35 වන කොවිඩ් මරණය වාර්තා කරමින් 78 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.
රෝහලට ඇතුළත් කරන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් වශයෙන් තහවුරු වී තිබේ.











