මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදිකිරීම කටයුතු ලබන 17 වැනිදා ආරම්භ කිරීමට විදුලි බල මණ්ඩලය සැලසුම් කොට ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවිප්‍රාප්තියේ පළමු වසර සනිටුහන් කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.
මීට වසර 2කට පෙර මෙහි ආරම්භක කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබුණත් කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටලු හේතුකොටගෙන ව්‍යාපෘතිය අතරමග ඇනහිට තිබිණ.
කෙසේවෙතත් මෙම ගිවිසුම මේ සතියේ විදුලිබල මණ්ඩලය සහ ලක්දනවි ආයතනය අතර අස්සන් තැබෙනු ඇති බව දැනගන්නට ඇත.