කල්පිටිය පාලවිය කාර්තිව් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලක විදුහල්පතිවරයා අද (17) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
පාස්කු ප්‍රහාරය එල්ල කරනු ලැබූ සහරාන්ගේ කල්ලියේ සාමාජිකයන් කිහිප දෙනකු පාස්කු ප්‍රහාරයට පෙර මෙම මද්‍රසා පාසැලට පැමිණ අන්තවාදී ඉගැන්වීම් කර ඇති බවත්, ඒ සදහා මෙම විදුහල්පතිවරයා විසින් පහසුකම් ලබා දී තිබීමත් ඊට හේතු වී ඇති බව පැවසේ.
මෙහිදී ළමයින් 24 දෙනකුට අන්තවාදී ඉගැන්වීම් සිදු කර ඇති බව රහස් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.










