• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතාගන්න බැරි ගමනක් ඇවිත් ඉහළටම ගිය ලංකාවේ ළාබාලතම සන්නිවේදන මහාචාර්යවරිය මව්රටට මුණගැහෙයි

March 2, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
හිතාගන්න බැරි ගමනක් ඇවිත් ඉහළටම ගිය ලංකාවේ ළාබාලතම සන්නිවේදන මහාචාර්යවරිය මව්රටට මුණගැහෙයි
Share on WhatsAppShare on Facebook

මවගේ කුස තුළ සිටම ඉගෙනීම ආරම්භ කරන අපට මියයන තෙක් ඉගෙගනීමට බොහෝ දේ තිබේ. අපි දෙමව්පියන්ගේ උණුසුමේ ඉඳලා පාසැල් මව්තුරුලට එන්නේ දෙමව්පියන්ගේ, දරුවන්ගේ අනාගත බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙනයි. බොහෝ දරුවන් තරුණ වයසට පත්වෙද්දි ජීවිතයේ අතරමගදි අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවා. ඊට වෙනස් දෙයක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණා. ඒ අප රටේ ළබාලතම මහාචාර්යවරිය පිළිබඳව පසුගියදා අසන්නට ලැබීමත් සමඟයි. අපි බොහෝ විට මහාචාර්යවරියක් කියූ පමණින් මවාගන්නේ වයසක චිත්ත රූපයකි. එහෙත් පසුගියදා අසන්නට ලැබුණේ කාලය කළමනාකරණය කරගෙන අධ්‍යාපනය ඉණිපෙතට යන්නට හැකිවූ තරුණියක් පිළිබඳවයි. ඇය අප රටේ බිහිවූ සන්නිවේදන විද්‍යාව පිළිබඳව එකම මහාචාර්යවරිය වගේම අප රටේ ඉන්නා ළබාලතම සන්නිවේදන මහාචාර්යවරිය බවට වාර්තාවක් තැබීමට ඇයට හැකි වූණ. ඇය නමින් වාසනා මෛත්‍රි හේරත් මහත්මියයි. ඇය අප රටට වටිනා සම්පතකි. ඇය පිළිබඳව සොයා යන්නට ‘මව්රට’ පුවත්පත කටයුතු කළා.

ඇගේ ජීවිතය පිළිබඳව විස්තර කළේ මෙසේයි.

“මම පාසල් තුනකට ගියා. ඒ බදුල්ල විශාඛා විද්‍යාලය බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලවලටයි. පුංචි කාලයේදි මම ඉගෙනීමට එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. පස්සේ කාලේදි මම හොඳින් අධ්‍යාපනයට යොමුවුණා. මම කලා අංශයෙන් ඒ සමාර්ථ 04ක් සමග සමත්වෙන්නේ ඌව පළාතේ විශිෂ්ටම ප්‍රතිඵල ගත් සිසු සිසුවියන් අතරට එක්වෙමිනුයි. ඒත් මාගේ ආශාව තිබුණේ නර්තනය, නාට්‍ය කලාව වැනි විෂයන්වලට. මගේ අම්මත් නැටුම් ගුරු උපදේශිකාවක්. ඒ නිසා මම ඉහළම ප්‍රතිඵල තිබුණත් කලා විෂයන් තෝරා ගත්තා උසස් පෙළට. පාසල් කාලයේ නාට්‍ය හා රංග කලාව, නර්තන තරගවලින් ජාතික මට්ටමේ තරගවලට සහභාගි වී ජයග්‍රහණය කර තිබෙනවා. කැමති විෂයන් තෝරාගත් නිසා උසස් පෙළ කැමැත්තෙන් ඉගෙන ගත්තා. මා රූපවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඉන්පසු කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ජනසන්නිවේදනය පිළිබඳව පළමු පන්තියේ ගෞරව සමාර්ථයක් සහිතව විශේෂවේදී උපාධියක් හිමිවුණා. මට කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විදියට පත්වීම ලැබුණා. පසුව රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් වශයෙන් පත්විම් ලැබුණා. අනතුරුව ඌව වේල්ලස්ස විශ්වවිද්‍යාලයේද ආරම්භක කථිකාචාර්යවරියක් ලෙස සේවය ආරම්භ කරන්නේ 2006 වර්ෂයේ සිටයි.

ඌව වේල්ලස්ස විශ්වවිද්‍යාලයේම කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස 2014 වර්ෂයේදි ආචාර්ය උපාධිය හිමිකරගත්තා. ඉන්පසු ආචාර්යවරියක් ලෙස කටයුතු කරන්නට හැකිවුණා. 2017 වර්ෂයේදි පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් බවට පත්වුණා . ජන සන්නිවේදනය පිළිබඳව මහාචාර්ය පදවිය හිමිවුණේ 2019 වර්ෂයේදියි. දැන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව හා කළමනාකාර පීඨයේ වැඩබලන අංශ ප්‍රධානි වශයෙන් කටයුතු කරනවා ඒ වගේම මෙම විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ග උපදේශන අංශයේ අධ්‍යක්ෂවරිය වශයෙන්ද කටයුතු කරනු ලබනවා. විශ්වවිද්‍යාල සිසුන්ගේ සන්නිවේදන කුසලතා සංවර්ධනය කරන්නට අවශ්‍ය, උපයෝගි කර ගත හැකි ආකෘතියක් සමග නව උගැනුම් විධි මා විසින් විශ්වවිද්‍යාල විෂය නිර්දේශයට හඳුන්වාදී තිබෙනවා.

මා ලේඛන දිවියට එළඹුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ව සිටි කාලයේ සිටයි. පසුගිය වසර කිහිපය තුළ ග්‍රන්ථ 13 ලියා තිබෙනවා. ඒ අතරින් මාධ්‍ය අධ්‍යනය, පරිවර්තන සන්නිවේදනය,දෘශ්‍ය සාක්ෂරතාව සහ සංවර්ධන සන්නිවේදනය , කථා ප්‍රකාශන සහ සන්නිවේදන අරමුණු , අසල්වැසියා, ‘පාඩම් කිරීම විනෝදාංශයක් කරගන්නේ මෙහෙමයි’ යන පොත් සඳහන් කිරීමට පුළුවන.

මා සන්නිවේදනය පිළිබඳව අන්තර්ජාතික වශයෙන්ද පර්යේක්ෂණ කෘති රැසකම ලිපි ලියා තිබෙන අතර අන්තර්ජාතික වශයෙන් පර්යේක්ෂණ ප්‍රකාශන රැසකම සංස්කරණ මණ්ඩල සාමාජිකාවක්ද වන්නීය. මම හිතන්නේ පුද්ගල සංවර්ධනය තුළින් දරුවන්ගේ මනස ධනාත්මකව සිතා හොඳ අධ්‍යාපනයකට යොමු කරන්න පුළුවන් කියලා
මා ලියූ පොත් අතරින් “පාඩම් කිරීම විනෝදාංශයක් කරගන්නේ මෙහෙමයි” කියන පොත ගත්කල ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් ලියා තිබෙනවා. දරුවන් අධ්‍යාපනය කඩාකප්පල් කර ගැනීමට ගොඩාක් හේතු තිබෙනවා. ඒ අතර පාසල් දරුවන් තමන්ගේ යාළුවන්ව අල්ලගෙන ඉන්නවා. එයා නැතිවෙයි, එයා තරහ වෙයි කියලා බයයි. පාඩම පැත්තක තියලා අද මෙයත් එක්ක යන්න ඕනේ කියලා හිතනවා. ඒකට උදාහරණයක් කියනවානම් ඉන්දියාවේ වඳුරෝ අල්ලගන්න ක්‍රයමයක් තියෙනවා. පෙට්ටියේ කට වහලා සිදුරක් තියෙනවා අත දාන්න. හැබැයි අත දැම්මොත් ඒ අත පෙට්ටියෙන් ගන්න බැහැ. ඒ පෙට්ටියේ කජු තියෙනවා. කජු අහුරක් ගන්න වඳුරා අත දානවා. මේ ලෝකේ තියෙන රසම දේ කියලායි වඳුරා හිතන්නේ. ඒක නිසා අත අරින්නේ නැහැ. අපේ දරුවොත් ඒහෙමයි යාළුවෝ තරහවෙයි නැතිවෙයි කියලා යාළුවෝ කරන දේ පස්සේ යනවා. මුළු ජීවිතයම විනාශ කරගන්නවා.

කාලය කළමනාකරණය කිරීම මුදල් ආයෝජනය කරනවා හා සමානයි. ඒ නිසා තමයි තමන් හිතන අරමුණුවලට ළඟාවෙන්න අමාරු වෙන්නේ. නිසි ලෙස කාලය කළමනාකණය කළොත් හොඳ ප්‍රතිඵලයක් වගේම හොඳ ජීවිතයක් ළගාකරගන්නත් අපට හැකිවෙනවා. කුඩා කාලේ සිටිම දෙමව්පියන් දරුවන්ගේ ආත්මශක්තිය වර්ධනය කිරීමට වගබලාගත යුතුයි. තමන්ට මේ දේ කරන්න පුළුවන් යනුවෙන් දරුවන්ගේ මනස සැකසිය යුතුයි. දරුවන්ද කුඩා කාලයේ සිටම පොත් කියවීම පුරුද්දක් බවට පත්කරගත යුතුයි. උපන්දිනේකට දරුවෙක්ට තෑග්ගක් දෙනවානම් කුඩාකල සිටම පොතක් තෑගි දෙනවානම් කොතරම් හොඳ දෙයක්ද? ඒ පොත දරුවාගේ ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වේවි. ජීවිතයේ දැක්මක් තියෙන්නට ඕනේ. අනාගතය පිළිබඳව ඒ දැක්ම තමයි අපිව ඉස්සරහට ගෙනියන්නේ. එහෙම දැක්මක් නැතිවුණාම තමයි ජීවිතය වරද්දගෙන අයාලේ යන්න වෙලා තියෙන්නේ. ජීවිතයට ප්‍රශ්න එනකොට ආත්මශක්තියෙන් ඒවා විඳදරාගෙන අපි ඉදිරියට යන්න අධිෂ්ඨාන කරගත යූතුයි. ඔබ ඉන්නේ කුමන ක්ෂේත්‍රයක වුවත් ඒ ක්ෂේත්‍රයට අදාළව දැනුම හා කුසලතා තමන්ම සොයා ඒවා වර්ධනය කරගත්තොත් අපිට ජීවිතයේ සාර්ථක ගමනක් යන්න පුළුවන්”
මා හිතන්නේ මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. මහාචාර්යවරියක් වීමත් සමගම ජීවිතේ ආයෙත් පටන් ගත්තා කියලයි මට හිතෙන්නේ. තව අවුරුදු 22ක් ඉදිරියට මට විශ්වවිද්‍යාලයේ සේවා කාලය ඉතිරිවෙලා තියෙනවා. ඒ කාලයේදී මේ රටට වගේම ලෝකයටත් හැකි තරම් වැඩ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. වරක් මගේ අප්පච්චීගෙන් මම නිළියක් වෙන්න අවසර ඉල්ලුවා. අප්පච්චි කීවේ මට මගේ දුව ඉගෙන ගන්නයි ඕනේ කියලා. මගේ දුව දිහා බලලා තවත් ජීවිත සිය දහස් ගණනින් හැදෙනවා දකින්නයි මට ඕනේ කීවා. ඉතින් මට ඒ පොරොන්දුව ඉටු කරන්න තියෙනවා. ඇය ජනමාධ්‍ය පිළිබඳව හසළ දැනුමක් ඇත්තියක්.

වර්තමාන සන්නිවේදන භාවිතය පිළිබඳ ඇගේ අදහස වූයේ,

“ලංකාවේ ජන සන්නිවේදනය වගේම ජනමාධ්‍ය ගැන කතාකරන්නට බොහෝ දේ තිබෙනවා. බොහෝ විට ජනමාධ්‍ය ගැන බොහෝ විට ඇහෙන්නේ දකින්නේ විවේචන. ලංකාවේ ජනමාධ්‍ය හොඳ නැහැ කියලා විවේචනය කරන තැනක මම නැහැ. ජනමාධ්‍යයේ හොඳ නරක දෙකම තියෙනවා. ජනමාධ්‍ය යම් යම් තැන්වලදි පක්ෂපාතියි. මාධ්‍ය හැමතැනදිම ස්වාධීන දෙයක් නෙවෙයි. පුළුල් මනසකින් බැලුවොත් මේක දකින්න පුලුරෑවන් අපේ රටේ මාධ්‍ය නිවැරදි විය යුතු තැන් රාශියක් තියෙනවා. අගය කළ තැන්ද බොහෝයි. මාධ්‍යයකින් දෙන දේවල් දිහා බලන්න ග්‍රාහකයාට දැනුමක් බුද්ධියක් අවශ්‍ය වෙනවා. ඒකට මාධ්‍ය සාක්ෂරතාව කියලා කියනවා. අපේ රටේ ජනතාවට මාධ්‍ය ගැන දැනුමක් අවබෝධයක් ලබාදිය යුතුයි.”

අප රටේ වර්තමාන සන්නිවේදනය භාවිතය වෙනස් විය යුතු තැන් පිළිබඳ ඇගේ අදහස වූයේ බොහෝ මාධ්‍යවල අරමුණු අතර ඉහළින්ම තියෙන්නේ දේශපාලනය, මුදල් වැනි දේවල්ය. බොහෝ විද්වතුන් මේවා නිවැරැදි විය යුතුයැයි පෙන්වා දුන්නත් කවුරුත් ඒවා ක්‍රියාවට නංවන්නේ නැහැ. විශාල මාධ්‍ය ආයතන ප්‍රමාණයක් බිහිවීම තුළ තරගය ඇතිවනවා. ඒ තරගයෙන් වාණිජ අරමුණු මුදුන් පමුණුවා ගන්නවා. ඉන් සමාජයට වන අයහපත් බලපෑම් ගැන මාධ්‍ය ආයතන හිතන්නේ නැහැ. මේ නිසා මාධ්‍ය භාවිතයේදි සමාජ වගකීම ගැන ප්‍රථමයෙන් සිතන්නට අවශ්‍යයි. මාධ්‍යවේදින් උගත් බුද්ධිමත් අය විය යුතුයි. මාධ්‍යවලට විවේචන එනවිට පිළිතුර වන්නේ “ජනතාව ඉල්ලන දේ තමයි අපි දෙන්නේ කියලා” ඒක හරියට කිනවානම් තමන්ගේ අම්මාගෙන් දරුවෙක් මත්පෙති මත්කුඩු ඉල්ලනවා වගේ දෙයකි. ඒ වගේම තමයි සමාජ වගකීමෙන් නිදහස් වෙලා මුදල් උපයන්න බැහැ රටේ මිනිසුන්ගේ බුද්ධිය රසවින්දනය නිර්මාණශීලිත්වය තර්කන ශක්තිය වැනිදේ මොට කරනවානම් අයහපත් දේට පොළඹනවානම් එවැනි තැන් නිවැරදි විය යුතුයි.”

ඇගේ පවුල් පසුබිම ගැන අදහස් දැක්වූයේ මෙවැන්නක්,

මගේ පවුල ගැන කියනවානම් මගේ අම්මා මල්ලිකා කුමාරසිංහ, ඇය විශ්‍රාමික ගුරු උපදේශිකාවක්. මගේ අප්පච්චී ජීවතුන් අතර නැහැ. ඔහුත් විශ්‍රාමික ගුරුවරයෙක් . මගේ අක්කා නිම්මි මුදිතා හේරත්. ඇය ජනප්‍රිය ලේඛිකාවක්. මගේ නංගී ඇමෙරිකාවේ පදිංචිව ඉන්නේ. ඇය වරුණි උපේකා හේරත්. මගේ මල්ලී සජිත් හසරංග හේරත්.

මගේ දියණියට ආදරණිය මවක්. ඇය හසාරා ආශිර්වාදිනී. ඇය සුන්දර කීකරු දියණියක්. මම ජීවිතය ගෙවන්නේ ඇයත් එක්කයි. මට ජීවිත කාලය තුළ ලැබුණු සියලුම දේවල් අතරේ ලැබුණු වඩාත්ම භාග්‍ය විදිහට සලකන්නේ ඈ ලැබීමයි. බුද්ධිමත් ගුණ යහපත් දරුවෙක් ලැබීම තරම් භාග්‍යයක් අම්මා කෙනෙක්ට මේ ලෝකේ තවත් නැහැ. පාසල් වැඩ කටයුතු කරන අතරතුර ඇය මගේ බොහෝ වැඩ කටයුතුවලට එකතු වෙනවා. පිට දේශනවලට යන විට ඇයත් එක්කන් යනවා. ඇය ඇයගේ ආදර්ශය කරගෙන ඉන්නේ මාවයි. ඇය හැදෙන්නේ මා දෙස බලලායි. ඒ නිසා මාත් ඕනෑම දෙයක් කරන්නට පෙර දෙවරක් සිතනවා. විශේෂයෙන් ඇය ගැන හිතනවා. මා හිතන්නේ දියණියක් සිටින සෑම මවක්ම තමන්ගේ හැම හැසිරීමක් පිළිබඳවම සැලකිලිමත් විය යුතුයි කියලායි. මවක් විදිහට මා ඇය වෙනුවෙන් කළ හැකි උපරිමය ඉටු කරනවා. ඒ වගේම මේ සමාජය තුළ මම කිසිදු විටක ඇයව තනි කරන්නේ නැහැ. ගැහැනු දරුවෙකුට හොඳ ආරක්ෂාවක් ඕන. එය ලබා දෙන්න පුළුවන් හොඳම කෙනා තමයි ඇයගේ අම්මා. මගේ අම්මා තවමත් මා ගැන හොයලා බලනවා. ගෙදර එන්න පොඩ්ඩක් පරක්කු වුණත් බය වෙනවා. අම්මා කෙනෙක්ගේ ආදරයෙන් රැකවරණයෙන් දියණියක් දියමන්තියක් කරන්න පුළුවන්.

කාන්තාවක් විදිහට මේතාක් ආ ගමන් මග දෙස බැලුවොත් ඇත්තටම ඒක අසීරු ගමනක්. කාන්තාවකට වැරදුනොත් හිනාවෙන්න ලොකු පිරිසක් බලාගෙන ඉන්නවා. එහෙම වැරදුනොත් ඇයව හංවඩු ගහන්න මේ සමාජය සූදානමින් ඉන්නවා. වැරැද්ද කාගේ වුණත් අන්තිමට නඩු නොඅසාම සමාජය කාන්තාව වැරදිකාරියක් කරනවා. මං හිතන්නේ බුද්ධිමත් කාන්තාවකට පුළුවන් තමන්ට ගහන හැම ගලක්ම එකතු කරලා ඒවායින් ශක්තිමත් මාලිගාවක් හදා ගන්න. ඒ මාලිගාව ඇතුළෙ තමන් ආරක්ෂිතව ඉන්න ගමන් ඒ මාලිගාවේ ලස්සනින්, ශක්තිමත් බවින් ගල් ගහපු අයව පුදුමයට පත් කරන්නට පුළුවන්.

අප රටේ බොහෝ දරු පරපුරක් මෙතුමියගේ ගුරු හරුකම් ලබනවා. ඇය අපේ රටේ දරුවන්ට ආදර්ශයක් වගේ අප රටට පෑයූ ඉරක් බදුය. මෙවැනි දියණියක් ලද මවක් පියෙකු හරිම පිංවන්ත වගේම වාසනාවන්තයි. ඇය වගේම ඇගේ දියණිය ආශිර්වාදිනීටත් දිනක අප රට බබළවන්නට ධෛර්ය ශක්තිය ලැබේවා. මෙතුමියටද අප රටේ බොහෝ දරු දැරියන් විශාල පිරිසකගේ නැණස පාදන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු!

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

දේවානිලාගේ කඩොලාන සටන නාට්‍යයක්ද? (සංවාදයට විවෘතයි)

Next Post

ඕ ලෙවල් ෆේල් හරීන්ද-ලන්සාද? හරීන් දුන්නා: ලන්සා කෝ?

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.