• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චන්ද්‍රිකා සහ සනත්: ගෝඨා සහ අලි සබ්‍රි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 28, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
චන්ද්‍රිකා සහ සනත්: ගෝඨා සහ අලි සබ්‍රි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1994 චන්ද්‍රිකා ආවේ රැල්ලකින්ය. ඒ රැල්ල හැදුවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ රාජ්‍ය නොවන සංවිධානය. චන්ද්‍රිකාට බලයට එන්න පාර කපන්න රට පුරා ප්‍රේමදාස විරෝධය ඇවිළෙව්වේ ඒ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ රාජ්‍ය නොවන සංවිධානයය. ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයන්හි පළමු දේශපාලන ව්‍යාපෘතිය චන්ද්‍රිකාය. මෙයට පෙර ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන තිබුණත් රාජ්‍ය නොවන සංවිධාන දේශපාලන බලවේගයක් ලෙස මතු වූයේ ප්‍රේමදාස ආණ්ඩු කාලයේය. ප්‍රේමදාසට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාර එක් වූයේ ලලිත් ඇතුලත්මුදලි වටාය. ඒ ඔහු ගාමිණී සමඟ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ විටදීය. ලලිත් ඝාතනය වීමෙන් පසු ගාමිණී යූ.ඇන්.පී.යට යෑම නිසා ඔවුන් චන්ද්‍රිකා වටේ එක්රොක් විය. එකල චන්ද්‍රිකාගේ දේශපාලන උපදේශකයන් වූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නායකයන් සහ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන්ය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියමුවකු වූ ‘රාවය’ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් චන්ද්‍රිකා ව්‍යාපෘතියේ ප්‍රධාන නිර්මාපකයා විය. චන්ද්‍රිකා මේ හැමෝගෙම කර මතින් බලයට පත්විය.

හැමෝම හිතුවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ප්‍රධාන චරිත බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නායකයන් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් පත්වෙයි කියාය. ඒත් හැමෝම පුදුමයට පත්කරවමින් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ප්‍රධාන චරිතයක් ලෙස කරළියට ආවේ සනත් ගුණතිලකය. ඔහු චන්ද්‍රිකාගේ මාධ්‍ය උපදේශක වුවත් ප්‍රකට නළුවකු නිසා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ප්‍රධානතම චරිතය බවට පත්විය. චන්ද්‍රිකා සනත්ව උපදේශකයකු ලෙස පත්කර ගත්තේ ඔහු 1994 මහ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුමේදී ඇයගේ ඡායාරූප සහ පෝස්ටර් ආකර්ෂණීය ලෙස සකස් කළ නිසාය. චන්ද්‍රිකා හිතුවේ 1994 මහ මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයේදී ඇය මධ්‍යස්ථ ජනතාවගේ ආකර්ෂණය දිනාගත්තේ සනත් නිර්මාණය කළ පෝස්ටරයෙන් කියාය. එම නිසා ඇය ඔහුට මාධ්‍ය බාර දුන්නාය.

සනත් චන්ද්‍රිකාගේ මාධ්‍ය උපදේශක වීමට පෙර යූ.ඇන්.පී. බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකි. ඔහුව දේශපාලනයට ගෙන ආවේ ප්‍රේමදාසය. සනත් චන්ද්‍රිකාට එක් වූයේ ඇය බස්නාහිර මහඇමැතිනිය වීමෙන් පසුවය. චන්ද්‍රිකා තමන් නිර්මාණය කරපු ප්‍රේමදාස විරෝධයෙන් බලයට ඇවිත් කලින් ප්‍රේමදාසට සේවය කළ සනත්ව තමන්ගේ විෂය වූ මාධ්‍ය බාර ප්‍රධානී ලෙස පත්කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධයට හේතු විය.

ටික කලකින්ම වික්ටර් අයිවන් ඇතුළු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සනත්ට පහර පිට පහර දෙන්න පටන් ගත්හ. 1994 බලයට ඒමට පෙර චන්ද්‍රිකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ රැස්වීම්වලට පැමිණ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දුන්නාය. එසේම උතුරේ ප්‍රශ්නය සාමයෙන් විසඳන බවට රාජ්‍ය නොවන සංවිධාන ඉදිරියේ ප්‍රතිඥා දුන්නාය. එහෙත් ඇය ජනාධිපති වී ඒ ප්‍රතිඥා කිසිවක් ඉටු කළේ නැත. ඇය සාමය වෙනුවට යුද්ධය තෝරා ගත්තාය. මාධ්‍යවේදීන්ට පහර ගැහුවේය. වරක් ඇයගේ මාධ්‍ය මර්දනයට එරෙහිව ඡායාරූප මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයට පෙළපාළියෙන් ගිය විට ඇය ජනාධිපති ආරක්‍ෂක අංශ ලවා ඔවුන්ට පහර දුන්නාය. මේ පහර දීම පිටුපස සනත් ගුණතිලක සහ ඇයගේ ජනාධිපති ආරක්‍ෂක අංශ නිලධාරීන් සිටින බවට චෝදනා කොට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රට පුරා උද්ඝෝෂණ සංවිධානය කළේය.

ඒ වගේම 1999 වයඹ පළාත් සභා ඡන්දයේදී ඇයගේ ආණ්ඩුව ඡන්ද මංකොල්ලයක් දියත් කළේය. 1994 ඇය පොරොන්දු වූ මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය වෙනුවට ඇය මාධ්‍ය මර්දනය, ඒකාධිපතිවාදය, යුද්ධය රටට දුන්නාය. 1999 ජනාධිපතිවරණයේදී ප්‍රභාකරන් බෝම්බයක් නොගහන්න ඇයව 1994 බලයට ගෙන ආ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ රාජ්‍ය නොවන සංවිධානය ඇයව ගෙදර යවනවා නියතය. ඇය බෝම්බයෙන් 1999 ජනාධිපතිවරණය දින්නාට ඇයගේ ජනප්‍රියතාවය දවසින් දවස වැටුණි. ඇයව විනාශ කළ අය අතරින් සනත් ප්‍රධාන චරිතයක් යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ රාජ්‍ය නොවන සංවිධාන චෝදනා කළහ.

අන්තිමේදී චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සියලු පවු ගියේ සනත්ගේ කරපිටින්ය. දුෂ්ටයා සනත් විය. එයට හේතුව තමන්ගේ න්‍යාය පත්‍රයෙන් චන්ද්‍රිකාව ඉවත් කළේ සනත් යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ රාජ්‍ය නොවන සංවිධාන හිතූ නිසාය.

මේ චන්ද්‍රිකා – සනත් දේශපාලන වෘත්තාන්තය යළි රඟදක්වමින් මේ දවස්වල ගෝඨාභයව බලයට ගෙන ආ විමල්ලා, උදයලා, ජාතික සංවිධාන සහ හාමුදුරුවන් ගෝඨාව විනාශ කරන දුෂ්ටයා ලෙස භෞතිෂ්ම කරන්න යන්නේ අලි සබ්‍රිය.
1994 චන්ද්‍රිකාට බලයට එන්න නිදහස් මාධ්‍ය ව්‍යාපාර සහ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රේමදාස විරෝධය නිර්මාණය කළේ කෙසේද, 2019 ගෝඨාභයට බලයට එන්න විමල්ලා, උදයලා, ජාතික සංවිධාන, හාමුදුරුවරු, මෛත්‍රි – රනිල් ආණ්ඩුවට එරෙහිව රට පුරා මුස්ලිම් විරෝධයක් නිර්මාණය කළහ. මේ මුස්ලිම් විරෝධය ඇවිළුණේ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමඟය. ඊට පෙර සිටම ජාතික සංවිධාන සහ හාමුදුරුවරු විල්පත්තු වන විනාශය ගැන කියමින් රිෂාඞ්ට එරෙහිව මුස්ලිම් විරෝධයක් හදමින් සිටියහ.

පාස්කු ප්‍රහාරයෙන් එය රට පුරා ලැව්ගින්නක් විය. ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු ඉවත් කළ යුතු යැයි කියමින් අතුරලියේ රතන හිමි දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක් පටන්ගත්හ. එයට මහ නායක හිමිවරුන්ගේ ආශීර්වාදය ලැබුණු අතර, කාදිනල් හිමිද උපවාසය පැවැති ස්ථානයට ගියහ. ඒ සමඟම විමල්ලා, උදයලා ජාතික සංවිධාන හාමුදුරුවරු වහාබ්වාදයට ඔබ විරුද්ධ නම් නුගේගොඩට එන්න යැයි රැස්වීමක් සංවිධානය කළහ.

කුරුණෑගල රෝහලේ මුස්ලිම් වෛද්‍ය සාෆි කාන්තාවන් වඳ කරනවා යැයි රටේ ප්‍රධාන මාධ්‍යවලින් මහා ප්‍රචාරක මෙහෙයුමක් දියත් විය. අස්ගිරි මහ නාහිමි මුස්ලිම් කඩවලට යන්න එපා යැයි ජනතාවගෙන් ඉල්ලීමක් කළහ. මුස්ලිම් කඩ වර්ජනයක් දියත් විය. කෝලාහලවලදී මුස්ලිම් කඩ ගිනිතබා මුස්ලිම්වරු ඝාතනය වූහ. හාමුදුරුවරු පන්සල්වල මුස්ලිම් අන්තවාදයට එරෙහිව බණ කීහ. බොහෝ පන්සල්වල පෝ දිනය වෙන් වූයේ මෛත්‍රි – රනිල් ආණ්ඩුව මුස්ලිම් අන්තවාදීන් හුරතල් කරන හැටි කියන්නටය. පල්ලිවල එයට වඩා දරුණු විය. රිෂාඞ්ලාට එරෙහි වූ අතුරලියේ රතන හිමිට අපගේ ආචාරය යැයි කතෝලික ප්‍රදේශවල බැනර් එසවුණි. ජනාධිපතිවරණ ආසන්න පෝ දිනයේ හැම පන්සලකම මල් පොහොට්ටු බෙදූහ. මුස්ලිම් අන්තවාදයෙන් රට මුදාගන්න යැයි යාතිකා කීහ. සුළු ජාතික ඡන්දවලින් පරාජය වීමට නියමිතව සිටි ගෝඨාභය තනි සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපති විය.

ජනාධිපතිවරණයේදී පමණක් නොව මහ මැතිවරණයේදීද කොරෝනා නිසා මියයන මුස්ලිම්වරුන්ව භූමදාන ප්‍රශ්නය ප්‍රධාන සටන් පාඨයක් විය. ‘එක රටයි, එක නීතියක්’ යැයි ආණ්ඩුව කීහ. විමල්ලා, උදයලා, ජාතික සංවිධාන හාමුදුරුවරු සාධු සාධු යැයි කීහ.

මහ මැතිවරණය දින්න විගස ගෝඨාභය අලි සබ්‍රිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන අධිකරණ ඇමැති ධුරය දුන්නේය. ගෝඨා අලි සබ්‍රිව අධිකරණ ඇමැති කළේ ඔහු ගැන දැඩි විශ්වාසයකින්ය. මුස්ලිම්වරු රාජපක්‍ෂලාට එරෙහිව කෑ මොර දෙද්දී අලි සබ්‍රි තම ජාතියේ විරෝධය නොතකා ගෝඨාගේ නඩු වෙනුවෙන් පෙනී සිටියේය. නඩු 35ක් වෙනුවෙන් පෙනී සිටියේය. ජාතියේ විරෝධය නොතකා තමා වෙනුවෙන් යුක්තිය ඉටු කළ මිනිසා අධිකරණ ඇමැති විය යුතු යැයි ගෝඨා සිතන්න ඇත.

හැබැයි අලි සබ්‍රිගේ පත්වීමට විමල්ලාගේ, උදයලාගේ ජාතික සංවිධාන සහ හාමුදුරුවන්ගේ පමණක් නොව මහ නායක හිමිවරුන්ගේත්, කාදිනල් හිමියගේත් විරෝධය එල්ල විය. ඡන්දෙට කලින් තමන් මිනිසුන්ට ඒත්තු ගැන්වූ වෛද්‍ය සාෆිගේ වඳ නඩුවට මොනවා වෙයිදැයි මහ නාහිමිරු බය වෙන්න ඇත. පාස්කු බෝම්බ නඩුවට මොනවා වෙයිදැයි කාදිනල් හිමි බය වෙන්න ඇත. වහාබ්වාදයට එරෙහිව රටම ගිනි තියපු තමන් දැන් රටට කියන්නේ මොකක්දැයි විමල්ලා, උදයලා ජාතික සංවිධාන බය වෙන්න ඇත.

දැන් අලි සබ්‍රි අධිකරණ ඇමැති ලෙස කොරෝනාවලින් මියයන මුස්ලිම්වරුන් භූමදානය කළ යුතු යැයි හඬ නඟයි. විමල් සහ ජාතික සංවිධාන ඔහුත් සමඟ ගැටෙයි. විමල්ලා, උදයලා ජාතික සංවිධාන හාමුදුරුවරු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙද්දී ගෝඨාභයට 20 සම්මත කර දුන්නේ මුස්ලිම් මන්ත්‍රිවරුය. ඒ සඳහා මුස්ලිම් මන්ත්‍රිවරු දිනාගන්න අලි සබ්‍රි සේවයක් කරන්න ඇත.

‘එදා සනත්ට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රාජ්‍ය නොවන සංවිධාන නැඟිට්ටා සේ මෙදා අලි සබ්‍රිට එරෙහිව විමල්ලා, උදයලා, ජාතික සංවිධාන, හාමුදුරුවරු නැඟිටියිද..?’

‘ගෝඨාගේ පුරාවෘතයත්, චන්ද්‍රිකාගේ පුරාවෘතයෙන්ම ඉවර වෙයිද..?’

තාම ඒ ගැන කියන්න කල් වැඩිය. හැබැයි අද රාවුෆ් හකීම් සහ රිෂාඞ්, විමල්ලා, උදයලා පමණක් නොව ජාතික සංවිධාන සහ මුස්ලිම් විරෝධී මත ජනගත කළ හාමුදුරුවරු දඬුකඳේ ගසා ඇත. දෛවයේ සරදම කියන්නේ ඒකටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දෙහිවල-නාරාහේන්පිට-අක්කරෙයිපත්තු පැති කීපයක් වහයි

Next Post

කොරෝනා මරණ 8ක්: දැන් 107යි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.