කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන නාරාහේන්පිට දාබරේ පාරේ පස්කෑල්ල ප‍්‍රදේශයේ නිවාස 1,050ක්, දෙහිවල, ප‍්‍රතිබිම්බාරාම පාර, ඇල ඉවුර ප‍්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු හමුවීම හේතුවෙන් අම්පාර, අක්කරෙයිපත්තු ප‍්‍රදේශය ද හුදෙකලා කෙරුණු බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය අනාවරණය කළේය.
මේ අතර අද දිනය තුළ කොරෝනා රෝගීන් 251 දෙනෙකු වාර්තා වන බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කොට ඇත.










