මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන ලෙස මරණ 13ක් අද (17) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 422කි.
ඉන් 409ක්ම වාර්තා වී ඇත්තේ කොවිඩ් දෙවැනි රැල්ලෙනි. ඒ, 2020 ඔක්තෝබර් මාසයෙන් පසුවය.










