තලවකැලේ හින්දු කොවිල අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුල බිලිදියක් අතහැර දමාගොස් තිබියදි සොයාගෙන එම බිලිදිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාර දුන් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය.
ත්‍රිරෝද රථය දිනපතා කොවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරිමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුල කුඩා දරුවෙකු හඩන ශබ්දය ඇසි ඒ පිලිබදව සොයා බැලිමේදි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක ඒ පිලිබදව තලවකැලේ පොලිසිය දැනුවත් කර ඇත.
දින 12-14 පමණ වයසැති බිලින්දිය මනා ශරිර සෞඛ්‍යයකින් සිටින බවත්, එම බිලිදියට තලවකැලේ පොලිස් නිලධාරිනියෙකුගෙන් මව් කිරි ලබා දි එම බිලින්දිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාරදුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ත්‍රිරෝද රථය තුල බිලින්දිය දමා ගිය අය පිලිබදව ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තලවකැලේ පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ලිදුලි ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කල බිලින්දිය වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.










