුපියල් දෙලක්ෂ අසූදාහක මුදලක්ද අප ආයතනයට ගෙවීමට එකඟ වුණා. එහිදී අප කාර්යමණ්ඩලය එයින් රුපියල් හැටදහසක මුදලක් කර්තෘභාග වෙනුවෙන් වෙන් කළා. අපි අපේ කාර්යමණ්ඩලයට දැනුම් දුන්නේ, ගීතවල බුද්ධිමය දේපළ හිමිකරුවන්ට කතාකර අවශ්‍ය පිරිවැය ලබාදී, අවසරය ලබාගන්නා ලෙසයි. මෙම මුදල් අගය අප ආයතනය වෙන්කළේ මෙම කාලවකවානුවේ ධීක්‍් ආයතනය සංගීත වැඩසටහන්වල ගීත ප්‍රතිනිර්මාණය සඳහා රුපවාහිනී නාලිකා සමඟ රුපියල් හැටදහසක අගයක් සාකච්ඡා කරගෙන යන පසුබිමකයි. මාධ්‍ය ආයතන එම අගයට එකඟ නොවූවත් අප ආයතනය එම අගය ගෙවීමට තීරණය කළා. ඒ අදාල සියලුම පාර්ශවයන්ට කර්තෘභාග ගෙවීම් අප ආයතනය මගින් සිදුකළා.

■ මෙම වැඩසටහනට තීරණය වූ ගීත අතර එක චිත්‍රපට ගීතයක් තිබුණා. එය “ඇඩ්‍රස් නෑ” චිත්‍රපටයේ ගීතයකි. අප ආයතනය සියලුම ගීතවල හිමිකරුවන් සමඟ සම්බන්ධ වී කර්තෘ භාග පිළිබඳව එකඟවූ අතර, “ඇඩ්‍රස් නෑ” යනු චිත්‍රපටයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එම ගීතයේ අයිතිය පිළිබඳ තොරතුරු විමසුවා. එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට මෙම ගීතයේ අයිතිය ඔහු සතුව ඇති බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක මුදලක් ගෙවා, මෙම ගීතය භාවිතා කිරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබා ගත්තා. මෙම සමස්ත ක්‍රියාදාමයට සම්බන්ධ නිල ලිපිලේඛන අප ආයතනය සතු ඇති බවත්, අවශ්‍ය නම් ඒවා ඔබතුමන්ට ඉදිරිපත් කළ හැකි බවත් දන්වන්න කැමතියි.

ඊට පසුවත් මේ සම්බන්ධව අපට චෝදනා නැගෙනවිට, අප විමතියට පත්වූයේ ඒ නිසයි. එබැවින් මේ සිදුවීම ආරංචි වූ වහාම අප උත්සාහ කළේ ඔබ හමුවීමටයි. අප ඔබගේ නිවෙසේ දොරකොඩටම පැමිණියත් අපව හමුනොවී ඔස්කා ආයතනය අප පාර්ශ්ව දෙක සාකච්ඡාවකට ගෙන්වූ අවස්ථාවේද අප සමඟ සාකච්ඡා නොකොට අප මඟ හැර ඔබ කාර්යාලයෙන් පිටව ගියා. ඉන් අනතුරුව කීප වරක්ම විවිධ පාර්ශ්ව හරහාද ඔබ හමුවීමට උත්සාහ කළත් අප හට ඒ අවස්ථාවන්ද නොලැබී ගියා. ඒ මොනදේ වුණත් අපි ඔබතුමන්ලාට හදවතින්ම ආදරෙයි. ඒකේ වෙනසක් නෑ.”
ඒ භාතිය සහ සන්තුෂ් තබා තිබූ ෆේස්බුක් සටහනය.

මේ සිද්ධියේදී ඇත්ත කියන්නේ රෝහණලාද භාතියලාද කියන්න කිසිවෙකු දන්නේ නැත. නමුත් කලාවට ආදරය කරන සෑම දෙනාගේම බලාපොරොත්තුව වී ඇත්තේ දෙපාර්ශ්වයේම ගෞරවය රැක ගනිමින් මේ සඳහා විසඳුමක් සොයා ගනු ඇති බවය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රිපන් බාලිකාවේ 7 වසරේ සිසුවිය කොරෝනා හැදුණු මිතුරිය ගෙදර තියාගෙන ඇපඋපස්ථාන කරලා

Next Post

දේවානිලාගේ කඩොලාන සටන නාට්‍යයක්ද? (සංවාදයට විවෘතයි)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.